එසැණ පුවත්

විශ්වාසභංගයෙන් පරාජය වූ ඉම්රාන් ඛාන් පකිස්තාන අගමැති ධූරයෙන් ඉවතට

ආසන 342 කින් සමන්විත පකිස්ථාන පාර්ලිමේන්තුවේ බහුතරය අභිබවා යමින් ඡන්ද 174 ක් ලබාගැනීමට විපක්ෂ කණ්ඩායම් සමත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම සඳහා පකිස්ථාන පාර්ලිමේන්තුව හෙට දිනයේදී යළි රැස්වීමට නියමිතය.

රට තුළ ආර්ථික අර්බුද ඇතුලු කරුණු රැසකට ඉම්රාන් ඛාන් වග කිව යුතු බව දක්වමිනුයි පකිස්ථාන විපක්ෂය විසින් මෙම විශ්වාස භංග යෝජනාව ගෙන එනු ලැබීය.

පසුගිය ඉරිදා දිනයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වුවද පකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එය ඉවත දැමුණු අතර අනතුරුව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් කල ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපතිවරයාද කටයුතු කර තිබු​ණි.

කෙසේවෙතත් විපක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම තීරණය අභියෝගයට ලක් කරන්නට වූ අතර එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ විශ්වාසභංගය අත්හිටුවීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැණි බවටයි.

ඒ අනුව නැවතත් පාර්ලිමේන්තුව රැස්වී අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය දන්වා තිබුණි.

හෙට දිනයේදී තෝරා ගන්නා නව අගමැතිවරයාට ලබන වසරේ ඔක්තෝබර් මාසය දක්වා බලයේ රැඳී සිටිය හැකියි. අනතුරුව මහ මැතිවරණයෙන් නව රජයක් පත්විමට නියමිතයි.

මෙසේ විශ්වාසභංගය යෝජනාවකින් බලයෙන් පහ කරන ලද පළමු පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා බවට ඉම්රාන් ඛාන් පත්විය. ‍

Share

Recent Posts

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

4 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

16 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

20 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

22 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

22 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

22 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago