කැනඩාවේ විසූ සික් නායකයෙකු වන හර්දීප් සිං නිජ්ජාර් බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සික් කෝවිලක් අසලදී වෙඩි තබා ඝාතනය කරන කිරීම සම්බන්දයෙන් ඉන්දීය රජය සැක කරන බවට අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දීය රජය විසින් කැනේඩියානු විසා බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
පසුගිය සික් නායකයාගේ මරණය සම්බන්ධයෙන් අගමැති ටෘඩෝ ඉන්දියාවට චෝදනා කිරීමත් සමඟ දෙරට අතර හොඳ හිත පලුදු වූ අතර මෙම චෝදනාව ඉන්දියාව දැඩිව ප්‍රතික්ෂප කරමින් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi මේ සම්බන්දයෙන් ප්‍රකාශ කර තිබුණේ, කැනඩාව තම ජාත්‍යන්තර කීර්තිය ගැන කරදර විය යුතු බවත්, කැනඩාව මේවන විට ත්‍රස්තවාදීන්ට, අන්තවාදීන්ට හා සංවිධානාත්මක අපරාධ සඳහා තෝතැන්නක් බවට පත්ව ඇති බවත්ය.
Arindam Bagchi මහතා මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, කැනේඩියානු බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව, අපගේ මහ කොමසාරිස් කාර්යාලයේ සහ කොන්සල් කාර්යාලවල ක්‍රියාකාරිත්වය අඩාල කරන පරිසරයක් නිර්මාණය කිරීම හේතුවෙන් වීසා නිකුත් කිරීම හෝ වීසා සේවා සැපයීම තාවකාලිකව නතර කිරීමට සිදු ව ඇති බවයි.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කොටස් ද ඇතුළත් කරගනිමින් වෙනම සීක් නිජභූමියක් නිර්මාණය කිරීම අරමුණු කරගත් සීක් බෙදුම්වාදී ඉල්ලීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දියාව සලකයි. ඉන්දියාවේ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළක්වීමේ පනත (UAPA) යටතේ ඛලිස්තානය පිළිබඳ අදහස හා සම්බන්ධ කණ්ඩායම් ගණනාවක් “ත්‍රස්තවාදී සංවිධාන” ලෙස ලැයිස්තුගත කර ඇති අතර 2020 දී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් හර්දීප් සිං නිජ්ජාර්ගේ නම ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.
සශිකලා මධුෂාණි
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…