ලොව යන අත

දයාබර ඉන්දියාව, කරුණාකර ඔබේ දියණියන්ට භීෂණය සහ දූෂණය වෙනුවට ජීවිතය දෙන්න.!

අධිවේගී මාර්ගයක් යට තිබී ඇගේ සිරුර සොයාගැනීමට පැය කිහිපයකට පෙර ඇගේ සොයුරියට ලැබුණු අවසන් දුරකථන ඇමතුමෙන් කියැවුණේ මෙබන්දකි.

‘‘මට බයයි..!“

එයින් තවදුරටත් කියැවුණේ තමන්ව ආගන්තුකයන් කිහිප දෙනෙකු විසින් වටකරගෙන ඇති බව සහ, ඔවුන් තමන්ව අපහසුතාවයට පත් කරමින් සිටින බව ය. ඇය දුරකථන ඇමතුම ලබාදුන්නේ සුපුරුදු පරිදි සිය ස්කූටරය ගාල් කරන ගොඩනැගිල්ලේ රථගාලේ සිට ය.

‘‘මට බයයි. මම ඔයාට ආපහු කතා කරන්නම්…‘‘ ඇය සොයුරිය සමග තවදුරටත් කියා තිබේ.

එපමණකි.

ඉන්පසු ඇය අතුරුදහන් වූවාය.

පසුගිය බදාදා හවස ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ ෂාම්ෂාබාද් නුවර සායනයකට ගොස් ආපසු එමින් සිටියදී ප්‍රියංකා රෙඩ්ඩි නමැති මේ තරුණ පශුවෛද්‍යවරිය අතුරුදන් වූවාය.

අවසානයේ ඇගේ පිළිස්සුණු මළ සිරුර හමුවිය.

පොලිසිය සැක කරන්නේ ඇයව දූෂණයට ලක් කර පණ පිටින් පුළුස්සා දමා ඇති බව ය.

ඉන්දියාව දැන් කැළඹී තිබේ.

නැවත වරක්….

මේ ඉන්දියාව ය. එදා 2012 වසරේදී වෛද්‍ය ශිෂ්‍යාවක ගමන් කරමින් තිබූ බස් රියක් තුළදී සමූහ දූෂණය කර, අමානුෂික වධ බන්ධනවලට ලක් කර ඉන්පසු බසයෙන් විසිකර දැමූ ඉන්දියාව ය. දිල්ලි සමූහ දූෂණය – Delhi Gang Rape යනුවෙන් ලොව පුරාම ආන්දෝලනයක් ඇති කළ මේ සිදුවීම වාර්තා වුණේ අඳුරු දෙසැම්බරය අග ය. මේ තවත් එවැනිම දෙසැම්බරයක එළිපත්ත ය. හයිද්‍රාබාද් ප්‍රාන්තයේ අගනුවර වන තෙලඟනාවට, නවදිල්ලියේ සිට පැය 27 ක දුරක් තිබේ. නමුත් එකම දේ විවිධ ස්වරූපවලින් නැවත නැවතත් සිදුවෙමින් තිබේ.

සිය සොයුරියගෙන් නැවත දුරකථන ඇමතුමක් නොලැබුණු තැන ඇගේ පවුලේ අය ඇය සොයා එම ස්ථානයට ගිය බවත්, ඒ වන විටත් ඇය අතුරුදන් ව සිටි බවත් මේ වන විට හෙළිදරව් වී තිබේ.

පසුදින උදෑසන 7 ට පමණ පොලිසිය ඇගේ සිරුර සොයාගන්නේ නොපිළිස්සී ඉතිරි වී තිබූ ඇගේ ඇඳුම්වල ශේෂයන්ගෙනි.

අපරාධය සිදුවූ ස්ථානයෙන් සොයාගත් සාක්ෂි ඉඟි කළේ ස්ත්‍රී දූෂණයකින් පසු ඝාතනය ගැන ය. නමුත් යුවතියගේ සිරුර පිළිස්සී කර වී තිබූ හෙයින් ඒ බව සනාථ කර ගැනීම අපහසු යැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය පවසයි.

තෙලඟනාවේ ප්‍රබල දේශපාලකයෙක් සහ විපක්ෂ නායකයා වන චන්ද්‍රබාබු නායිදු විගස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පාපතරයන්ව වහාම නීතිය හමුවට ගෙන ආ යුතු බව ය. නමුත් මේ හා සමාන වදන් ලක්ෂ කීයක් ඉන්දියාව මේ සමාජමය ඛේදවාචකය සඳහා වැය කර තිබේද? ඉන්දියානු ගැහැණුන් ලක්ෂ කීයක් ස්ත්‍රියකට එරෙහිව කළ හැකි විශාලතම අපරාධය ලෙස සැලකෙන ස්ත්‍රී දූෂණයට එරෙහිව මේ දක්වා වීදි බැස තිබේද? මේ තත්වය වෙනස් වන්නට තව යුවතියන් ලක්ෂ කීයක් පාපතරයන්ට බිලි විය යුතුද?

එදා 23 හැවිරිදි ජ්‍යෝති සිං නොහොත් ‘නිර්භයා‘ව කෙළසා මරා දැමීමේ සිද්ධියෙන් පසු ඉන්දියාවේ කාන්තාවන්ට එරෙහි අපරාධ පිළිබඳ නීති සෑහෙන පරිදි ප්‍රබල විය. ලිංගික අපරාධ පිළිබඳ දඬුවම් දැඩි කෙරුණු අතර නඩු ඇසීම කඩිනම් කෙරිණි. වෙනකක් තබා ‘කාන්තාවන් පසුපස යාම‘ සහ ඔවුන්ගේ ‘දර්ශනයෙන් කාමුක ආශ්වාදයක් ලැබීම‘ (stalking and voyeurism) දක්වා ද ස්ත්‍රී දූෂණයේ අර්ථ දැක්වීම වැඩි දියුණු කෙරිණි.

නමුත් ඉන්දියාවේ දිනකට ස්ත්‍රීන් 5 දෙනෙක් බැගින් දිනපතා දූෂණය වේ. වසරකට ලිංගික අපරාධ සිදුවීම් 39,000 ක් බැගින් වාර්තා වෙයි.

රාෂ්ට්‍රීය ස්වායම්සේවක් සංග් යනු මෝදිගේ දැඩිමතධාරී හින්දුත්ව දර්ශනයේ පියා ලෙස සැලකෙන පක්ෂයයි. එළදෙනුන් සුරැකීම එම පක්ෂයේ එක් තේමා පාඨයකි. ඉඳින් මෝදිගේ ඉන්දියාවට එළදෙනක තරම්වත් ගැහැණිය නොවටින්නේද?

මේ, අතීතයේ කාන්තාව දේවත්වයෙන් පිදූ, මාතෘ දෙවඟන මුල්කරගෙන ලෝකය බිහිවී යැයි ඇදහූ ඉන්දියාවයි. ඒ අතරම කාම සූත්‍රය ලියූ වාත්ස්‍යාන විසූ ඉන්දියාවයි. ඒත් අතරම, වසර 20 ක් තිස්සේ Dilwale Dulhania Le Jayenge (1995) (‘සිත් ඇත්තා මනාලිය රැගෙන යයි‘) චිත්‍රපටය තවමත් තිරගත වන මුම්බායි මරතා මන්දිර් චිත්‍රපට ශාලාව ඇති ඉන්දියාවයි.

(ඉන්දීය) පිරිමින් ආදරය, රාගය සහ වියරුව අතර මංමුළා වී සිටින්නේද? සුන්දර වස්තුවකැයි පිරිමින් විසින්ම වර නැගූ, එනිසාම පිරිමින්ට ප්‍රිය වන ස්වරූපයෙන් සිටින්නට තැත් කරන ගැහැණියට මේ අත්වී තිබෙන ඉරණම දෛවයේ සරදමක් ද? අනෙක් අතට, පුරුෂයන් හිංසනයෙන්, බලහත්කාරයෙන් සහ ස්ත්‍රී මාංශයෙන් සතුටු වන තැනකට පත් කරන සමාජමය කාරණාවලට රට කරවන අය පිළියම් යොදන්නේ කවදාද?

දයාබර ඉන්දියාව, කරුණාකර ඔබේ දියණියන්ට භීෂණය සහ දූෂණය වෙනුවට ජීවිතය දෙන්න.

Cover Photo: Photo for representation (Getty Images)

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

11 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

12 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago