කෞතුකාගාරයකින් සොරකම් කළ රත්තරන් සහ දියමන්ති එබ්බවූ කෑම පෙට්ටියක් පිළිබඳ ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිසිය මේ වන විට විමර්ශන පවත්වමින් සිටියි.
මෙම සොරකම, ඉරිදා රාත්‍රියේ කරන්නට ඇතැයි සැලකේ.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට අනුව මෙම ස්ථානයේ තිබූ සීසීටීවී කැමරා ද සොරුන් විසින් විනාශ කර ඇති අතර, එහි කිසිදු පටිගතකිරීමක් ඉතිරි වී නැත. කෑම මංජුසාව බහා තිබූ වීදුරු දොර, ඉස්කුරුප්පු නියනක් යොදාගෙන සූක්ෂ්ම ලෙස ගළවා ඇති බව ද හෙළි වේ.
මෙය, එවකට ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස ද සැලකුණු, අවසාන නිසාම් මහරාජා වන මිර් ඔස්මාන් අලි ඛාන් ට අයත් කෑම මංජුසාවකි.
එය සොරකම් කරනු ලැබුවේ, මේ වන විට කෞතුකාගාරයක් බවට පත්ව ඇති නිසාම්ගේ රජ මාළිගයේ තිබියදී ය. මෙය නිසාම් කෞතුකාගාරය යනුවෙන් වත්මනෙහි හැඳින්වේ.
මෙම පවුලට අයත් රත්රන් අසිපතක් ද මෙයට වසර 10කට පමණ පෙර වෙනත් කෞතුකාගාරයකදී සොරාගෙන ඇත.
මෙම සොරුන් විසින් රූබි සහ රත්තරන් තේ පෝච්චි කට්ටලයක් ද සොරාගෙන ඇත. කිලෝ 3 ක පමණ බරකින් යුක්ත මෙහි වටිනාකම ඩොලර් මිලියන 7 ක් පමණ වේ.
මිර් ඔස්මාන් අලි ඛාන් ප්‍රාදේශීය ‘මහරාජා‘ වරයෙකු වශයෙන් සිට මරණයට පත්වූයේ 1967 වසරේදී ය. ලෝක ප්‍රකට ජේකබ්ගේ දියමන්තිය මෙම රජුගේ වස්තු සම්භාරය අතර කැපී පෙනුණකි. එය බිත්තරයක් පමණ විශාල ය. අති දුර්ලභ ආභරණ එකතුවක් ද මෙම රජුට අයත් ව තිබිණි.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…