පොර කුකුළෙකුගේ පාදයකට පිහියා හෝ බ්ලේඩ් තල ගැට ගසමින් තවත් කුකුළෙකු සමග කොටවා, එක් සතෙකු බරපතළ තුවාල ලැබීම හෝ මිය යාම නරඹමින් අමානුෂික ලෙස සතුටු වීම මෙහිදී සිදු වේ.
කෙසේ නමුත් දකුණු ඉන්දියාවේ කුකුළන් කෙටවීමකදී පොර කුකුළාගේ පයේ බැඳ තිබූ පිහිය අවසානයේ නතර වී තිබෙන්නේ එම කුකුළාගේ හිමිකරුගේ කටිය (ඉකිළිය) ප්රදේශයේය. එයින් බරපතළ කැපුම් තුවාළ ඇති වෙද්දී කුකුළා පළා ගිය අතර, පෙර කී පුද්ගලයා අධික ලේ වහනය නිසා රෝහල් ගත කිරීමට ද පෙර මිය ගොස් තිබේ.
මෙම සිද්ධිය වාර්තා වන්නේ තෙළඟනා ප්‍ර දේශයෙනි. ලොතුනුර් නමැති ගම්මානයේදී සිදුකළ මෙම කුකුළන් කෙටවීමේ තරගය සංවිධානය කිරීමට 16 දෙනෙක් පමණ මුල් වී තිබේ. මේ වන විට ඉතිරි 15 දෙනා සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත.
තෙළගනා, අන්ද්‍රා ප්‍රදේශ්, කර්ණාටක සහ ඔඩිස්සා ප්‍රාන්තවල තවමත් නීතිමය තහනම නොතකා ජයටම කුකුල් කෙටවිල්ල සිදුකෙරෙන බව පවසන්නේ ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවයයි. පොර කුකුළන් මේ පළාත්වල විශේෂයෙන් ඇතිදැඩි කරන අතර, උන්ගේ පාදවලට අඟල් 3 ක් පමණ දිග පිහියා ගැට ගසමින් උන්ව අනාගත තරග සඳහා පුහුණු කිරීම ද සුලබ බව අනාවරණය වේ. සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධතා මැද ඉන්දියාවේ කුකුළන් දහස් ගණනක් මෙම කුකුළන් කෙටවීම හේතුවෙන් වාර්ෂිකව මරණයට පත් වීම ද සිදු වේ.
පයේ පිහියක් බඳින ලද කුකුළා, වාසනාවකට මෙන් පොලිසිය විසින් අල්ලාගෙන ඇති අතර, උගේ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ තබා ඇති බව ද වාර්තා වේ. එසේ නොවී, කෝපාවිෂ්ට ගම්වැසියන්ට හසු වුණා නම් කුකුළා මේ වන විට සිටිනු ඇත්තේ පරලොව ය.
දැන් පෙර කී පුද්ගලයා මිය යාම හේතුවෙන් මිනීමැරුම් චෝදනා නගා තිබේ.
කුකුළාටද? නැත. නීති විරෝධී කුකුල් කෙටවිල්ල සංවිධානය කළ, දැන් පළා ගොස් සිටින සෙසු 15 දෙනාට ය.
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…