මේ අනුව තම ස්වාමියා මරා පෙම්වතාට ස්වාමියාගේ පෙනුම ලබා දෙන්නට ඔහුව ප්ලාස්ටික් සැත්කමකට යොමු කළ මෙම කාන්තාව ඉන්දියාවේ තෙළගානා ප්‍රාන්තයේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ. තමන් විවාහක වුවත් විවාහක සැමියාගෙන් මිදී තමන් හා පෙමින් බැදුණ සිය පෙම්වතාව කෙසේ හෝ විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කළ ස්වාති රෙඩ්ඩි නැමති තෙළිගු කාන්තාව ඊට කදිම උපායක් කල්පනා කළාය.
ඒ අනුව පළමුව ඈ සිය පෙම්වතා සමග එක් වී සිය විවාහක ස්වාමියා මරා දමා ඇත. ඉන් නොනැවතුණ ඈට අවශ්‍ය වූයේ ඊට සමාජයෙන් එල්ල වන තර්ජනයන් හා චෝදනා වලින් බේරී තවමත් තමන් විවාහක සැමියා සමග ජීවත් වන බව ලෝකයට පෙන්වීමටය. ඒ සඳහා ඈ තම පෙම්වතාට සිය ස්වාමියගේ මුහුණම ලබා දෙන්නට තීරණය කර ඇති අතර ඒ සදහා ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී ඊට අවශ්‍ය ප්ලාස්ටික් සැත්කම සිදු කර ඇත. ඒ අනුව ඈ තම විවාහක ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට සහ පවුලේ උදවියට පවසා ඇත්තේ තම සැමියා හදිසියේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ බවත් ඉන් හානි වූ මුහුණ නැවත යථා තත්ත්වයට පත්කර ගන්නට ඔහුට ප්ලාසස්ටික් සැත්කමක් සිදු කරන්නට සිදුව ඇති බවත්ය. ඒ අනුව කෘතිමව සිදු කළ මුහුණේ පිළිස්සුම් තුවාල ද සහිතව පෙම්වතාව රෝහල් ගත කර ඒ ඇසිඩ් ප්‍රහාරයට ලක් වී සැත්කමට භාජනය කලේ සැමියාට බව සියල්ලන්ට පවසා ඇත. ඇගේ කථාවට රැවටුණ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වූ සුදාකර් රෙඩ්ඩිගේ මව්පියන් තම පුතා යැයි රැවටී සැත්කම සදහා වූ රෝහල් ගාස්තු වන ලක්ෂ 05 ක මුදලක් ගෙවා ඇත.
ඈ තම විවාහක ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට සහ පවුලේ උදවියට පවසා ඇත්තේ තම සැමියා හදිසියේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ බවත් ඉන් හානි වූ මුහුණ නැවත යථා තත්ත්වයට පත්කර ගන්නට ඔහුට ප්ලාසස්ටික් සැත්කමක් සිදු කරන්නට සිදුව ඇති බවත්ය.
නමුත් හිටි හැටියේ ඔවුන් දෙදනොගේ පිටපත වෙනස් වී ඇති අතර හදිසියේම රෝහලට කඩා වැදුණ නිත්‍යානුකූල ස්වාමියාගේ සොහොයුරු විසින් මේ සිටින්නේ තමන්ගේ සොහොයුරා නොවන බව හදුනා ගෙන ඇත. ඒ අනුව කාන්තාව සහ ඇගේ පෙම්වතා විසින් ගෙතූ අපූරු කථාව නොසිතූ අයුරින් වෙනස් මගක් ගෙන ඇති අතර මේ සිටින්නේ තම සොහොයුරා නොවන බව පවසමින් ඔහු පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පෙම්වතාගේ ඇගිළ සලකුණු නිත්‍යානුකූල සැමියාගේ ඇගිලි සළකුණු සමග සැසදීමට තෙළගානා පොලීසිය විසින් කටයුතු තර ඇති අතර එහිදී මේ සිටින්නේ අදාල කාන්තාවගේ නීත්‍යනුකූල සැමියා නොව වෙනත් අයෙකු බවට හදුනාගෙන ඇත. ඒත් සමග ඉන්දීය පොලිසිය විසින් අදාල කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඈ තමන් පෙම්වතා සමග එක්ව සිය සැමියා ඝාතනය කල බවට පාපොච්චාරණය කර ඇත. ඒ අනුව පොලිසිය විසින් පෙම්වතාද අත් අඩංගුවට ගැනීමට තීරණය කර ඇත. පොලීසිය පවසා සිටින්නේ හදිසියේ ම රෝහලට කඩා වැදුණ නිත්‍යනුකූල සැමියාගේ සොහොයුරා නොවන්නට අදද මෙම කුමන්ත්‍රණය ගැන සත්‍යය අනාවරණය නොවනු ඇති බවයි .
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!