ඉන්දුනීසියාවේ ළමුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමත් සමඟ රට තුළ සියලුම සිරප් වර්ග හා දියර ඖෂධ අළෙවිය තහනම් කර ඇති බව වාර්තා වේ.
ඉන්දුනීසියාවේ රජයේ නිල වාර්තාවන්ට අනුව සිරප් වර්ග හේතුවෙන් දරුවන් 99 දෙනෙකකු මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ වලින් අනාවරණයව ඇත්තේ දරුවන් විසින් පානය කරන ලද දියරමය ඹෟෂධ හා සිරප් වල වකුගඩු ආබාධවලට සම්බන්ධ ඇතැම් සංඝටක අඩංගු බවයි. මේ හේතුවෙන් රට තුළ සිරප් භාවිතය නතර කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
මෙම ඹෟෂධ ආනයනය කළේද නැතිනම් දේශීයව නිෂ්පාදනය කළ ඒවාද යන්න පැහැදිලි නැත. ඉන්දුනීසියානු සෞඛ්‍ය නිලධාරීන් වාර්තා කර තිබුණේ ළමුන් තුළ උග්‍ර වකුගඩු ආබාධය සහිත රෝගීන් 200 ක් පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු පහට අඩු අය බවයි.
මෙම මස මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගැම්බියාවේ ළමුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් මියයාමට සම්බන්ධ ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් හතරක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ අතර මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වූයේ ඉන්දියානු ඖෂධ සමාගමක් විසින් සාදන ලද සිරප් වල ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් පිළිගත නොහැකි ප්‍රමාණ වලින් අඩංගු බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා අද දවසේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ දේශීයව භාවිතා කරන සමහර ඖෂධවල ද එම රසායනික සංයෝග හමු වූ බවයි.
සශිකලා මධුෂාණී_
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…