පරිසර

ඉන්දුනීසියාවේ දිය යට දෙව්විමන් – BBC Planet Earth Series

මුළු කැරිබියන් මුහුදේම දැකිය හැකි සෑම වර්ගයකම පාහේ මසුන් ජීවත්වන වෙන් වෙන් කොරල්පර, ඉන්දුනීසියාවේ දැකිය හැකිය. මෙහි වෙසෙන කොරල් ජීවී විශේෂ ගණනද, ලොවේ අන් සෑම තැනකටම වඩා දස ගුණයකින් වැඩි ය. මේ ජලතීරයන් හි මෙකී අති සුන්දර කොරල්පර පොහොසත් ව වැඩෙනුයේ, ක්ෂුද්‍ර පැළෑටි (මයික්‍රොස්කෝපික් ප්ලාන්ට්ස්) සහ ඇල්ගී සමගිනි. මේ වර්ග දෙකම පොලිප්ස් හෙවත් කොරල් ජීවීන්ගේ පටක අභ්‍යන්තරයේ වර්ධනය වන දේවල් බව දැන සිටින්නේ අල්පයක් දෙනා පමණි.

Netral English

කොරල් ජීවීන් වර්ධනය වන අයුරු දැකීම චමත්කාර දසුනකි. උන් අංකුර සහිත ය. කෙඳිද සහිත ය. හරියට, දළු දමන කුඩා ගස් මෙනි. එසේත් නැති නම් පෙති දිග හරින මල් මෙනි. උන් එසේ වැඩෙන්නට පෝෂණය ලබාගන්නේ තමා අසලින් පාවී යන කෑම අංශු ග්‍රහණය කර ගැනීමෙනි.

Orange gorgonian sea fan with white polyps, Bali, Indonesia.

මේ අතර රාත්‍රියේදී කොරල් පර පරිසර පද්ධතියේ මැවෙන නිශාචර චමත්කාරය ද අපූරු ය. හිරු එළිය නැති හෙයින් ඇල්ගී අක්‍රිය වෙයි. නමුත් එවිට පොලිප්ස් ජීවීහු, වැඩි වැඩියෙන් සිය ග්‍රාහිකා විදහා ගනිති. එවිට බලා සිටියදී කොරල් පරය ස්‍රාවය වෙයි. ඇත්තෙන්ම කොරල්පර යනු මෙම කොරල් ජීවීන්ගේ කැල්සිනීයභූත පිට සැකිල්ලයි. ග්‍රාහිකා වටා කැල්සියම් කාබනේට් අංශූ තැන්පත් වීමෙනි, එය තැනෙනුයේ. ගල් මල් කියා කියන්නේ ද කොරල්පර වලට ම ය. ගල්මල්වල ඉතා ළඟින් ළඟින් කුඩා සිදුරු පිහිටා තිබෙන ආකාරය ඔබ දැක තිබෙනවාද? ඒ එක් එක් සිදුරු සලකුණකින් සංකේතවත් වන්නේ එක් කොරල් ජීවියෙක් හෙවත් එක් පොලිප්ස් ජීවියෙකි.

දහවලට ඇල්ගීවලට ඉඩ දීමත්, රාත්‍රියට පොලිප්ස්ලාට ඉඩ දීමත් මගින් මෙසේ ඇති කර ගන්නා සහජීවන බැඳීම, මේ ජීවීන් දෙපිරිසටම වාසිදායක ය. මුඩු මුහුද, සරුසාර මුහුදු කෙම්බිමක් බවට පරිවර්තනය වනුයේ මේ නිසා ය.

මෙසේ තැනෙන මුහුදු උයන්වල හැමදෙයක්ම ඉතා කුඩා ය. යමක් හරි හැටි දැකීම සඳහා සමීප දසුනක් අත්‍යවශ්‍ය වේ. නමුත් මේ සමීප දසුන අති සුන්දර ය. අති මනරම් ය.

මුහුද යට හංදිය

ඉන්දුනීසියාව අසබඩ මුහුදේදී ඒ අසිරිය ප්‍රගුණනය වෙයි. එයට විශේෂ හේතුවක් තිබේ. ඉන්දුනීසියනු කොරල්පර පිහිටා තිබෙන්නේ යෝධ හරස්පාරක ය. එනම්, ඉන්දියන් සාගරය සහ ශාන්තිකර සාගරය හෙවත් පැසිෆික් සාගරය එකිනෙක හමුවන ස්ථානයේ ය.

විජිනිපතක් සේ විහිදෙන මේ මුහුදු පත්ලේ තැනෙන කොරල්පරවල මතුපිටම සිටිනුයේ බැලූ බැල්මට කොරල්පර මෙන් පෙනෙන, නමුත් කොරල් ජීවීන් නොවන ජීවීන් වර්ග දෙකකි. එක් වර්ගයක් නම්, පිග්මි වර්ගයේ මුහුදු අශ්වයන් ය. උහු ලොව කුඩාම මුහුදු අශ්වයෝ වෙති. උන් උසින් සෙන්ටිමීටර දෙකකටත් අඩු ය. සුදුපැහැ දේහය, අශ්වාකාරය තනන අංකුරයෙන් වෙන් කර හඳුනාගත හැක්කේ රතු පැහැය නිසා ය. නමුත් මීට වඩා වෙනස්ව, විවිධාකාර වර්ණ දරන මුුහුදු අශ්වයෝ ද මේ සයුරු පත්ලේ නොමදව වෙසෙති. පහත දැක්වෙන කහ පැහැති හාදයා එවැනි අයෙකි.

Sea Horses

පිරිමි මුහුදු අශ්වයන් කලහකාරී ය. නිතරම සිය ඉසව් වෙන්කර තබාගැනීම සඳහා ආරාවුල්වල යෙදෙති. උන් එකිනෙකා සමග සැබවින්ම රණ්ඩු දබර කර ගනිති. ගුටි බැට ඇන ගනිති. එම ගුටි ඇන ගන්නා අයුරු ද අසිරිමත් ය. උන් කරන්නේ සිය හිසෙන් අනෙකා ට පහර දීමයි.

මේ අතර, තද රතු පැහැති අකුණු සැරයක් වැනි ජීවියෙක් ද කොරල්පරවල වෙසෙයි. ඌ අකුණු සැරයක්ද? ඇත්තෙන්ම නැත. එය මට්ටියෙකුගේ (ෆයිල් කාල්ම්) ප්‍රදර්ශනාත්මක හැසිරීමකි. රතු පැහති ග්‍රාහිකා පිරිවරාගත් මෙම කහ පැහැති මට්ටීන්ගේ දැකිය හැකි විද්‍යුත් පුංජ පිටවීම, උන්ගේ මාංශමය ප්‍රාවරණය (මෙන්ටල්) තුළ සිදුවන්නකි. එය තමන්ව කඩ කඩ කොට කෑමට බලා සිටිනා මත්ස්‍යයන්ගෙන් බේරීම සඳහා වන අපූරු අනතුරු ඇඟවීමේ පද්ධතියක් ලෙස ට සැලකෙයි. නමුත් මේ විද්‍යුත් හැසිරීම හරියට ම කුමක් පිණිසදැයි කවුරුන් දනිත් ද…?

කවරයේ ඡායාරූපය – Pinterest

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

6 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

7 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

7 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

8 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

23 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago