චරිත

පාකිස්ථානයේ නොමියෙන ළමා වීරයා – ඉක්බාල් මසීහ්

එහෙම කළේ පුතාට ආදරය නැති කමකටත් වඩා අසරණ කමට. එයින් අවුරුදු 38 ක් ගිය තැන, ඒ පුතා ළඟ ලෝකයටම කියන්න ලොකු කතාවක් තිබුණා. වැදගත්ම දෙය, ඒ වන විට ඒ කතාව අසන්නට මුළු ලෝකයම සැදී පැහැදී සිටියා. මේ, ඉක්බාල් මසීහ්ගේ කතාවයි.

Uh!tla

ඉක්බාල් මසීහ් ඉපදුණේ 1983 අවුරුද්දේ පාකිස්ථානයේ අන්ත දිළිඳු පවුලක. ඔහුගේ පියා ඔහුව විකුණා දමන්නේ දැඩි සේ රෝගාතුර වී සිටි ඔහුගේ මවට වෙදකම් කරන්නට සල්ලි හොයාගන්නටයි.

එදා ඉක්බාල්ගේ මිල වුණේ ඩොලර් 12 ක්.

ඉක්බාල් ව මිලදී ගත් කෙනා පුංචි ඉක්බාල් ව කාපට් කම්හලක රැකියාවට යැව්වා. ඒක කම්හලකට වඩා වහල් ෆැක්ටරියක් කිව්වොත් නිවැරදියි. ඔහු ළමා වහලෙක් බවට පත් වුණා.

දවසට පැය 12 බැගින් දවස් 7 ම ඔහු වැඩ කළ යුතු වුණා. දවසටම ලැබුණේ විනාඩි 30 ක විවේකයක් විතරයි. දවසක වේතනය සත 3 යි. පුංචි ඉක්බාල් වගේ තවත් දරුවන් ඒ කම්හලේ සිටියා. ඔවුන් විටෙක දම්වැල්වලින් ගැට ගසා තිබුණේ පැන යාම වළක්වන්නටයි.

පියා ඇවිත් ණය පියවන තෙක් ඔහු වහල් සේවයේ සිටිය යුතුයි. එය තමයි, කොන්දේසිය.

නමුත් ණය පියවෙන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වෙනුවට ණය එන්න එන්නම විශාල වුණා. හේතුව, පොලිය එකතු වීම…

අන්තිමට ඉක්බාල්ට දැනගන්නට ලැබෙනවා, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ළමා වහල් සේවය රට තුළ නීති විරෝධී කර තිබෙන බව. අවුරුදු 10 දී, ඒ කියන්නෙ වහල් සේවයෙන් අවුරුදු 6කට පසුව ඔහු පැනයන්නට උත්සාහ කරනවා.

පළමු උත්සාහය අසාර්ථකයි. ඔහුව හසු වෙනවා. නැවතත් බුමුතුරුණු කම්හලේ හිමියා වෙතම ගෙන එනවා.

ඒක කළේ පොලිසිය. ඇත්තමට ඉක්බාල් පළමු වතාවේ පැන යන විට පොලිසියට ගොස් ඒ පුද්ගලයා කම්හලේ සේවය කරන ළමුන්ට කොයි තරම් නරක ආකාරයෙන් තළමින් හිරිහැර කරනවාද කියා පොලිසියට කිව්වා. නමුත් පොලිස් භටයා කම්හල් හිමියාගේ මිතුරෙක්. ඉක්බාල්ට නැවතත් පුරුදු අපායටම යන්නට සිද්ධ වෙන්නේ ඒ නිසයි.

AP

පැන ගොස් හසුවූ නිසා ඉක්බාල්ට වැඩියෙන් පහර කන්නට සිද්ධ වෙනවා. ඊට අමතරව අලුත් දඬුවමකුත් ලැබෙනවා. ඔහුට වැඩි හරියක් සිද්ධ වුණේ සාගින්නේ සිටිමින් වැඩ කරන්නටයි.

පොලිස් භටයාගේ උපදෙස්වලට අනුව ඉක්බාල් ව කාපට් යන්ත්‍රයටම තබා දම්වැලකින් බඳින්නටත් කම්හල් හිමියා පසුබට වන්නේ නැහැ.

නමුත් ඉක්බාල් දෙවැනි වතාවටත් පැන යන්නට සමත් වෙනවා.

ඒ වතාවේ ඔහු නතර වෙන්නේ වහල් දරුවන් ව සිට, පළා ගිය දරුවන් වෙනුවෙන්ම වෙන් වූ පාසලක.

ඉක්බාල් අති දක්ෂ දරුවෙක්. ඔහුට වෙහෙස වී වැඩ කිරීම ගැන අමුතුවෙන් කියා දෙන්නට දෙයක් තිබුණේ නැහැ. ඔහු මේ පාසලේදී අවුරුදු 4 ක පාඨමාලාව අවුරුදු 2 න් සම්පූර්ණ කරනවා.

Iqbal Masih – Solidaridad.net

එදා පටන් ළමා වහල් සේවය ලෝකයෙන් තුරන් කිරීම ඔහුගේ ජීවිතයේ එකම සටන් පාඨය වුණා. ඔහු ලොව පුරා යමින් තමන්ගේ අත්දැකීම් ගැන කතා කරන්නට පටන් ගත්තා. මුළු ලෝකයම ඔහු ගැන සෙමෙන් සෙමෙන් දැන ගත්තා.

වයස අවුරුදු 12 වන විට ඉක්බාල්, පාකිස්ථානයේ ළමා වහල් සේවයට එරෙහිව ක්‍රියාකරන පෙරමුණක ප්‍රධාන නායකයෙක් බවට පත්වුණා.

ඔහු ස්වීඩනයට සහ ඇමරිකාවට ගියා. ළමා වහල් සේවය ලෝකයෙන් තුරන් කිරීම ගැන කතා කළා. ඔහුට උවමනා වුණේ නීතීඥයෙක් වෙන්නයි. මේ ලෝකයේ අයුක්තිය, අසාධාරණය ගැන වයසට වඩා දැනුමක් ඔහුට තිබුණා. ළමා වහල් සේවය මුලිනුපුටා දැමූ ලෝකයක් ගැන ඔහු සිහින මැව්වා.

1994 වසරේදී ඉක්බාල්, ඇමරිකාවේ බොස්ටන් නගරයේදී රීබොක් මානව හිමිකම් ත්‍යාගය දිනා ගත්තා.

Famous People

නමුත් අවසානයේ, 1965 අප්‍රේල් 16 වැනිදා ඔහුව මරා දැමුණා. ඒ වන විට ඔහුගේ වයස යන්තමින් අවුරුදු 12 යි. ඔහු ඇමරිකාවට ගොස් ආපසු නිවසට එමින් සිටින අතරවාරයේ හෙරොයින්වලට ඇබ්බැහි වී සිටි අෂ්රෆ් හීරෝ නමැති පුද්ගලයෙක් ඔහුට වෙඩි තබනවා.

මේ මරණය සිදුකරවා තිබනේනේ ළමා වහල් සේවය අවසන් කිරීමට වැඩ කිරීම නිසා ඔහු ගැන වෛරයෙන් පසුවූ ව්‍යාපාරිකයෙක් විසින් බව පසුව හෙළි වුණා.

Vimeo

ඉක්බාල් සදහටම දෙනෙත් පියා ගත්තා.

නමුත් ඉක්බාල් මේ දුෂ්ට ලෝකය වෙනස් කරන්නට ගෙන ගිය අරගලය අපතේ ගොස් තිබුණේ නැහැ. ඔහුගේ මරණින් පසු එය තවත් ශක්තිමත් වූ බව කිව හැකියි. කැනඩාවේ ‘ෆ්‍රී ද චිල්රන්‘ වැනි සංවිධාන ඉක්බාල්ගේ සිහිනය සැබෑ කරන්නට ඇප කැප වුණා. ඔවුන් ඉක්බාල් ෂහීඩ් ළමා පදනම පිහිටෙව්වා. පාකිස්ථානය පුරා ළමා වහලුන් වෙනුවෙන් පාසල් 20 ක් එමගින් ආරම්භ කළා.

sarahinsouthkorea | දකුණු කොරියාවේ ඉක්බාල් වෙනුවෙන් තැනුණු ප්‍රතිමාවක්

අද සිටියා නම් ඉක්බාල්ගේ වයස අවුරුදු 36 ක්.

මේ, අද ලෝකයට වඩ වඩාත් ඉක්බාල් ලා අවශ්‍ය වී තිබෙන යුගයක්.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

9 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

12 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

21 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

21 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago