ගෝලීය බලශක්ති සැපයුම් දාමය අදේශපාලනික විය යුතු බවට ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය බිජන් සන්ගනෙහ් පවසයි.
ඉරාන අයිආර්එන්ඒ පුවත් සේවයට අනුව, එරට ඛනිජ තෙල් අමාත්‍යවරයා අද (02) මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත.
බලශක්ති වෙළඳපල අදේශපාලනික විය යුතු බවත්, එමඟින් අනවශ්‍ය, නීතිවිරෝධී හා බහුපාර්ශ්වික මැදිහත් වීම් වළක්වා ලිය යුතු බවත් අවධාරණය කරන ඒ මහතා රුසියාවේ මොස්කව් නගරයේ පෙට්‍රෝලියම් ගෑස් අපනයන රටවල් සංසදය (Gas Exporting Countries Forum: GECF) ට සහභාගී වීමට නියමිතය.
පසුගිය දිනක සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගෝලීය තෙල් සැපයුම් දාමය හා තෙල් මිලට ප්‍රභල බලපෑමක් එල්ල වූ අතර, යෙමනයේ ඉරාන හිතවාදී හවුතිවරුන් විසින් එම ප්‍රහාරයේ වගකීම භාරගන්නා ලදී.
මෙම සිදුවීම සමඟ ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය බොහෝ සෙයින් යොමුවූ අතර, බොහෝ පාර්ශව චෝදනා එල්ල කර සිටියේ ඉරානය වෙතයි. ඇමරිකාව වැනි රටවල් ඉරානය මෙයට සෘජුව වගකිව යුතු බවට ප්‍රකාශ කරන ලද අතර ඇතැම් බ්‍රිතාන්‍යය වැනි රාජ්‍යයන් ප්‍රකාශ කර සිටියේ නිසි විමර්ශනයකින් තොරව යම් පාර්ශවයකට චෝදනා එල්ල කිරීම නුසුදුසු බවයි.
මීට අමතරව, සවුදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාර මර්දනය කරන ඇන්ටි-ඩ්‍රෝන අවි ලබාදීමට ද රුසියාව තම කැමැත්ත පළකර ද තිබිණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…