ඉකුත් දින ඉරාන ආගමික සදාචාර පොලීසියේ (Religious Morality Police) රැඳවුම්භාරයේ සිටියදී අභිරහස් ලෙස මරණයට පත්වූ මාහ්සා අමීනිට යුක්තිය ඉල්ලා ඉරාන රජයට විරුද්ධව රැගෙන යන ජන අරගලය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතී.
මෙම ජන අරගලයට පිළිබඳව ඉරානයේ අතිඋතුම් නායක අයතොල්ලා අලි ඛමෙනෙයි පවසන්නේ, මෙම අරගල ඉරානයේ නවමු සංවර්ධන වැඩපිළිවෙල සහ ව්‍යාපෘති අඩපණ කිරීම සඳහා සතුරා විසින් නිර්මාණය කරන ලද කඩාකප්පල්කාරී කැරැල්ලක් බවයි.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන තස්නිම් අද (12) දින වාර්තා කරන අන්දමට, මෙම ජන අරගල ඉරාන දේශයේ විශිෂ්ටත්වය විනාශ කිරීම සඳහා සතුරා විසින් නිර්මාණය කරන ලද බොලඳ සහ සක්‍රිය නොවන කැරලි බව එරට අයතොල්ලා නායකතුමා පවසා සිටියි.
පසුගිය සති කිහිපය පුරාවටම ඉරාන රජයට විරෝධය පාමින් ජන අරගල දියත් වෙමින් පැවතිය අතර, මීට ප්‍රධාන හේතුව වී තිබුණේ එරට රජයේ මර්දනකාරී ක්‍රියාපිළිවෙතයි.
ඉරානයේ ඉස්ලාම් ආගමික පිළිවෙත් නිවැරදිව අනුගමනය නොකිරීම මත අත්අඩංගුවට පත්ව ඉකුත් සැප්තැම්බර් 16 වන දින සැකසහිත හේතු මත මරණයට පත්වූ මාහ්සා අමීනි නම් 22 හැවිැරිදි තරුණිය වෙනුවෙන් මෙම ජන අරගල තවතවත් උත්සන්න විය.
ඉරාන ආගමික සදාචාර පොලීසිය විසින් මාහ්සා අත්අඩංගුවට ගැනෙන්නේ ඈ හිජාබය නිවැරදිව පැළඳ නොසිටීමේ චෝදනාව මතය. හිජාබය පැළඳීමේදී හිසකේ පිටතට විවෘත වන සේ ඈ එම ඇඳුම හැඳ සිටීම මත ඈ අත්අඩංගුවට පත් විය.
ඉකුත් සැප්තැම්බර් 16 වන දින මාහ්සා අමීනි මියයන්නේ ඉරානයේ ටෙහෙරාන් අගනුවර රෝහලක ය. ඇගේ මරණය සැකසහිත බවත් ඈ පෙනී සිටි දෑ වෙනුවෙන් ඈට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවත් අරගලකරුවෝ පෙන්වා දෙති.
මාහ්සා ගේ පවුලේ සාමාජිකයන්ට මේ වන විට මරණ තර්ජන පවා එල්ල වන බව ඈගේ ඥාති සහෝදරයන් විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.
Isuru Parakrama
ඡායාරූප : අන්තර්ජාලය
සබැඳි ලිපි :
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.