ඉරානයේ ප්‍රභූ ආරක්ෂක බලකායේ ප්‍රධානී මෙන්ම කූඩ්ස් බලකායේ ප්‍රධානියා වන ජෙනරාල් ක්වෝ සුලෙයිමානි අද බැග්ඩෑඩයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිදු කළ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකදී ඝාතනයට ලක් කර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්ථා කරයි.
ප්‍රහාරය සහ ඔහුගේ මරණය සනාථ කරමින් ප්‍රකාශයක් නිකුත් කරන පෙන්ටගනය සහ ධවල මන්දිරය ප්‍රහාරය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මඟපෙන්වීම යටතේ සිදු කළ බවට ප්‍රකාශ කරයි. ඉරානය විසින් සැළසුම් කර ඇතැයි කියනු ලබන අනාගත ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් ඇමරිකාව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයට විරෝධය දක්මින් ඉරාන විදේශ ඇමති ජවාඩ් ෂරීෆ් පවසන්නේ ඇමරිකාවේ මෙම හැසිරීම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තවත් එක් ක්‍රියාවක් බවයි.
” එක්සත් ජනපදය එහි ව්‍යාජ වික්‍රමාන්විතයේ සියළු ප්‍රතිවිපාක සදහා වගකීම දැරිය යුතු බව ඔහු පවසයි.
ඉරාක නිළධාරීන් සහ රාජ්‍ය රූපවාහිනිය වාර්ථා කරන පරිදි සුලෙයිමානි හැරුණ විට ඉරාක මිලිෂීයා කමාන්ඩර් අබු මහඩි අල් මහන්දිස් ද ඇමරිකානු මෙහෙයුමේදී මිය ගිය බවයි.
මෙම නිළධාරීන් බැග්ඩාඩ් ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි අධි ආරක්ෂිත වාහන දෙකක් වෙත ඇමරිකානු රොකට් ප්‍රහාර එල්ල කර ඇත. මෙම නිළධාරීන් ඇතුළ තවත් පසු දෙනෙක් ඇමරිකානු මෙහෙයුමේදී මිය ගොස් ඇති බවට වාර්ථා වේ.
ප්‍රහාරයෙන් පසු ඇමරිකානු ජනපති සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ ඇමරිකානු ධජයයේ ඡායාරූපයක් පළ කර ඇත.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.