බ්‍රසීලයේ පසුගිය ඔක්තෝම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ නව ජනාධිපති වශයෙන් හෙට දිනයේ දී පදවි ප්‍රාප්තිය ලබන ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ උත්සවය මගහැර ෆ්ලොරිඩාහි ඔර්ලන්ඩෝ වෙත ගොස් ඇති බව වාර්තා වේ.
බොල්සොනාරෝ ඊයේ දිනයේදී බ්‍රසීලයෙන් පිටත්ව ගොස් ඇති අතර, සිය අනුගාමිකයන් අමතමින් හිටපු ජනාධිපති බොල්සනාරෝ ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය පරාජය වූ නමුත් යුද්ධය අවසන් නොවන බවයි. එමෙන්ම බොල්සොනාරෝ නැවත නැවතත් ප්‍රකාශ කර තිබුණේ සමාරම්භක උත්සවයේදී ලූලාට ජනාධිපති ඇඳුම ලබා දීමට තමාට අවශ්‍ය නොවන බවයි.
මේ වන විට බ්‍රසීලයේ උප ජනාධිපති හැමිල්ටන් මුරාඕ තාවකාලිකව රටේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර, නව ජනාධිපතිවරයා වශයෙන් ජනවාර් 01වන දින වාමාවාදී ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වැඩ භාර ගැනීමට නියමිතය. මේ වන බොල්සනාරෝගේ ආධාර කරුවන් විසින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ආරම්භ කර ඇති හෙයින් අගනුවර ගිණිඅවි තාවකාලිකව තහන්ම් කර ඇත.
මීට අමතරව බොහෝ විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ බොල්සනාරෝගේ ජනාධිපති මුක්තිය අවසන් වීමත් සමඟ නීතිමය අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවයි. එනම් රහස්‍ය තොරතුරු මුදා හැරීම සහ පොලිස් පරීක්ෂණයකට අනිසි ලෙස මැදිහත් වීම යන චෝදනා සම්බන්ධයෙන් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇත.
සශිකලා මධුෂාණී_
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!