ගොසිප්

බීබර් ගෑවෙමින් Diddy ගේ යටගියාව එළියට!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
“මම කෙට්ටු සිරුරක් තියාගෙන, විවිධ මත් පෙති බොමින් විනෝදාස්වාදය උදෙසා මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදී සිටි කාලයක් තිබුණා.”

JB මෙසේ තම කතාවට මුලපිරීමක් කරමින් ඔහුට සහ අන් අයට ඇති වූ සහ ඇති විය හැකි අනවශ්‍ය සිදුවීම් පිළිබඳ පාපොච්චාරණය කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කරයි.

කවුරුන් ගැනද මේ කියන්නේ? මොනා සම්බන්ධයෙන් ද කියන පැනය ඔලුවලට එන්නට පටන් ගන්නවාත් සමඟම අපි කතාවට අවතීර්ණ වෙමු.

ෂෝන් ලව් කොම්බ්ස් හෙවත් Diddy යනු ඇමරිකානු රැප් ගායකයෙක්, වාර්තා නිෂ්පාදකයෙක් පමණක් නොව රංඟනශිල්පියෙක් යන භූමිකාවන් වලට පණ පෙවූ අයෙකි. 1993 දී ඔහුගේම බ්‍රෑන්ඩ් එකක් වන Bad Boy Records ආරම්භ කිරීමට පෙර Uptown Records හි දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු සේවය කළේය. එපමණක් නොව Diddy යනු Notorious B.I.G., Mary J. Blige, සහ Usher වැනි කලාකරුවන්ගේ මූල බීජය ස්තාපිත කළ දක්ෂයෙකි.

නමුත් මේ කතාව නම් ඔහුගේ කුපාඩිකම්වලින් බිඳක් එලියට පනින අවස්තාවකි.

Diddy අෂර් සහ ජස්ටින් බීබර් යන දෙදෙනා සමඟ ළඟ ඇසුරක් පැවැත්වූ අයෙකි. Diddy අෂර්ට උපදේශනය කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ඔහු අෂර්ට අයුතු ලෙස සැලකූ බවට චෝදනා එල්ල වන අතරම තරුණ අවධියේදී ජස්ටින් බීබර්ට නුසුදුසු ලෙස බලපෑම් කළ බවට ද මේ වනවිට චෝදනා එල්ල වී ඇත.

JB යන්තම් යොවුන් විය පසු කරනවාත් සමඟම ඔහු Diddy සමඟ පැය 48 ක් ගත කළ බවට වාර්තා වෙයි. නව යොවුන් වියේ පිරිමි ළමයින් සමඟ Diddy ගේ මතභේදාත්මක ඉතිහාසය සැලකිල්ලට ගෙන, එය JB ව කනස්සල්ලට පත් කරන කරුණක් වී හමාරය. ඒ වන විට බීබර්ට වයස අවුරුදු 15ක් වුවද, Diddy ජස්ටින්ට ෆෙරාරි රථයක් පෙන්වමින් ඔහුගේ හීන ලෝකයට මංපෙත් පෙන්වා ඔහුට වයස අවුරුදු 16 සම්පූර්ණ වූ පසු එය පැදවීමට ද අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වූ බවට ද වාර්තා තිබේ. තවද, Diddy බීබර්ට 18 වන විට මන්දිරයක් වැනි නිවහනක් පිරිනැමූ බවට ද චෝදනා එල්ල වී ඇත.

ATLANTA, GA – FEBRUARY 05: Alex Gidewon, Jermain Dupri, Sean’ Diddy’ Combs, Justin Bieber and Rick Ross attend Ciroc party at Vanquish Lounge on February 5, 2014 in Atlanta, Georgia. (Photo by Prince Williams/FilmMagic)

මෙම චෝදනා සනාථ කිරීමට නිශ්චිත සාක්ෂි නොමැති බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර, ඔවුන් එවැනි අතිවිශේෂ තෑගි දෙමින් හීන ලෝක මවන්නේ ඒ පිටුපස ඇති හිරිකිත චේතනාවන් නිසා බවට තේරුම්ගත හැක. සමහරු අනුමාන කරන්නේ මෙම චෝදනා කරන ක්‍රියාවන් බීබර්ගේ වයසට නොගැළපෙන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කර ගැනීමට Diddy ඇති වූ අදහසක් බවයි. මෙවැනි අවදානමට ලක්විය හැකි අවස්ථාවන්හිදී තරුණ ජනප්‍රිය පුද්ගලයන් පමණක් නොව අපගේ සහ අප අවට ඉන්න ඕනෑම තරුණ තරුණියකු සඳහා නිසි මාපිය මග පෙන්වීමක් සහ ආරක්ෂාවක් තිබීමේ අවශ්‍යතාවය අවධානයට ගත යුතුය.

තවද, ලිංගික අපචාර සහ අපයෝජනයන් සම්බන්ධයෙන් Diddyට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඩිඩී විවිධ නුසුදුසු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විය හැකි බවට Diddyගේ හිටපු හිතමිතුරන් ද අදහස් දක්වා තිබේ.

කාගේ කාගෙත් කතා ඔලුවට ගත්තත් ස්ථිර සාක්ෂි මතුවන තුරු මෙම චෝදනා චෝදනා ලෙස සැලකීම අත්‍යවශ්‍ය වේ. මොකද අද කාලේ චරිත ඝාතනයක් කියන්නෙම ලොකු දඬයක් කන්න පුලුවන් ෆ්‍රී පාරක් කීවොත් නිවැරදිය. කෙසේ වෙතත්, අෂර් සහ ජස්ටින් බීබර් යන දෙදෙනාටම Diddy ගේ මෙම බලපෑම සම්බන්ධ ප්‍රකාශයන් කරදරකාරී ය. අෂර්ට නීතිමය ගැටලු මෙන්ම ලිංගික හර්පීස් ව්‍යාප්ත කිරීමේ චෝදනා එල්ල වී ඇති බැවින්, ඔහුගේ මුල් වෘත්තීය ජීවිතයේදී ඩිඩි සමඟ ඇති සම්බන්ධය අහිතකර බලපෑමක් ඇති කළ බවට ද පැවසිය හැක. ඒ හා සමානව, ජස්ටින් බීබර් ඔහුගේ යොවුන් වියේ සිට පැන නගින බව කියන ඇබ්බැහි වීම් සහ නීති කඩකිරීම් වැනි නහයට නොඅහන ක්‍රියාවන් පිටුපස ද මෙවැනි බලපෑම් තිබිය හැක.

යම් ඇබ්බැහි වීම්, හැසිරීම් රටාවල වෙනස්කම් ද යම් කෙනෙක්ගේ වචනයකින් හරි අපයෝජනය වීමකින් සිදුවීමට ඉඩකඩ ඇත.

Tupac සහ Biggie යන අයගේ මරණ වලට ද Diddy වගකිවයුතු බවට මත පළවූවත් ඒවා ද තවමත් අනාවරණය වී නොමැත.

Diddy ගේ යටගියාව මෙලෙස ටිකෙන් ටික එලියට ගන්න ගමන් ලෝකයේ පවතින අපචාර / අපයෝජන වැනි අයුතු බලපෑම් වලින් කුඩා දරුවන්ගේ නුසුදුසු හැසිරීම් එළියට ඒමට පාර නොකැපීමට ඔබ අප වගබලා ගත යුතුය.

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

9 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

17 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago