කාලීන

‘‘පළිගන්නවා – දඩයම් කරනවා..‘‘ ජෝ බයිඩන්ගෙන් වියරු ප්‍රතිඥාවක් !

ඇමරිකානු භටයන් අවම වශයෙන් 13 දෙනෙක් පමණ ප්‍රහාරයේදී මිය ගිය අතර, 2011 න් පසු තනි සිද්ධියකදී වැඩිම ඇමරිකානු භටයන් පිරිසක් ඝාතනය වූ අවස්ථාව ලෙස කාබුල් බෝම්බය ඉතිහාසගත වේ.

‘‘මේ ප්‍රහාරය කළ අයට වගේම, ඇමරිකාවට හානි කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක් මේක දැනගන්න ඕනෙ.. අපි සමාව දෙන්නෙ නෑ. අපි අමතක කරන්නෙ නෑ..‘‘ යැයි බයිඩන් පැවසුවේය.

‘‘අපි නුඹලාව දඩයම් කරනවා. කළ දෙයට ගෙවන්න සිද්ධ කරනවා. අපේ ජනතාවගේ අභිලාෂයන් අපි රැක ගන්නවා මගේ නියෝග යටතේ ගන්නා සෑම පියවරකින්ම..‘‘

2020 පෙබරවාරි මාසයේ සිට ඊයේ දිනය වන තෙක්, ඇමරිකානු භටයෙක් ඇෆ්ගනිස්ථාන මෙහෙයුම්වලදී මිය ගොස් තිබුණේ නැත.

ඇෆ්ගනිස්ථාන ගැටළුවට සිත යොමු කිරීම සඳහා ඊයේ දිනයේ බයිඩන් තම සියලු කාර්යයන් කල් දමා තිබිණි. ඊශ්‍රායල් අගමැති නැෆ්තලි බෙනට් හමුවීමට නියමිත ව තිබුණේ ඊයේ දිනයට ය.

ත්‍රස්ත ප්‍රහාරයට පරාජය නොවන බවත්, ගළවා ගැනීමේ කටයුතු දිගටම සිදු කරන බවත් බයිඩන් තවදුරටත් පැවසුවේය.

ඇමරිකාව මේ වන විට සිවිල් වැසියන් ලක්ෂයක් දෙනා ඇෆග්නිස්ථානයෙන් මුදා ගෙන ඇත.

රිපබ්ලිකන් පක්ෂයේ දැඩි දෝෂදර්ශනය

විචාරකයන් විසින් ඇෆ්ගනිස්ථානයෙන් භටයන් ඉවත් කර ගැනීමෙන් ඇති වූ තත්වය සමාන කරන්නේ ජෝ බයිඩන් සිය පළමු ධුර කාලයේදී මුහුණ දෙන විශාලතම අභියෝගය ලෙස ය.

ඔහුගේ ජනප්‍රියතාවය 60%කින් පහළ බැස ඇති බව පසුගිය සතියේ ප්‍රධාන පුවත් සේවාවන් විසින් සිදුකළ ජන මත විමසීම්වලින් හෙළි වී තිබිණි.

මේ වන විට රිපබ්ලිකන් විපක්ෂයේ දැඩි දෝෂදර්ශනය ද ජෝ බයිඩන් වෙත එල්ල වෙමින් තිබේ.

ඇතැම් රිපබ්ලිකන් නායකයෙකුට අනුව භටයන් ඉවත් කර ගැනීමේ අවසන් දිනය වන අගෝස්තු 31 දාට පෙර කථානායිකා නැන්සි පෙලොසි විසින් කොංග්‍රසය රැස් කළ යුතුව තිබේ.

කෙසේ නමුත් අමතක නොකළ යුතුව තිබෙන්නේ මේ යුද්ධය හෝ ඇමරිකානු භටයන් ඉවත් කර ගැනීම ජෝ බයිඩන්ගේ තීරණ නොවන බවයි. ඇමරිකානු භටයන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට අදාළ දෝහා ගිවිසුම කටාර් රාජ්‍ය යේදී අත්සන් කෙරුණේ තලෙයිබාන් සංවිධානය සහ හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ය.

තවද 2001 වසරේ පටන් මේ දක්වා සිදුකෙරෙන ඇෆ්ගන් යුද්ධය, රිපබ්ලිකන් ජනාධිපතිවරුන් දෙදෙනෙක් සහ ඩිමොක්‍රටික් ජනපතිවරුන් දෙදෙනෙක් මුහුණ දුන් යුද්ධයයි. 4 වැන්නා ජෝ බයිඩන් වන අතර, එය 5 වැන්නෙකු වෙත පාස් නොකරන බවත් ඊයේ සිය කතාවේදී ජෝ බයිඩන් පැවසුවේය.

 

 

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

8 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

12 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

15 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

17 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

17 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago