එසැණ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

ඔහු නව අවුරුද්ද වෙනුවෙන් ජනතාව ආමන්ත්‍රණය කරමින් පැවසුවේ, තමන් න්‍යෂ්ටික නිරවිකරණයට ඇප කැප වී සිටින නමුත්, ඇමරිකාව දිගින් දිගටම මෙසේ හැසිරෙන්නේ නම් සිය ප්‍රතිපත්තිය වෙනස් කරන බවයි.

GETTY IMAGES | තමන් දැන් න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නවතා දමා ඇති බව උතුරු කොරියාව පවසයි. නමුත් ඇමරිකාව වෙනස් වී නැත.

2017 වසරේදී උතුරු කොරියාව, ඇමරිකාව වෙත පවා ළඟා විය හැකි ආකාරයේ අන්තර් මහද්වීපික මිසයිලයක් අත්හදා බැලුවේය. එයින් අනතුරුව උතුරු කොරියාවේ පයොන්ග්ගියැන්ග් සහ ඇමරිකාවේ වොෂින්ටනය යන දෙපාර්ශවයම එකිනෙකාට න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳ අනතුරු අඟවන්නට පටන් ගත්හ. මේ අන්තර්ජාතික පීඩනය මධ්‍යයේ අවසානයේ උතුරු කොරියානු නායකයා සාකච්ඡා මාර්ගයට පිවිසි අතර, එය වසරේ වැදගත්ම සිදුවීම ලෙස සැලකුණි.

AFP | 2018 ජූනි මාසයේ ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුවූ ඓතිහාසික අවස්ථාව

මේ අනුව 2018 ජූනි මාසයේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද හමුවූ නමුත්, එම හමුවෙන් පසු දෙරට අතර සබඳතාවල සැලකිය යුතු වෙනසක් සිදුවූයේ නැත. ට්‍රම්ප් දිගින් දිගටම කිම් ජොන් උන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ විවිධ කේවල් කිරීම්වල නියැළී සිටින අතර, ඔහු රට තුළ රහසිගතව තවමත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක පවත්වාගෙන යන බවට ද චෝදනා නැගේ. කෙසේ නමුත් කිම් ජොන් උන් පසුගිය වසර තුළ අන්තර්ජාතික නිරීක්ෂකයන් හට න්‍යෂ්ටික ක්ෂේත්‍ර නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ පළමු වරට ලබාදුන්නේය.

පසුගිය වසරේ පටන් කිම් ජොන් උන්, සිය ප්‍රධාන සතුරා වශයෙන් සලකන දකුණු කොරියාවට ද සහෝදරත්වයේ දෑත දිගු කළේය.

වෙනත් මගක් නෑ

මේ වන විට උතුරු කොරියානු නායකයා ට්‍රම්ප්ගේ පිළිවෙත හමුවේ නොසන්සුන් වී ඇති බවක්, ඊයේ නව අවුරුදු කතාවේදී පෙනී ගියේය.

‘‘ඇමරිකාව ලෝකය ඉදිරියේ ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත්… අපගේ ජනරජය වෙත සම්බාධක සහ පීඩනය දිගින් දිගටම එල්ල කළහොත් අපේ පරාමාධිපත්‍යය සහ අභිලාෂයන් සුරක්ෂිත කරන අලුත් මාර්ගයක් සලකා බැලීම හැර අපට වෙනත් මගක් නැහැ..‘‘ යැයි එහිදී ඔහු පැවසුවේය.

සම්බාධක තොගය

මේ වන විට උතුරු කොරියාව පහත රටවල් හා සංවිධාන විසින් දමා ඇති සම්බාධකවලට ලක්ව සිටියි.

  1. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය
  2. ඇමරිකාව
  3. චීනය
  4. දකුණු කොරියාව
  5. ජපානය
  6. යුරෝපා සංගමය
  7. ඔස්ට්‍රේලියාව

උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැමීමට ලෝකය පෙළඹුණේ 1990 දශකයේ පටන් ය. 1988 වසරේ පටන් ඇමරිකාව විසින් උතුරු කොරියාව ත්‍රස්තවාදයට සෙවණ දෙන රාජ්‍යක් ලෙස නම් කළේය. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් දමනු ලැබූ සම්බාධක කට්ටල ගණනාවකට මැදිව සිටියි. ඒ, බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික ආයුධ වැඩසටහන් රට තුළ තහනම් කළ  යුතුය යන කොන්දේසිය පිට ය. 2006, 2009, 2013, 2016 සහ 2017 යන වසරවලදී ආරක්ෂක කවුන්සිලය විසින් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබේ. මේවායින් වඩාත්ම මෑත කාලීන සම්බාධක අනුව උතුරු කොරියාවේ,

  • ගල් අඟුරු අපනයනය සීමා කර ඇත.
  • තඹ, නිකල්, සින්ක් සහ රිදී යන ලෝහ අපනයනය තහමන් කර ඇත.
  • මුහුදු ආහාර අපනයනය තහනම් කර ඇත.
  • බොර තෙල් අපනයනය සීමා කර ඇත.
  • පිරිපහදු කළ පෙට්‍රෝලියම් නිෂ්පාදන අපනයනය සීමා කර ඇත.
  • රෙදි පිළි අපනයනය තහනම් කර ඇත.
  • *2017 සැප්තැම්බර් 11 වැනිදා ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කළ 2375 රෙගුලාසිය මින් මෙයට අමතරව උතුරු කොරියානුවන්ට විදේශයන්හි රැකියා කිරීම ද තහනම් කර තිබේ.

සම්බාධක හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ඒජන්සිවලට උතුරු කොරියාවේ පෝෂණය, සෞඛ්‍යය, සනීපාරක්ෂාව වැනි මාතෘකා සමග වැඩ කළ හැක්කේ සීමා සහිතව ය.

ඕනෑම මොහොතක ට්‍රම්ප් හමුවෙන්න සූදානම්

උතුරු කොරියානු නායකයා තවදුරටත් පවසන්නේ තමන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඇමරිකානු නායකයා මුණ ගැසීමට සූදානම් බවයි. මෙය, අතීතයේ නාහෙට නාහන දඩබ්බරයෙකු ලෙස නමක් දිනා සිටි කිම් ජොන් උන්, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බවට පත්ව තිබීම ගැන සලකුණක් යැයි ජාත්‍යන්තර විචාරකයෝ පවසති.

කිම් ජොන් උන් දකුණු කොරියාවට සහෝදරත්වයේ දෑත දිගු කළේ 2018 නව අවුරුදු කතාවෙනි. එහිදී දකුණු කොරියාවේ පවත්වන ශීත ඔලිම්පික් උළෙලට සහභාගි වීමට උතුරු කොරියාව කැමැත්තෙන් සිටින බව මුල් වරට ප්‍රකාශ විණි.

ජනපති ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ 2019 පෙබරවාරි මස තමන් නැවත වරක් උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානම් බවයි. නමුත් එය මෙතෙක් තහවුරු කර නැත.

කිම් ජොන් උන් ද තවත් කොරියානු සමුළුවක් සඳහා දෙවැනි වරටත් මේ වසරේ දකුණු කොරියාවට යාමට සැලසුම් කර ඇති නමුත්, එහි ද දින වකවානු මේ දක්වා තහවුරු කර නැත.

ප්‍රධාන ඡායාරූපය : REUTERS

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

12 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

16 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

19 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

21 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

21 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago