උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සොයුරිය වන කිම් යෝ ජොං විසින් උතුරු කොරියාවට එරෙහිව දකුණු කොරියානු න්‍යෂ්ටික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා වොෂින්ටනය සහ සෝල් අතර මේ සතියේ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමට එරෙහිව සිය විරෝධය පල කරමින්, අනතුරු අඟවා ඇති බව නිල කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) වාර්තා කර තිබේ.
සතුරන් න්‍යෂ්ටික යුද අභ්‍යාසවල යෙදී කොරියානු අර්ධද්වීපය අවට න්‍යෂ්ටික ක්‍රියාකාරකම් තීව්‍ර කිරීම උතුරු කොරියානු ආත්මාරක්ෂාව වෙනුවෙන් බලවත් තර්ජනයක් බවත්, පසුගියදා දකුණු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි ගිවිසුමකට එකඟ වීම ඊසානදිග ආසියාවේ සහ ලෝකය වඩාත් බරපතල අනතුරකට නිරාවරණය කරමින් සාමය හා ආරක්ෂාව අභියෝගයකට ලක් කිරීමක් වන එහෙයින් මෙම ගිවිසුම පිළිගත නොහැකි ගිවිසුමක් බවත්, කිම් යෝ ජොං වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
උතුරු කොරියානු ආයුධ ප්‍රදර්ශනයේ වේගය සහ එක්සත් ජනපද-දකුණු කොරියානු මිලිටරි අභ්‍යාසවල වේගය පසුගිය වසර පුරා වැඩි වී ඇති අතර 2022 ආරම්භයේ සිට උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ඇතුළුව මිසයිල 100 ක් පමණ අත්හදා බලා ඇති අතර, තහනම් නොතකමින් න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් සඳහා අඛණ්ඩව සිය පර්යේෂණයන්හි නිරත වී ඇත.
උතුරු කොරියානු ආයුධ අත්හදා බැලීම්වලට සාපේක්ෂව එක්සත් ජනපද හා දකුණු කොරියාව ද සිය මිලිටරි අභ්‍යාසවල වේගය පසුගිය වසර පුරා වැඩි වී ඇති හෙයින් කොරියානු අර්ධද්වීපය පුරා උග්‍ර ආතතීන් මතුව තිබේ.
සශිකලා මධුෂාණී_
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…