එසැණ පුවත්

උතුරු-දකුණු කොරියාව සාම මාවතේ ඉදිරියට!

උතුරු කොරියාව සහ දකුණු කොරියාවේ නායකයන් දෙපළ, උතුරු කොරියාවේ පයොන්ගියැන්ග් නගරයේදී පැවති ද්විපාර්ශවික සාකච්ඡා සාර්ථක ලෙස අවසන් කළේය.

දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් (Moon Jae-in) ගේ උතුරු කොරියානු සංචාරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සඳහන් කළේ ‘පයොන්ගියැන්ග් සමුළුවේදී ඇති කර ගත් එකඟතා සාමයේත් සෞභාග්‍යයේත් නව යුගයක් කොරියාවට උදා කරාවි‘ කියා ය.

හවුල් හමුදා ගිවිසුමක්

එම සාකච්ඡාවෙන් අනතුරුව කොරියානු කලාපය න්‍යෂ්ටික අවිවලින් මුක්ත කිරීමේ ඒකාබද්ධ ප්‍රකාශනයකට ද දෙරට නායකයෝ අත්සන් තැබූහ.

දෙරට ආරක්ෂක අමාත්‍යවරුන් විසින් හමුදාමය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙයට සමාන්තරව සිදුවිය.

මෙම හමුදා ගිවිසුම අනුව මේ දෙරට, නොවැම්බර් 1 වැනිදා පටන් දේශසීමාවන්හි පවත්වන හමුදා සන්දර්ශන නතර කරනු ඇත.

එසේම සීමා නිර්ණය රේඛාව (දෙරට බෙදා වෙන් කරන දේශසීමාව ආශ්‍රිත කලාපය හෙවත් demarcation line) ආශ්‍රිතව ගුවන් හමුදා පියාසැරි නතර කිරීමට ද එමගින් ප්‍රතිඥා දීම සිදුවිය. කහමුහුදේ හමුදා සන්දර්ශන පැවැත්වීම ද නතර කිරීමට මේ අනුව නියමිත ය.

සුහද විශ්වාසය මත පදනම්ව දෙරට අතර පිහිටා තිබෙන හමුදා මුක්ත කලාපයෙන් (demilitarized zone) සොල්දාදුවන් ඉවත් කිරීමට ද යෝජිත ය. පනමුන්ජොම් මායිම් ගම්මානයේ මුර කටයුතුවල යෙදී සිටින භටයන් එයින් ඉවත් කිරීම ද මෙහිදී සිදුවනු ඇත.

වසර 2018 වන විට දේශසීමා ආරක්ෂක මුරපොළ 18 ක් වසා දැමීමට ද දෙරට එකඟ වී ඇත.

තවද මෙම එකඟතාවයන් නිත්‍ය පදනමකින් ඇති කර ගන්නේ කෙසේදැයි තහවුරු කර ගැනීම සඳහා ‘හවුල් හමුදා කමිටුවක්‘ ද පත් කිරීමට යෝජනා වී තිබේ.

2020 ඔලිම්පික් උළෙලට දෙරටෙන්ම තනි කණ්ඩායමක් – 2032 ඔලිම්පික් උළලෛ් සත්කාරක රට කොරියාවද?

මේ වසර මුල පැවැත්වූ ඔලිම්පික් සාම හුවමාරුව යටතේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මේ වන විට තෙවතාවත් දකුණු කොරියාව බලා ගොස් තිබේ. නමුත් මෙම හමුදාමය එකඟතාවයෙන් පසුව සිව්වැනි වතාවටත් ‘හැකි ඉක්මනින්‘ දකුණු කොරියාව බලා යාමට කිම් ජොන් උන් අදහස් කරයි.

කලාපයේ තිරසාර සාමයක් ඇති කර ගැනීමේ අරමුණින් 2020 වසරේදී ජපානයේ තෝකියෝ නුවර පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙල සඳහා උතුරු-දකුණු කොරියාව විසින් ඉදිරිපත් කරනු ඇත්තේ තනි කණ්ඩායමකි.

එපමණක් නොව, 2032 වසරේදී ඔලිම්පික් උළෙල කොරියාවේ පැවැත්වීම වෙත ද ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.

1950-53 කොරියානු යුද්ධයෙන් පසු උතුරු දකුණු කොරියානු දෙරට අතර මෙතරම් සාධනීය සාම වැඩපිළිවෙළක් ඇති වූ ප්‍රථම වතාව මෙයයි.

යොන්ග්බියොන්ග් බලාගාරය වසා දැමේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය මාසයේ උතුරු කොරියාවේ පයොන්ගියැන්ග් නගරයට පැමිණීමට සිටියත් ඔහු ඒ ගමන අවලංගු කළේ උතුරු කොරියාවේ කැපවීම මදි බව කියමිනි. කෙසේ නමුත් ඇමරිකාව ද මේ වන විට උතුරු කොරියාව සම්බන්ධයෙන් නැවතත් ධනාත්මක ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටියි.

මෙවර පැවැත්වුණු පයොන්ගියැන්ග් සමුළුවේ දැකිය හැකි එක් ප්‍රධානතම ජයග්‍රහණයක් වූයේ ‘මිසයිල වැඩසටහන නිත්‍ය ලෙස අවසන් කිරීම සඳහා‘ ගත යුතු පියවර සහ කළ යුතු දේවල් පිළිබඳ විමසීමට අන්තර්ජාතික පරීක්ෂකයන්ට උතුරු කොරියාව විසින් කැමැත්ත ලබාදීමයි. මෙය ද උතුරු කොරියාවේ න්‍යෂ්ටික නිරවිකරණ වැඩපිළිවෙළේ වැදගත් සන්ධිස්ථානයකි. සිය ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාරය වන යොන්බියොන්ග් (Yongbyon) වසා දැමීමට ද කිම් ජොන් උන් විසින් කැමැත්ත පළ කර තිබේ. කොරියානු අර්ධද්වීපය ‘න්‍යෂ්ටික ආයුධ සහ න්‍යෂ්ටික තර්ජනවලින් තොර සාමයේ භූමියක් ‘ බවට පත්කිරීමට උතුරු කොරියානු නායකයා මේ වන විට කැමැත්ත පළ කර ඇත.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

13 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

20 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

21 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

22 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

23 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

23 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago