කාලීන

තායි බිලියනපතියා රූප සුන්දරිය සමඟ අවසන් නින්දට !

අනතුරට පත්ව තිබෙන්නේ විචායි සහ තවත් පුද්ගලයන් සිව්දෙනෙකු රැගත් ඔගස්ටාවෙස්ට්ලෑන්ඩ් AW 169 දරණ හෙලිකොප්ටර් යානයයි. හෙලිකොප්ටරය ගුවන් ගත කෙරී ඇත්තේ ලෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයට අයත් කින්ග් පවර් ක්‍රීඩාංගනයෙනි.

යානය ගුවන් ගත වීමෙන් ස්වල්ප වෙලාවකට පසු අනතුර සිදුව තිබේ. යානයේ ගමන් ගත් පස් දෙනාම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූහ.

අනතුර සිදුවූයේ, කින්ග් පවර් ක්‍රීඩාංගනදී ලෙස්ටර් සිටි සහ වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම් අතර පාපන්දු තරගයක් නිම වීමෙන් පැයකට පමණ පසුවය. මේ නිසා තරගය නරඹන්නට පැමිණි 31,000කට අධික ප්‍රේක්ෂකයන් අනතුර සිදුවන අවස්ථාවේදී ක්‍රීඩාංගනය අවට කලබලකාරී මහා මාර්ගවල ගමන් ගනිමින් සිටි බව සඳහන් වේ. ගුවන් අනතුර ඇසින් දුටුවන් පවසන්නේ යානය පාලනයෙන් මිදෙන්නට පටන් ගත් බවකි. යානය කඩා වැටෙන්නට පළමුව එය ජන ශුන්‍ය පෙදෙසක් වෙත යොමු කරගන්නට ගුවන් නියමුවා සෑහෙන වෙහෙසක් ගෙන තිබේ. එසේ නොවිණි නම් ඒ අවස්ථාවේදී මහා මාර්ගවල ගමන් ගනිමින් සිටි විශාල පිරිසක් අනතුරට ලක්වන්නට ඉඩ තිබුණු බව සඳහන් වේ. පාලනයෙන් මිදී තිබුණු යානය මහා හඬක් නංවමින් ගිනි බෝලයක් බවට පත්ව කඩා වැටුණේ යැයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. යානයේ ගමන් කරමින් සිටි පස්දෙනාම අනතුරෙන් එතැනම ජීවිතක්ෂයට පත් වුවත් මහා මාර්ගවල සිටි කිසිවකුට අනතුරක් සිදු වී නැත.

විචායි සමඟ යානයේ සිටි අනෙක් සිව්දෙනා අතර පනස් තුන් හැවිරිදි ගුවන් නියමු එරික් ස්වාෆර් (Eric Swaffer) සහ ඔහුගේ පෙම්වතිය – හතළිස් හය හැවිරිදි ඉසබෙලා ලිචෝවික්ස් (Izabela Lechowicz) සිටි බව සඳහන් වේ. ඉසබෙලා සහය නියමුවා හැටියට කටයුතු කර ඇත. හෙලිකොප්ටර් යානය, විචායිට අයත් එකක් වූ අතර එය නිතරම පැදවූයේ ගුවන් නියමු එරික්ය. යානය තුළ මඟීන් ලෙස විචායි සමඟ සිටියේ ඔහුගේ නිරන්තර සහායකයන් වූ කවෙපොර්න් පුන්පාරේ සහ තායි රූප සුන්දරියක වූ නුර්සාරා සුක්නමයි යන දෙනෙනායි. කවෙපොර්න් පුන්පාරේ කටයුතු කර තිබෙන්නේ විචයිගේ සහයකයා හැටියටය.

නුර්සාරා 2005 වසරේදී විශ්ව රූ රැජිණ තරගය සඳහා ඉදිරිපත් වන තායි රූමතිය තෝරා ගැනීමේ තරගයට පෙනී සිටි තරගකාරියෙකි. එම තරගයෙන් දෙවන තැන හිමිකරගන්නට සමත්ව ඇත්තේ නුර්සාරා ය. විචායිට අයත් ආයතනයක නුර්සාරා සේවය කළ බව සඳහන් වෙතත් ඈ දැරුවේ කවර ආකාරයේ තනතුරක් ද යන්න ගැන සඳහනක් නොවේ. අනතුර සිදුවන අවස්ථාවේදී යානය ධාවනය වෙමින් පැවැතියේ එක්සත් රාජධානියේ ලුටන් ගුවත්තොටුපොළ වෙතයි. එතැනින් තායිලන්තයට යන ගුවන් යානයකට ගොඩවීමට විචයි, නුර්සාරා සහ කවෙපොර්න් සැලසුම් කරගෙන සිටියහ.

විචායි ශ්‍රීවඩ්ඩනප්‍රභාගේ අභාවය සැලවීමත් සමඟම ශෝකය පළ කිරීම සඳහා විශාල පිරිසක් කින්ග් පවර් ක්‍රීඩාංගනය වෙත පැමිණියහ. විචායි වෙනුවෙන් තැන්පත් කෙරුණු මල්, පාපන්දු සමාජ ටී ෂර්ට් ආදිය විශාල වශයෙන් එහි දක්නට ලැබෙන බව සඳහන් වේ. විචායිගේ අභාවය නිසා පිරිසක් කණගාටුවට පත් වන බවත් මාධ්‍ය වාර්තා කරයි. එයට හේතුව විචායි පාපන්දු ක්‍රීඩකයන් අතර මෙන්ම පාපන්දු ක්‍රීඩා ලෝලීන් අතරත් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටීමයි.

හැට හැවිරිදි විචායි ශ්‍රීවඩ්ඩනප්‍රභා සිව් දරු පියෙකි. “කින් පවර් ඉන්ටර්නැෂනල්” ව්‍යාපාරයෙහි නිර්මාතෘවරයා ද ඔහුය. ඔහු තායිලන්තයේ බිලියනපති ව්‍යාපාරිකයෙකි. විචායි තායිලන්තයේ සිටින පස් වැනි ධනවතා හැටියට ලෝක ප්‍රකට ෆොර්බස් සඟරාව වරක් නම් කර තිබිණ. විචායි, ලෙස්ටර් සිටි පාපන්දු සමාජය මිලදී ගත්තේ 2010 වසරේදීය. ඒ සඳහා ඔහු බ්‍රිතාන්‍ය පවුම් මිලියන 39කට ආසන්න මුදලක් වැය කළ බව සඳහන් වේ. ඔහුගේ හිමිකාරීත්වය යටතේ මේ ක්‍රීඩා සමාජය 2016 ප්‍රිමියර් ලීග් ජයග්‍රහණ අත්පත් කරගත්තේ ය. පසුගිය වසරේ පැවැති චැම්පියන් ලීග් තරගාවලියේ අවසන් වට අතරට පිවිසෙන්නටත් ලෙස්ටර් සිටි පාපන්දු සමාජය කණ්ඩායමට හැකි විණ.

Share

Recent Posts

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

9 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

12 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

14 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

14 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

15 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

19 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

19 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

20 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

1 day ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

1 day ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago