බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික පාලක ජෙයාර් බොල්සොනාරෝගේ අධිකාරය බිඳ දමමින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ බලයට පත්වූ වාමවාදී බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා අද (10)දිනයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වල මන්දිරයේදීහමුවනු ඇති බව වාර්ථා වේ.
මෙය බ්‍රසීල ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණයෙන් පසු පළමු නිල සංචාරය වන අතර, මෙමඟින් බ්‍රසීලයට නව යුගයක් උදාවනු ඇතැයි විශ්ලේෂකයන් දක්වා තිබේ.
බොල්සොනාරෝ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාක්ෂිකයෙකු වූ අතර, ඔහු සමඟ සමීප සබඳතා පැවැත්වනු ලැබීය. බොහෝ විට ට්‍රම්ප් අනුකරණය කිරීම හේතුවෙන් බොල්සනාරෝ “නිවර්තන ට්‍රම්ප්” ලෙසද හැඳින්විනි.
එක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතරුව බොල්සනාරෝ එය මැතිවරණ වංචාවක් වශයෙන් හැඳින්වීමත් සමඟ දෙරට අතර ආතතීන් උත්සන්න විය.
ලූලාගේ සංචාරයත් සමඟ බිඳ වැටුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට බ්‍රසීලයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ. ඒ අනුව ලූලාගේ සංචාරය ශේෂයෙන් ගෝලීය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන සම්බන්ධයෙන් බ්‍රසීලයේ ස්ථානය නැවත ලබා ගැනීමට උත්සාහ දැරීමක් වනු ඇත.
ඒ අනුව අද දිනයේ ද්වී පාර්ශවීය සාකච්ඡා අතර බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එක්සත් ජනපදයේ නොසැලෙන සහයෝගය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටට අඛණ්ඩව එක්ව කටයුතු කළයුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා වන අතර දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම, ආර්ථික සංවර්ධනය දිරිගැන්වීම, සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ කලාපීය සංක්‍රමණය කළමනාකරණය කිරීම ඇතුළුව දෙපාර්ශවයටම බලපානු ලබන වැදගත් මාතෘකා රැසක් අද දිනයේ සාකච්ඡා වීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.