පරිසර

චිම්පන්සීට නිවහනක් වූ අප්‍රිකාවේ මහාලේ කඳු වැසි වනාන්තරය

වර්ග කි. මී. 1613 ක විශාලත්වයකින් යුක්ත මහාලේ කදුකර වනෝද්‍යානය කරුණු කිහිපයක් හේතුවෙන් විවිධ ලෙස කථා බහට ලක් වන්නේය.

අප‍්‍රිකාව යනු චින්පන්සීන්ට වාසය කිරීමට සුදුසු වනාන්තර කිහිපයක්ම ඇති රටකි. මහාලේ යනු චිම්පන්සීන්ගේ රක්ෂිත ප‍්‍රදේශ වලින් ඉතා සුප්‍රසිද්ධම ස්ථානයකි. එමෙන්ම පා ගමනින් ගොස් නැරඹිය යුතු අප‍්‍රිකාවේ ඇති අතළොස්සක් වූ වනෝද්‍යාන අතරට මහාලේ කදුකර වනොද්‍යානයද අයත් වේ.මෙම වනෝද්‍යානයට පිවිසීමට මාර්ග හෝ වෙනත් ක‍්‍රම නොමැති අතර පිවිසිය හැකි එකම ක‍්‍රමය වන්නේ ටැංගනිකා විල ඔස්සේ බෝට්ටු මගින් පැමිණිමයි.

ස්වභාව සෞන්දර්යය අතින්ද සුවිශේෂ ස්ථානයක් හිමිකර ගන්නා මෙම වනාන්තය තුළ චිම්පන්සීන් 1000 කට ආසන්න ප‍්‍රමාණයක් හදුනා ගත හැකි වේ. වැසි වනාන්තර, තණ බිම්, කඳුකර උණ ගස්, සහ වන ලැහැබ් වැනි වනාන්තර ලක්ෂණ වලින් සමන්විත වන මහාලේ නැරඹීමට යායුත්තේ වසරේ මැයි සහ ඔක්තෝබර් අතර කාලයේදී යි.. චිම්පන්සීන්, කහ බැබුන්, සයිකීස් වඳුරන්, රතු වලිගය සහිත වඳුරන්, සැවානා වඳුරන්, කොලබස් වඳුරන්‍ ගැලගෝ ආදී වදුරු විශේෂ කිහිපයකටම මේ වනාන්තරය නිවස වී ඇත.

පරිණාමවාදය පිළිබදව සිදු කරන පර්යේෂණ බොහොමයක් සිදු කිරීමට මෙන්ම චිම්පන්සීන් ඇතුළු අනෙකුත් වානර විශේෂවල චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මහාලේ වනෝද්‍යානය යොදා ගනු ලබයි. ච්ම්පන්සීන් අප්‍රිකාවේ මෙම වනෝද්‍යානයේ සහ ගෝම්බි ගංගාවට යාබදව පිහිටි ගෝම්බි ස්ටී‍්‍රම් ජාතික වනෝද්‍යානයේද දැක ගත හැකි වෙයි.

චිම්පන්සීන් හැරුණු විට වනාන්තර සහ සැවානා භූමියේ යෝධ ලේනුන්, කළු සුදු ඇන්ගෝලා කොලබෝ සහ ඩික් ඩික්ට සමාන කුඩා ඇන්ටිලෝප් විශේෂයක් වැනි ක්‍ෂීරපායින්ද දැක ගත හැකියි. ඒ හැරුණු විට අලින්,කුළු හරකුන් ,සිංහයින් දිවියන් සහ වෙනත් බොහෝ විශේෂ වල වඳුරන්ද එහි වාසය කරයි. පක්ෂීන් ප‍්‍රිය කරන්නන්ටද ඒ සඳහා අගනා ස්ථානයක් ලෙස මහාලේ කඳුකර ජාතික වනෝද්‍යානය පෙන්වා දිය හැකියි.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

14 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

20 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

22 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

22 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

23 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

23 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago