මරණ දණ්ඩනය අහෝසි කිරීමට අදාළ කෙටුම්පත ලබන සතියේ රැස්වන පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැලේසියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවල සඳහන් වේ.
“සියලු ආකාරයේ මරණීය දණ්ඩන අවලංගු කරනවා. එයට තිත තබනවා” යැයි කියා මැලේසියාවේ නීති කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍යය දාටුක් ලේව් වුයි කෙඔන්ග් (Datuk Liew Vui Keong ) මැලේසියා විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකදී මාධ්‍යයට පවසා තිබිණ.
එරට නීතිය ප්‍රකාරව මරණීය දණ්ඩනය ලබා දෙන්නේ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම, රාජ්‍යද්‍රෝහී ක්‍රියාවල යෙදීම, ත්‍රස්ත ක්‍රියාවල නියැලීම, පැහැර ගැනීම්වල යෙදීම, ගිනි අවි ස්වාමීත්වයේ තබාගැනීම සහ මත්ද්‍රව්‍යය ජාවාරම්වල නිරතවීම යන වැරදිවලට වැරදිකරුවන් වන පුද්ගලයන්ට එරෙහිවය.
මේ අනුව පළමුව කී වැරදිවලට වැරදිකරුවන් වූ පුද්ගලයන් 1200කට අධික සංඛ්‍යාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීමට දැනට නියමිතව ඇත. මෙයින් පුද්ගලයන් 799දෙනෙකු වැරදිකරුවන් වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වීම සම්බන්ධයෙනි. ඒ අතර විදේශිකයන් 416 ක් සිටිති. මරණිය දණ්ඩනයට නියම වූ පුද්ගලයන් සිව්දෙනෙකු පසුගිය වසරේදීත් එල්ලා මරණු ලැබූ බව සඳහන් වේ.
මැලේසියා බලධාරීන් මරණීය දණ්ඩනය අහෝසි කිරීමට ගත් තීරණය පිළිබඳව ඇම්නස්ටි ජාත්‍යන්තරය සහ මානව හිමිකම් සංවිධාන රාශියක් ප්‍රසාදය පළ කර ඇත. කාම්බෝජය, පිලිපීනය, චීනය, සිංගපූරුව, තායිලන්තය, වියට්නාමය සහ ඉන්දුනීසියාව යන රාජ්‍යය මරණීය දණ්ඩනය අදටත් ක්‍රියාත්මක කරන ආසියා රාජ්‍යය කිහිපයකි.
ලොව රටවල 142කට ආසන්න සංඛ්‍යාවක් සිය නීති පද්ධති තුළින් මරණ දණ්ඩනය අහෝසි කර ඇති බව සඳහන් වේ.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.