කාලීන

මැලේසියාවට ගංජා/මරිජුවානා වැවීමේ අවසරය

කංසා, එසේත් නැතිනම් ගංජා, එසේත් නැතිනම් කැනබීස් වැවීම ලෝකයේ බොහෝ රටවලට තවම භයානක හීනයකි. නමුත් මැලේසියාව මේ කඩඉම ජයගෙන තිබේ.

ඒ අනුව මැලේසියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව වෛද්‍යමය හෝ පර්යේෂණ අරමුණු සඳහා කැනබීස් වගාකිරීම මැලේසියාවේදී දැන් නීත්‍යානුකූල ය.

මෙහිදී මැලේසියානු බලධාරීන් මේ ඉඩකඩ පාදා ගන්නේ අලුත් නීති ගෙන ඒම මගින් නොවීම විශේෂත්වයකි. ලොව පුරා ගංජා/කංසා හෝ මරිජුවානා වැනි මත් ශාක සඳහා ඇති වෙමින් තිබෙන ඉල්ලුම සහ එහි තිබෙන වෛද්‍යමය ප්‍රතිලාභ සලකා බලන මැලේසියානු සෞඛ්‍ය බලධාරීන් සිදුකරන්නේ, මේ සඳහා බලපාන නීති මැනවින් අධ්‍යයනය කර, පවතින නීති තුළින්ම ඉඩකඩ පාදා ගැනීමයි.

ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් දාතුක් සෙරි සුල්කිෆ්ලි (Datuk Seri Zulkifli) මෙසේ පවසයි. ‘‘1952 අන්තරායකර ඖෂධ පනත යටතේ වෛද්‍යමය සහ පර්යේෂණ අරමුණු සඳහා කැනබීස් වගා කිරීමට නීතියෙන් අවසරයක් තිබේ. නමුත් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය.“

මෙහිදී බලධාරීන් ක්‍රියා කරන්නේ අතිශය ප්‍රගාමී ලෙස ය. දාතුක් සෙරී මෙසේ ද කියයි. ‘‘මෑත කාලයේ මම පුවත්පත් වලින් කියෙව්වා, විදේශයන්හි ජීවත් වන මැලේසියානුවන් කැනබීස් තෙල් සාර්ථකව නිෂ්පාදනය කරන ආකාරය. එහි ඇති සෞඛ්‍යමය වාසි ගැන එහි විශේෂයෙන් සඳහන් වුණා.. මට හිතුණා අපේ රට අපිට තිබුණු අවස්ථාවක් නැති කරගත්තා කියා..“

මැලේසියාව මේ පනින්නේ අති දැවැන්ත පිම්මකි. උදාහරණයක් ලෙස, මෙයට වසරකට පමණ පෙර, එනම් 2018 අගෝස්තු මස වාර්තා වූයේ සිය රෝගීන්ට කැනබීස් ඔයිල් ලබාදුන් මැලේසියානු වෛද්‍යවරයෙකුට මහාධිකරණය විසින් මරණ දඬුවම පැනවූ බව ය.

මේ අතර පසුගිය වසරේම මැලේසියානු පුවත්පත් සඳහන් කළේ එක්සත් රාජධානියේ වාසය කරන මැලේසියානුවන් තිදෙනෙක් ගංජා ශාකය නොහොත් Cannabis Sativa ශාඛයෙන් කැනබිඩෝල් ඔයිල් නොහොත් (Cannabidiol) Oil (CBD) සාර්ථක ලෙස නිෂ්පාදනය කර ඇති බව ය. පුරා වසර 15 ක් එංගලන්තයේ ජීවත් වන ඔවුන් CBD Oils Malaysia නමින් මේ වන විට වෙනම සමාගමක් ද පිහිටුවාගෙන තිබේ. මරිජුවානා පාදක කරගත් නිෂ්පාදන යුරෝපා සංගමයේ රටවල් 50කට අධික සංඛ්‍යාවකට අපනයනය කිරීමට දැන් ඔවුන්ට අවසර තිබේ.

Free Malaysia Today

මැලේසියාවේ අන්තරායකර ඖෂධ පාලන නීතිය ලංකාවට බොහෝ සෙයින් සමාන ය. ඒ අනුව ඔපියුම්, මරිජුවානා සහ කොකේන් ළඟ තබාගැනීම, අලෙවිය, භාවිතය, ආනයනය සහ අපනයනය සපුරා තහනම් ය. නමුත් දැන් පවතින තත්වය අනුව මැලේසියාව සිටින්නේ ලංකාවට වඩා බොහෝ ඉදිරියෙනි.

මරිජුවානා නීතිගත කළ රටවල්

මේ වන විට ලෝකයේ රටවල් 30කට අධික සංඛ්‍යාවක මරිජුවානා නීතිගත කර තිබේ. ඒ අතරට,

  • ඔස්ට්‍රේලියාව
  • කැනඩාව
  • චිලී
  • කොලොම්බියාව
  • සයිප්‍රස්
  • ෆින්ලන්තය
  • ජර්මනිය
  • ග්‍රීසිය
  • ඊශ්‍රායලය
  • ඉතාලිය
  • නෝර්වේ
  • නෙදර්ලන්තය
  • නවසීලන්තය
  • පේරු
  • පෝලන්තය
  • තායිලන්තය

අයත් ය. මේ අතර, මරිජුවානා වෛද්‍යමය කටයුතු සඳහා යොදාගන්නා ප්‍රධානම කලාපය බවට මේ වන විට යුරෝපා සංගමය පත්ව සිටියි.

ඔවුන් මෙම මරිජුවානා හඳුන්වන්නේ ‘මෙඩිකල් මරිජුවානා‘ යනුවෙනි.

ස්නායු ගැටළු වන ඇල්සයිමර්, භින්නෝන්මාදය, පශ්චාත් භ්‍රාන්තික ආතති සහලක්ෂණය (posttraumatic stress disorder) රෝගයට පමණක් නොව පොතු කබර රෝගයට පවා මෙය විශාල ඖෂධීය ගුණයකින් යුක්ත බව පැවසේ.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

5 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

9 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

13 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

14 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

15 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago