මැලේසියාවට නව සුල්තාන්වරයෙකු තෝරාගත් බව මැලේසියානු රජය පවසයි. මෙම නව නායකයා වන තෙන්ග්කු අබ්දුල්ලා ෂා (Tengku Abdullah Shah), මීළඟ රජු ලෙස නොබෝ දිනකින් කිරුළු පළඳිනු ඇත. ඔහු සුල්තාන් පදවි ලබන්නේ සිය පියා වන සුල්තාන් අහ්මඩ් ෂා වෙනුවට ය. පහන්ග් ප්‍රාන්තයේ සුල්තාන් පදවිය ඔහු විසින් දරනු ලබයි.
මැලේසියාවේ නව රජතුමා කවුදැයි තෝරාගැනීමට නියමිත ව තිබෙන්නේ ජනවාරි 24 වැනිදා ටය. එය සිදුකරන්නේ Council of Rulers හෙවත් ‘පාලකයන්ගේ කවුන්සිලය‘ (පාලක සභාව) විසිනි.
මැලේසියාව සුවිශේෂී ආණ්ඩුක්‍රමයක් ඇති රටකි. එය රාජාණ්ඩුවක් වන නමුත්, වසර 5 න් 5 ට රජවරු මාරු වේ. මැලේසියාවේ ප්‍රාන්ත 9 පාලනය කරන රජවරුන්/සුල්තාන්වරුන් අතර රටේ රජකම හුවමාරු වේ. ඒ හුවමාරු චක්‍රය අනුව, මීළඟ රජතුමා පත්වන්නේ පහන්ග් ප්‍රාන්තයෙනි. පුතාට රජකම ලබන්නට ඉඩ දී සුල්තාන් අහමඩ් ෂා විශ්‍රාම ගෙන තිබෙන්නේ ඒ අනුව ය.
රූප සුන්දරියකට පෙම් බැඳි සුල්තාන් මුහමද් රජු, රජකම අතහැරියේ ඔහුගේ අවුරුදු 5 පිරීමට වසර 2කට පෙර ය. ඒ නිසා කඩිමුඩියේ නව රජෙකු පත් කර ගන්නට මැලේසියාවට සිදුව තිබේ. බ්‍රිතාන්‍ය පාලනයෙන් 1957 වසරේදී නිදහස ලද පසු මෙවැනි සිදුවීමක් මැලේසියානු ඉතිහාසයේ වාර්තා වූයේ පළමු වතාවට ය.
නව රජු බවට පත්වන්නට නියමිත සුල්තාන් අබ්දුල්ලා ෂා 59 හැවිරිදි ය. ඔහු ක්‍රීඩා ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයකි. ආසියානු හොකී ෆෙඩරේෂනයේ වත්මන් සභාපතිවරයා වන්නේ ද ඔහු ය. එසේම ෆිෆා (පාපන්දු ලෝක කුසලාන පාලක ව්‍යූහයේ) ඔහු කවුන්සිල් සාමාජිකයෙකු ද වේ.
මැලේසියාවේ රජතුමා යන්න, නාමික පදවියක් ලෙස සැලකුණත්, රාජකීයයන්ට මැලේසියානුවන් තුළ තවමත් විශේෂ ගෞරවයක් තිබේ.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…