බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) පාපන්දු ක්‍රීඩක මේසන් ග්‍රීන්වුඩ් හට ලිංගික අපයෝජනය, වින්දිතයා පාලනය කිරීමට තැත්කිරීම සහ පහර දීම යනාදී චෝදනා ගොනුවී ඇති බව එරට රාජකීය අභිචෝදක සේවාව (Crown Prosecution Service) ප්‍රකාශ කරයි.
ග්‍රීන්වුඩ් ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා එකම පැමිණිල්ල ඔස්සේ ගොනුවන බව ද එම සේවාවේ අභිචෝදකයෝ පවසති.
21 හැවිරිදි ග්‍රීන්වුඩ් එළඹෙන ඔක්තෝබර් 17 වන දින මැන්චෙස්ටර් හි ඉහළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද බ්‍රිතාන්‍ය රාජකීය නඩු පැවරීමේ සේවාව වැඩිදුරටත් අනාවරණය කළේය.
ග්‍රීන්වුඩ් ඉකුත් 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පැවති යූඊඑෆ්ඒ යුරෝපා ලීග් (UEFA Europa League) තරඟයේදී ඇස්ටානා (Astana) පාපන්දු කණ්ඩායමට එරෙහිව තරඟ වැදී ජය ලබා ගත් අතර, වයස අවුරුදු 17 දී යුරෝපීය තරඟයකදී මෙලෙස ජයග්‍රහණය කළ ලාබාලතම පාපන්දු ගෝල ලාභියා බවට පත්විය.
ඔහු ඉකුත් ජනවාරි මස කාන්තාවක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සහ ඈට ප්‍රචණ්ඩත්වය දියත් කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට පත්වූ අතර, ඉන් දින කිහිපයකට පසුව ලිංගික අපයෝජන සහ මරණ තර්ජන සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සිදුවීමෙන් පසුව, ග්‍රීන්වුඩ් ට ඔහුගේ පාපන්දු සමාජය හෝ ජාතික කණ්ඩායම සමඟ පුහුණු වීම් අත්හිටුවන ලදී.
එලෙස අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ග්‍රීන්වුඩ් ඇප මත නිදහස් කිරීම සිදුවූයේ ඉකුත් පෙබරවාරි මස වන අතර, ඔහුට එල්ල වී ඇති චෝදනාවලට අදාළව විමර්ශන දියත් වන අතරතුර ග්‍රීන්වුඩ් ට පැනවූ පැනවූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ඔහු ඊයේ (14) දින නැවත අත්අඩංගුවට පත්විය.
ජැමෙයිකානු සම්භවයක් ඇති ඉංග්‍රීසි ජාතික ග්‍රීන්වුඩ්ගේ සම්පූර්ණ නම මේසන් විල් ජෝන් ග්‍රීන්වුඩ් ය.
ඡායාරූප: ගෙටී ඉමේජස්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…