ජපානයේ කරුයිසාවා හි තෙදින රැස්වීමක් අවසන් කරමින් එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාවෙන් සමන්විත G7 ඇමතිවරු මෙවර ගනු ලැබූ තීරණ රැසක් පිළිබඳ නව ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අතර යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා වී තිබු අතර, යුද අපරාධ සහ සිවිල් වැසියන්ට එරෙහි රුසියාවේ ප්‍රහාර සහ තීරනාත්මක සිවිල් යටිතල පහසුකම් වැනි අනෙකුත් කුරිරුකම් හේතුවෙන් රුසියාවට එරෙහිව සම්බාධක තව දුරටත් තීව්‍ර කිරීමට තීරණය කර තිබිණි.
එමෙන්ම දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරීත්වය හා තායිවානය සම්බන්ධයෙන් ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සලකා බැලීමේදී ඔවුන් චීනයට නිවේදනය කර තිබුණේ ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරන ලෙසයි.
මීට අමතරව උතුරු කොරියාව සම්බන්ධයෙන්, තවදුරටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ බැලස්ටික් මිසයිල වලින් වැළකිය යුතු ලෙස ඉල්ලා සිටි අතර, එසේ නොවන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවටද අනතුරු ඇඟවීම් කරනු ලැබීය. උතුරු කොරියාව මේ වන විට තහනම් ආයුධ අත්හදා බැලීම් මාලාවක් අත්හදා බලා ඇති අතර පසුගියදා එහි නවතම ආයිධය වශයෙන් ඝන ඉන්ධන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලනු ලැබීය.
G7 ඇමතිවරුන් සුඩානයේ සහ මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කනස්සල්ල පළ කර තිබූ අතර මෙම යුද්ධය සුඩාන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක්වන හෙයින් හමුදාවේ ප්‍රධානියා වන ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සහ ඔහුගේ ප්‍රතිවාදියා වන පැරාමිලිටරි වේගවත් ආධාරක බලකායට (ආර්එස්එෆ්) අණ දෙන මොහොමඩ් හම්දාන් ඩගාලෝගෙන් ඉල්ලා තිබුණේ සතුරුකම් අතැර සාකච්ඡා වෙනුවෙන් යන ලෙසයි. එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ, සියලුම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ක්‍රියාකාරී නිසි පියවරක් ගන්නා ලෙසයි.
ඇෆ්ගන්හි කාන්තාවන්ට පනවා ඇති තලෙයිබාන් නීතීන් පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරමින් ඔවුන් තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලා තිබුණේ, කාන්තාවගේ මානව හිමිකම් සහ මූලික නිදහස සීමාකිරීම් නවතා කාන්තාවන්ද සමාන පුද්ගලයන් ලෙස පිළිගත යුතු බවයි.
G7 ඇමති හමුවේ දී නිකුත් කරන ලද මෙම ප්‍රකාශය එළැඹෙන මස ජපානයේ හිරෝෂිමා හි පැවැත්වීමට නියමිත G7 සමුළුවේදී ගෝලීය නායකයින් සඳහා යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
සශිකලා මධුෂාණී_
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.