මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොලිසියට එසේ ලබාදුන් කැටපෝලයක් ඇල්වරාදෝ නගරාධිපතිවරයා විසින් පරීක්ෂා කරමින් සිටින ආකාරයයි.
ගිනි අවි අතැති පොලිසිය, ඒවා පාවිච්චි කරන්නේ කෙසේද යන්න ගැන ලෝකයේ රටවල් ගණනාවක අර්බුදකාරී තත්වයක් මතුව තිබේ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පොලිසියට තිබෙන පොදු චෝදනාවක් වන්නේ වන්නේ ආයුධ සඟවා ඇති ස්ථාන පෙන්වන්නට යැයි කැඳවාගෙන ගොස් සැකකරුවන් මරාදමන බවයි. ආයුධයක් අතැති නිසාම, සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට නොමැති බලයක් ආඩ්‍ය කරගන්නා පොලිස් දෙපාර්තමේන්තු අතරට මෙක්සිකානු පොලිසිය ද දැන් එක්ව සිටියි.
ඇල්වරාදෝ යනු මෙක්සිකෝවේ පිහිටා තිබෙන වෙරළබඩ නගරයකි. මේ නාගරික පොලිසියේ සිටින අති බහුතරයකට ගිනි අවි වෙනුවට කැටපෝල් ලබාදීමට රජය තීරණය කළේ විශේෂ හේතුවක් නිසා ය. එනම්, මෙක්සිකානු රජය විසින් පවත්වනු ලබන, රාජකාරියේ යෙදීමට සුදුසුකම් තිබේදැයි පරීක්ෂා කර බලන පරීක්ෂණය, ඇල්වරාදෝ පොලිසියෙන් අති බහුතරයක් අසමත් වීමයි.
එනම්, ඇල්වරාදෝ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් නිලධාරීන් 130 දෙනා අතරින් එම පරීක්ෂණය සමත් වී තිබෙන්නේ නිලධාරීන් 30 දෙනෙක් පමණි. ඒ අනුව සෙසු සියල්ලන්ම සිය නිලයන්ගේ කටයුතු කිරීමට නුසුදුසු අය බව තීරණය කර තිබේ.
ඒ අනුව ඇල්වරාදෝ පොලිසියේ නිලධාරීන්ගේ සියලුම ගිනි අවි රාජසන්තක කිරීමට මෙක්සිකෝ ආණ්ඩුව කටයුතු කළේය.
මේ අනුව සෑම ඇල්වරාදෝ පොලිස් නිළධාරියෙකුටම ගිනි අවිය වෙනුවට දැන් කැටපෝලයක් සහ ගල් මල්ලක් ලබාදෙනු ලැබේ.
නගරාධිපති බොගාර් රුයිස් රොසාස් මෙම අර්බුදය පිළිබඳ සඳහන් කරමින් පැවසුවේ පොලිසියට වහාම නව බඳවා ගැනීම් සිදුකර, නව පොලිස් ඇකඩමියක ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදෙන බවයි. නමුත් ඒ, කැටපෝල පුහුණුව පිළිබඳ හෙම නොවේ. නීතිගරුක පොලිස් නිළධාරියෙක් වශයෙන් ගිනි අවියක් නිවැරදිව පරිහරණය කරන්නේ කෙසේද, ගිනි අවියක් පරිහරණය කළ යුතු නිවැරදි අවස්ථාව කුමක්ද යනාදිය ඇතුළත් විද්‍යාත්මක පොලිස් පුහුණුවක් ලබාදීම සඳහා ය.
නගරාධිපතිවරයා නම් පවසන්නේ ජූලි 1 වැනිදා පැවති මෙක්සිකෝ මහමැතිවරණයට සමගාමීව පොලිසිය නිරායුධ කිරීමේ දේශපාලන අරමුණක් මෙම ක්‍රියාව පිටුපස තිබෙන බවයි. නමුත් මෙක්සිකෝ පොලිසිය විසින් අයුතු ජනරාශි මැඬලන ආකාරය, මත්ද්‍රව්‍ය සැකකරුවන් වග විභාගයක් නොමැතිව මරා දමන ආකාරය යනාදිය ප්‍රකට වී ඇති නිසා මෙක්සිකානු රජය මෙම තීරණය වෙනස් කිරීමට කඩිනම් වන්නේ ද නැත.
පසුගිය සමයේ සිදුවූ අතුරුදන්වීම්, මහා පරිමාණ සමූහ ඝාතන සහ අවම වශයෙන් මාධ්‍ය වේදීන් 20 දෙනෙකු පමණ මරා දැමීම වැනි අපරාධ පිටුපස සිටින්නේ පොලිසිය බවට විශ්වාසයක් තිබේ.
මේ වන විට මෙක්සිකෝවේ තිජුවානා, ඔක්සාකා වැනි ප්‍රදේශවල තිබෙන පොලිසිවලට ද කැටපෝල් ලබාදී ඇතත්, ඒ ඔවුන්ගේ අසමත් කමක් නිසා නොව, ගිනි අවි සමග පාවිච්චි කිරීම සඳහා ය. නමුත් ඇල්වරාදෝ පොලිසියට සිදුවුණේ ගිනි අවි බිමින් තබා කැටපෝල්වලින් ගල් කැට විදින්නට පටන් ගැනීමයි.
මේ අනුව මෙක්සිකෝව, හිතුමතේට වැඩ කරන, නීතිය නවන පොලිසියට කැටපෝල් සහ ගල් කැට ලබාදීම මගින් ලෝකයටම ආදර්ශයක් දී තිබෙනවා යැයි ද කිව හැක.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…