ලොව යන අත

සෙල්ෆි නිසා මරණ 250 ක්!

මෙම පර්යේෂණය සිදුකර තිබෙන්නේ All India Institute of Medical Sciences විසින් වන අතර, ඔවුන්ගේ පර්යේෂණය අනුව වැඩිම සෙල්ෆි මරණ ගණන වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාවට පසු රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය යන රටවලින් වැඩිම සෙල්ෆි මරණ ගණනක් වාර්තා වේ.

මෙසේ අවාසනාවන්ත අන්දමින් මියගිය අය අතරින් බහුතරය, එනම් 72% ක් වයස අවුරුදු 30 ට අඩු අය වේ.

කාන්තාවන් පිරිමින්ට වඩා වැඩිපුර සෙල්ෆි ඡායාරූප ගැනීමේ යෙදී සිටින නමුත්, අවදානම් සහගත ස්ථාන ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ ඉතා අඩුවෙනි. මේ නිසා වැඩිම සෙල්ෆි මරණ ගණනකට ලක්ව තිබෙන්නේ පිරිමි පාර්ශවයයි.

උස් ගිරි මුදුන්, ප්‍රපාත අද්දර, දියඇලි අසල සහ උස් ගොඩනැගිලිවල පියැසි අද්දර සිට සෙල්ෆි ගැනීම් හේතුවෙන් ඇද වැටීම, දියේ ගිලීම වැනි අනතුරු නිසා වැඩිම මරණ සංඛ්‍යාවක් මේ අතර වාර්තා වේ.

මේ අතරින් වැඩිම පිරිසක් මිය ගොස් තිබෙන්නේ දියේ ගිලීම නිසා ය.

දෙවැනි හේතුව, ‘ගමනාගමනය‘ හා සම්බන්ධ වේ. උදාහරණයක් වශයෙන් ගමන් ගන්නා දුම්රියක් ඉදිරියේ සිට සෙල්ෆි ගැනීම දැක්විය හැක.

තුන්වැනි සෙල්ෆි මරණකාරකය වන්නේ ගින්දර සහ උස් ස්ථාන වේ.

මේ අතර කොටින්, ව්‍යාඝ්‍රයන් වැනි භයානක සතුන් සමග සෙල්ෆි ගැනීමට යාම නිසා සිදුවූ මරණ 8 ක් පිළිබඳව ද පර්යේෂණ වාර්තාව සඳහන් කරයි.

කෙසේ නමුත් වාර්තා නොවූ මරණ ද විශාල සංඛ්‍යාවක් තිබිය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති. උදාහරණයක් වශයෙන් වේගයෙන් ගමන් ගන්නා වාහනයක සිට සෙල්ෆි ගැසීමට ගොස් මරණයට පත් වූ කෙනෙකුගේ මරණයට හේතුව ලෙස රිය අනතුරක් දක්වා තිබිය හැක. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවල, සෙල්ෆි මරණ වාර්තා වීමේ සම්භාවිතාව අඩු බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

වාර්ෂිකව සෙල්ෆි මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් ද දැකගත හැකි බව ද මේ අතර නිරීක්ෂණය වේ.

‘නෝ සෙල්ෆි කලාප‘ – ‘No selfie’ zones

මෙම පර්යේෂණයේ කතුවරුන් යෝජනා කර සිටින්නේ මෙම තත්වය තුළ ලෝකයේ රටවල් විසින් සෙල්ෆි තහනම් කලාප හඳුනාගැනීම අත්‍යාවශ්‍ය බවයි. උදාහරණ වශයෙන් කඳු මුදුන්, දිය ඇලි හෝ ජලාශ සහ උස් ගොඩනැගිලිවල පියැසි මෙවැනි කලාප විය හැක. ඉන්දියාව තුළ පමණක්, මුම්බාය නගරය ද කේන්ද්‍ර කරගෙන මෙවැනි ‘නෝ සෙල්ෆි කලාප‘ 12 ක් දැනට හඳුනාගෙන ඇත.

2015 වසරේදී වාර්තා වූයේ, රුසියාවේ සෙල්ෆි මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග, රුසියානු පොලිසිය විසින් ‘ආරක්ෂිත සෙල්ෆි‘ – “safe selfies‘‘ සඳහා මිනිසුන් දිරිගන්වන මුද්‍රිත පත්‍රිකා බෙදා හැරි බවයි.

Share

Recent Posts

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

7 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

8 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

9 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago