ක්‍රීඩා

තුන මොරොක්කෝව ද ක්‍රෝඒෂියාව ද

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අද පැවත්වෙන තරගයෙන් මෙවර තෙවන ස්ථානය දිනා ගන්න කණ්ඩායම තීරණය වීමට නියමිතයි.එම තරගය පැවත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව අතරයි.මෙවර පෙරළිකාරම කණ්ඩායම මොරොක්කෝවයි.1986 පසු ප්‍රථම වරට සුපිරි 16 වටයට මෙවර පිවිසි මොරොක්කෝව ඒ පිවිසුම අවසන් කරන්නේ සමස්ත අප්‍රිකාවටම කීර්තියක් දෙමින් තරගයේ අවසන් කණ්ඩායම් හතර අතරට ආ පළමු අප්‍රිකා කණ්ඩායම වෙමින්.සමහර විට අද තරගයේදී ඔවුන් එය තවත් පියවරක් ඉදිරිය ගොස් තෙවන ස්ථානය තහවුරු කර ගන්නට ද ඉඩ තිබෙනවා.

මොරොක්කුවේ පාපන්දුවේ පෙරළීම ස්ථාවර එකක් නොවන බව ඔවුන්ගේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී පැහැදිළියි.1970 දී පළමු වරට ලෝක කුසලාන තරගයට පිවිසෙන මොරොක්කෝව යළි එවැනි අවස්ථාවක් ලබන්නේ 1986 දී යි.එවර ඔවුන් කණ්ඩායම් 16 අතරට ද පිවිසුණත් ඉන් පසුව යළිත් ලෝක කුසලාන තරගාවලියක සහභාගීත්වයක් දකින්නට ලැබෙන්නේ 1994 දී යි.1998 දී ත් ඔවුන් තරගාවලිය නියෝජනය කරන්නට සමත්කම් දක්වනවා.එහෙත් එරට තිබෙන සමාජ දේශපාලනික අර්බූද නිසා දෝ පාපන්දු එක දිගට සාර්ථකව පෙරළෙන්නේ නැහැ.එසේත් නැතිනම් පෙරළන්නට නායකත්වය දෙන්නට අවශ්‍යය සමාජ දේශපාලනික පරිසරය නැහැ.ඒ නිසා යළි ඒ නිසා ඔවුන් තරගාවලියකට සහභාගි වන්න සුදුස්සන් වන්නේ 2018 දී යි.එහිදී ත් තමන් නියෝජනය කරන කාණ්ඩයෙන් 16 දෙනා අතරට ඒමට අවශ්‍යය සුදුසුකම් සපුරා නොගන්නා මොරොක්කෝව මෙවර පැමිණ දැන් තුන හෝ හතර යන් ස්ථාන දෙකෙන් එකක් තීරණය කරගෙන අහවරයි.

නමුත් මේ තත්ත්වය යළිත් 2026 දි ත් මොරොක්කෝ පාපන්දුවෙන් දකින්නට ලැබේද යන උභතෝකෝටිකය තිබෙනවා.පිටියට බහින ක්‍රීඩකයින්ගෙන් පමණක් රටක පාපන්දු සාර්ථකත්වය මනින්න බැහැ.ඒ නිසා පාපන්දුව පවතින හොඳට දක්ෂතා දකින පරිසරයකින් රටේ තත්ත්වයද කියැවෙන නිසා මෙවර මොරොක්කෝ පාපන්දු ක්‍රීඩකයෝ තමන්ගේ රටේ කීර්තිය වෙනුවෙන් කැප වූ සහ රටේ සමාජමය වශයෙන් යම් ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බව ද පැහැදිළි කරා.ඒ නිසා අස්ථාවර සමාජ පද්ධතියක් සහිත රටකට සිය දේශපාලන සහ සමාජ අර්බූද සමඟ මේ පාපන්දුව මේ ආකාරයටම පවත්වාගෙන යන්නට 2026 වසරේදීත් අවස්ථාව ලැබෙනවානම් එය පාපන්දුව පමණක් නොව මානව සමාජයම ලබන ජයග්‍රහණයක්.

ක්‍රොඒෂියාවට දිගු කාලීන ඉතිහාසයක් ඇතත් ඔවුන්ගේ ස්වාධීන වූ පාපන්දු පිබිදීම ලෝක කුසලාන පාපන්දුව සමඟ සම්බන්ධ වෙන්නේ 1998 සිටිය.නව නිදහස යුගොස්ලෝවියානු බැදීමෙන් මිදී 1991 සිට අත් විඳින ක්‍රොඒෂියාව ලෝක බැංකුව විසින් ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් ලෙස වර්ග කර ඇති අතර මානව සංවර්ධන දර්ශකයේ ඉහළම ශ්‍රේණිගත කිරිමක පසුවෙයි.එමෙන්ම ලොව ඉහළම සංචාරක ගමනාන්ත 20 අතරට ද අයත්වන ක්‍රොඒෂියාව මිනිස් නිදහස ඉහළින්ම පවතින රාජ්‍යයක් නිසා 1998 ලෝක පපාන්දු පිටියට තැබූ පය යළි ආපසු රැඟෙන ඇත්තේ 2010 දී පමණය.
ඔවුන් 1998 දී සිය ප්‍රවේශය සටහන් කරන්නේම තෙවැනි ස්ථානය දිනා ගනිමින්ය.එතැන් පටන් 2010 හැරෙන්නට සියලු පාපන්දු ලෝක කුසලාන නියෝජනය කරන්නට වරම් ලද ක්‍රොඒෂියාව 2018 දී ලෝක අනු සූරතාවය දිනූ අතර අද වන යළිත් මේ වසරේ හොඳම කණ්ඩායම් හතර සිටියි.තව පැය කිහිපයකින් ඔවුන් තෙවන ස්ථානය වුව දිනා ගන්නට ඉඩ ඇත.මෙවර කණ්ඩායමට නායකත්වය දෙන ලුකා ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ය.ඒ නිසා කණ්ඩායම් හැඟීමෙන් එකා වන්ව සටන් වඳින මොරොක්කෝ ප්‍රවේගයකට එරෙහිව ක්‍රොඒෂියාව දමන බුද්ධිමය බාධක කවරේද යන්න මේ තරගයේ ප්‍රදර්ශණාත්මක බවේ සහ තියුණු බවේ සංඛේත වනු ඇත.

නමුත් ලෝක කුසලාන පාපන්දු ඉතිහාසය තුළ ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව හමු වි අති එකම අවස්ථාව සටහන් වන්නේ ජය පරාජයෙන් තොරව විසඳුණ තරගයක් හැටියට ය.මෙවර කණ්ඩායම් දෙකේම විශේෂත්වය වී ඇත්තේ ඔවුන්ගේ දැල් රකින්නන් දෙදෙනාය.මොරොක්කෝවේ යාසින් බොව්නෝ සහ ක්‍රොඒෂියාවේ ඩොමිනික් ලිවකොවික් තීරණාත්මක සාධක වෙන අතර මොවුන්ගේ මායාකාරී දෑත් මඟ හරින්නට දක්ෂවන පිරිස මෙන්ම එම කණ්ඩායම්වල ආරක්ෂක පෙළ කෙතරම් විමසිලිමත් සහ උපායශිලීව මොවුන්ට සහය දෙනවා ද යන්න අද දවසේ ජයග්‍රහණයේ සාධක වනු ඇත.

RM

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

4 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

5 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

20 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago