එසැණ පුවත්

එවරස්ට් මුදුන ‘මාරක කලාපයක්‘ වෙයි. මේ වසරේ 11 දෙනෙක් මිය ගිහින්!


එවරස්ට් ලොව උසම කදු ශිඛරයට යන්නට ආශා නොවන්නෝ කවරහුද? එහෙත් එහි ගොස් නොසිතූ විරූ අන්දමින් දිවි ජීවිතය අහිමි කර ගන්නට සිදු වීම කෙතරම් අභාග්‍ය්‍යක්ද?

2019 කඳු නැගීමේ වකවානුව තුළ එවරස්ට් ශිඛරයේදී මිය ගිය පුද්ගලයින් ගණන 11 කි. ඔවුන් සියල්ලන්ම මිය ගියේ කන්ද තරණය කොට මුදුනටම ගිය පසුවය.

ඇමරිකානු ජාතික 62 හැවිරිදි ක්‍රිස්ටෝපර් ජෝන් කූලිෂ් මිය යාමට පෙර කඳු ශිඛරයට නැගීමේදී ගත් ඡායාරූපද සමාජ මාධ්‍ය ජාලාවලට එක් කළ ඔහු එහිදී දන්වා තිබුණේ කඳු ශිඛරයට ළගා වන්නන් අධික වීම හේතුවෙන් එහි පවතින අඩු ඔක්සිජන් ප්‍රමාණය තවත් අඩු වන බවයි. ක්‍රිස්ටෝපර් එසේ මිය ගිය 11 වැනියාය.

පසු ගිය සඳුදා තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගියේය . ඔහුගෙ නෑදෑයින් පැවසුවේ ඔහු සිය ජීවිතයේ සිහිනය සැබෑ කර ගනිමින් මිය ගිය බවයි.

සිහින සැබෑ කරගන්නට එසේ ලොව උසම කදු ශිඛරයට නගින්නන් එසේ මිය යන්නේ කෙසේද?
අපහසු කාල ගුණය, අත්දැකීම් අඩු බව, වාණිජකරණය, ආදී හේතු ඒ අතර වෙයි.

එවරස්ට් කන්ද තරණයට ප්‍රවේශයන් කිහිපයක්ම තිබුණද කදු ශිකරයට යෑමට ඇත්තේ ඉතා අසීරු කුඩා මාර්ගයකි. කදු ශිකරයේ ප්‍රවේශ මාර්ගය දකුවා ගමන්කරන්නන්ට ඇතැම් විට දින ගණනාවක් මග බලා සිටින්නට සිදු වේ . ඒ ක්‍රමයෙන් එවරස්ට් නගින්නන්ගේ ජනගහණය වැඩි වීම හේතුවෙනි.

අවසානයේ මිය ගිය ක්‍රිස්ටෝපර් කුල්ෂි සමාජ මාධ්‍ය වෙත දන්වා සිටායේ කඳු ශිඛරයට නැගීමට තමන්ට දින කිහිපයක් බලා සිටින්නට සිදුවන බවයි. එතෙක් ඔවුන්ට රැඳී සිටින්නට සිදුවන්නේ අධික ශීතලේ ය. මීටර් 8600ක් එනම් අඩි 28215ක් උසක සිට ශීතලෙන් ගැහෙමින් තම ජීවිතයේ එකම සිහිනය සෑබෑ කරගන්නට ඔවුන්ට මග බලා සිටින්නට සිදු වේ. කූල්ෂි මිය ගොස් තිබුණේ සිය සිහිනය සැබෑ කරගෙන නැවත එන අතර තුරේදීය. ඔහු ඇමරිකානු ජාතික නීතීඥවරයෙකි.

American lawyer Christopher Kulish died while climbing Mt Everest, making him the 11 death on the mountain in 2019

මැයි 20 වන දායින් ආරම්භ කළ සතිය තුළ එවරස්ට් දක්වා ගිය කදු නගින්නන් සංඛ්‍යාව ඉතා අධික විය. කඳු ශිඛරයේ ඔක්සිජන් ප්‍රමාණය අතිශය සීමාකාරී වීමට මෙය දැඩි සේ බලපාන්නට ඇත. අමතර ඔක්සිජන් ලබා නොගන්නේ නම් බොහෝ අය ජීවිතයෙන් සමුගැනීමට පවා පුළුවන. එය සැබවින්ම හදුන්වන්නේ ” මාරක කලාපය” නමිනි.

එවරස්ට් මග පෙන්වන්නෙකු වන අඩුරියන් බාලින්ගර් සී එන් එන් පුවත් සේවයට මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ එවරස්ට් යනු මිනිසුන්ගේ අත්‍යන්ත අභියෝගයක් වුවද ගැටළුව වන්නේ තරණය කිරීමට පැමිණෙන්නන්ගේ අත්දැකීම් අවම වීමත්, ඇතැම් ආයතන සේවාවන් සැපයීම සදහා සූදානම් වීමත් බවයි.

අත්දැකීම් අඩු අයට කන්ද තරණයට සිදුවන්නේ සහායකයන්ද සමගිනි. ඔහුට අනුව අඩි 26000ක උස යනු සැබවින්ම මිනිසෙකු කිසිසේත් සිටින්නේ යැයි නොසිතිය හැකි ස්ථානයකි.

තරණය කරන්නන් කඳු මුදුනේදී බෝතල් කළ ඔක්සිජන් හෝ අතිරේක ඔක්සිජන් භාවිතා කළද එසේ සිටිය හැක්කේද පැය කිහිපයක් පමණි. ඉන් පසු ශරීරය ක්‍රමයෙන් විවිධ සංකූලතාවට මුහුණ දෙන්නට පටන් ගනියි. එවැන් පසුබිමක් මත අඩි 26000ක උසකින් සිටින මිනිසෙකුට ආශ්වාසය සඳහා තදබදයකට මුහුණ දෙන්නට සිදුවීම, මග බලා සිටින්නට සිදුවීම, ඊට වඩා පහළින් ‘පහසු කලාප‘වල දිවි ගෙවන ඔබට මට සිතාගැනීම පවා නොහැකි රුදුරු අත්දැකීමකි.

Share

Recent Posts

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

8 mins ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

17 mins ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

3 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

5 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

23 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

1 day ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

1 day ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 days ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 days ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

3 days ago