කලා

දරු පැටවුන්ට, තරුණ තරුණියන්ට, ජීවිතයේ මැදිවිය හමුවන්නන්ට එක වගේ හිරිගඬු පිපුණු වගයි! සුපර් මාරියෝ රිදී තිරයට!

ගෝලීය ප්‍රපංචයක් වන ‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ (Super Mario Bros) විශ්වය සිනමාවට ඇතුළු කරමින් ත්‍රිමාන සජීවීකරණයෙන් නිර්මාණය කළ නව සුපර් මාරියෝ බ්‍රදර්ස් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අද (07) දින පළමු වරට නිකුත් විය.

මෙය කුඩා දරුවන්, තරුණ ප්‍රජාව පමණක් නොව ජීවිතයේ මැදිවියට එළඹෙන ප්‍රජාවට පවා එක හා සමානව රෝම උද්ගාමනය වන මොහොතකි. සතලිස් වසරක් පුරාවට ‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ ගෝලීය ප්‍රපංචයක් බවට පත්වෙමින් ලොකු පොඩි සැමගේ හදවත් එක හා සමානව දිනා ගැනීමට සමත්ව තිබීම ඊට හේතුවයි.

මෙම අවස්ථාව විශේෂ වන්නේ වීඩියෝ ක්‍රීඩාවලට නැඹුරු ප්‍රජාවටයි. ලොව පුරා මාරියෝ රසිකයන්ටයි. 80 දශකයේ තම ළමා විය ගතකරමින් ‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ වික්‍රම අත්විඳි ප්‍රජාව අද වන විට ජීවිතයේ මැදිවියට එළෙඹෙින් මෙම පුවතට ප්‍රතිචාර දක්වයි. 90 දශකයේ සහ 2000 දශකයේ ඉපදුනු පරපුර තරුණ පුද්ගලයන් වශයෙන් මෙම පුවතට ප්‍රතිචාර දක්වයි. 2010 වසරෙන් පසු ඉපදුණු ප්‍රජාව දරුවන් වශයෙන් මෙම පුවතට ප්‍රතිචාර දක්වයි.

සුපර් මාරියෝ ගෝලීය ප්‍රපංචයක් බවට පත්කරමින් 1985 වර්ෂයේ නිකුත් වූ සුපර් මාරියෝ බ්‍රදර්ස් ක්‍රීඩාව | ඡායාරූපය: අන්තර්ජාලය
සුපර් මාරියෝ ගෝලීය ප්‍රපංචයක් බවට පත්කරමින් 1985 වර්ෂයේ නිකුත් වූ සුපර් මාරියෝ බ්‍රදර්ස් ක්‍රීඩාව | ඡායාරූපය: වීකිපීඩියා

එය 1981 වසරයි.. නින්ටෙන්ඩෝ (Nintendo) වීඩියෝ ගේම් සමාගම විසින් හඳුන්වා දුන් දරදඬු ගෝරිල්ලකු ගෙන් තම පෙම්වතිය පෝව්ලිනා බේරා ගැනීමට පඩියෙන් පඩිය, තට්ටුවෙන් තට්ටුව නැඟ එන වීරෝදාර ජලනල කාර්මිකයකු වීඩියෝ ක්‍රීඩා රසිකයන්ගේ හද දිනා ගනී.

එහෙත් ඔහුට නමක් ගමක්, පසුබිම් කතාවක්, සහෝදරයකු සහ ශක්තිමත් කතා විස්තරයක් හිමිවීමට තවත් වසර දෙකතුනක්ම ගතවෙයි. 1983 වසරේදී නිකුත්වන ‘මාරියෝ බ්‍රදර්ස්’ (Mario Bros) වීඩියෝ ක්‍රීඩාව හරහා හඳුනා ගන්නා ඔහු මාරියෝ (Mario) ය. ඔහුගේ සොයුරු ලුයිජි (Luigi) ය. මෙම සහෝදර දෙපළ එක්සත් ජනපදයේ බෘක්ලින් හි වෙසෙන ඉතාලි ජාතික ජනනල කාර්මිකයන් දෙපළකි.

එතැනින් ආරම්භවන මාරියෝ සොයුරන්ගේ වීර ක්‍රියා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට තවත් වසර දෙකක් ගතවෙයි. 1985 වසරේදී පළමු වරට නින්ටෙන්ඩෝ සමාගම විසින් නිකුත් කරන ‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ (Super Mario Bros) වීඩියෝ ක්‍රීඩාව තුළ, තමා ජීවත්වන ලෝකයට අමතරව තවත් ලෝක මෙම විශ්වයේ තිබෙන බව හඳුනා ගන්නා මාරියෝ සහ ලුයිජි සොයුරු දෙපළ හතුපිපෙන ‘මෂ්රූම් රාජධානියේ’ (Mushroom Kingdom) කිරුළට උරුමකම් කියන ටෝඩ්ස්ටූල් කුමරිය (Princess Toadstool – PEACH) ගේ වේදනාත්මක උදව් ඉල්ලීමේ අඳෝනාව ඇසීම හමුවේ වහා විමර්ශනය කිරීමට ඉදිරිපත් වෙයි. බවුසර් කූපා (Bowser Koopa) නම් ගිනිපිටකරන රෞද්‍ර මකරකු සහ උගේ හෙංචයියන් විසින් මෂ්රූම් රාජධානිය අත්පත්කරගෙන තිබෙන බවත්, එම රාජධානියේ කිරුළට උරුමකම් කියන ටෝඩ්ස්ටූල් කුමරිය පැහැරගෙන ඇති බවත් මාරියෝ සහ ලුයිජි සොයුරු දෙපළ දැනගනී. ගිනිජාලා පිටකරන නපුරු බවුසර් මකරාගෙන් කුමරිය බේරාගෙන මෂ්රූම් රාජධානිය බේරාගැනීමේ මෙහෙයුම මාරියෝ සොයුරු දෙපළ අරඹයි!

80 දශකයේ සිට මේ දක්වා සුපර් මාරියෝ විශ්වය හා බැඳී වීඩියෝ ක්‍රීඩා 200 කට අධික ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. | ඡායාරූපය: අන්තර්ජාලය

මාරියෝ සොයුරු දෙපළ ගේ වීර ක්‍රියා සැබවින්ම ආරම්භවන්නේ එතැන් පටන් ය. මේ අන්තරාදායක වික්‍රමය තුළ මාරියෝ සොයුරු දෙපළට උදව්වට පැමිණෙන මෂ්රූම් රාජධානියේ මිතුරෝ කිහිපදෙනෙකුම වෙති. ටෝඩ්ස්ටූල් කුමරියගේ විශ්වාසවන්ත ම සේවක ටෝඩ් (Toad) මින් එක් අයෙකි. සුපිරි ජවයක් ලබා දෙන හතු (Mushrooms), අහිමි විය හැකි ජීවිතයකට යළි ජීවිතයක් ලබා දෙන හතු (One-Up Mushrooms) ගිනි ජාලා පිට කිරීමේ හැකියාව ලබා දෙන ගිනිමල් (Fireflowers), සහ අනභිභවනීය ජවයක් ලබා දෙන තාරකා (Invincibility Star) මේ අතර වෙයි.

මාරියෝ ක්‍රීඩා පළමු වරට වීඩියෝ ක්‍රීඩා රසිකයන් අතරට පත්වන්නේ ඇමරිකානු නින්ටෙන්ඩෝ එන්ටර්ටේන්මන්ට් සිස්ටම් (Nintendo Entertainment System: NES) සහ ජපාන ෆැමිකොම් (Family Computer: FamiCom) කොන්සෝල හරහා ය. | ඡායාරූපය: වීඩියෝචම්ස්

1981 වර්ෂයේ සිට මේ දක්වා ‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ විශ්වය හා බැඳි නින්ටෙන්ඩෝ සමාගම විසින් නිකුත්කර ඇති වීඩියෝ ක්‍රීඩා සංඛ්‍යාව අති විශාලය. තව ද, 80 දශකයේ සහ 90 දශකයේ මේ ආශ්‍රිත සති අන්ත කාර්ටූන මාලා කිහිපයක් ද, සජීවී චිත්‍රපටයක් 1993 වර්ෂයේ ද නිකුත් විය. මෙකි කාර්ටූන සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් මුත් චිත්‍රපටය කෙරේ එල්ල වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවෙයි.

සුපර් මාරියෝ නිර්මාතෘ ෂිගෙරු මියෝමෝටෝ (මැද), වීඩියෝ ක්‍රීඩා නිශ්පාදක ටකාෂි ටෙසුකා (වම්පස) සහ අතිජනප්‍රිය සුපර් මාරියෝ තේමාගීතයේ නිර්මාතෘ කොජි කොන්ඩෝ (දකුණු පස) සමඟ | ඡායාරූපය: වීකිපීඩියා

එහෙත් ඒ සියල්ලටම සාධාරණය ඉෂ්ට කරමින් දැන් ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටි අන්දමේ ම ‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ චිත්‍රපටයක් නිකුත් වීමට නියමිත ය.

නව ‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ චිත්‍රපටය 2023 අප්‍රේල් 07 වන දින තිරගත වීමට නියමිත ය. මාරියෝට හඬ කවන්නේ හොලිවුඩයේ සුපිරි පෙම්වතා ක්‍රිස් ප්‍රැට් ය. මාරියෝ විශ්වයේ සදාකාලික දුෂ්ටයා බව්සර් කූපා මකරාට හඬ කවන්නේ හොලිවුඩයේ උත්ප්‍රාස රජු ජැක් බ්ලැක් ය. මීට අමතරව, ආන්යා ටේලර්-ජෝයි, චාර්ලි ඩේ, චාර්ල්ස් මාර්ටිනෙට්, සෙත් රෝගන්, කීගන්-මයිකල් කී, කෙවින් මයිකල්, ෆ්‍රෙඩ් ආර්මිසෙන්, සෙබස්ටියන් මැනිස්කල්කෝ ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනයන් රැසක් මීට හඬ කැවීමේ ශිල්පීන්, ශිල්පිනයන් ලෙස දායකත්වය ලබා දී ඇත.

‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ සංකල්පය ජපාන ජාතික ෂිගෙරු මියොමෝටෝ ඇතුළු වීඩියෝ ක්‍රීඩා නිශ්පාදන කණ්ඩායමේ නිර්මාණයකි. නව චිත්‍රපටය නින්ටෙන්ඩෝ (Nintendo), ඉලුමිනේෂන් (Illumination) සහ යුනිවර්සල් පික්චර්ස් (Universal Pictures) සමාගම්වල එකතුවෙන් නිශ්පාදනය වන අතර, අධ්‍යක්ෂණය ඇරොන් හොර්වත් සහ මයිකල් ජෙලෙනික් ගෙනි. නිශ්පාදනය ‘සුපර් මාරියෝ බ්‍රදර්ස්’ නිර්මාතෘ ෂිගෙරු මියොමෝටෝ සහ ක්‍රිස් මෙලෙඩැන්ඩි ගෙනි.

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

4 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

4 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago