අභාවප්‍රාප්ත වූ හිටපු ඊජිප්තු ජනපති මොහමඩ් මෝර්සි ගේ පුතකු තම පියාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක් බව පවසයි.
ඒ අනුව ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටාහ් එල්-සිසි හා තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුම මීට සම්බන්ධ බව ඔහු පවසයි.
ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයකින් තේරී පත් වූ පළමු ජනාධිපති මොහමඩ් මෝර්සිය. 2013 වර්ෂයේ ඔහු පරාජයට පත්වන්නේ එල්-සිසි විසින් මෙහෙයවූ හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් බව කියවේ. ඔත්තු බැලීමේ චෝදනා මත සිරගත වූ මෝර්සි පසුගිය සඳු දින කයිරෝ හි පැවති නඩු දිනයකදී ඔහු හිඳ සිටි වීදුරු ආවරණ කුටිය තුළදී සිහිසුන්ව ඇද වැටිණ. පසුව ඔහු මරණයට පත් වූ බවට වාර්තා විය.
මොර්සිගේ පුත් අබ්දුල්ලා බ්‍රහස්පතින්දා දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ තම පියා ගේ මරණය වර්තමාන ජනාධිපති එල්-සිසි ඇතුළු කණ්ඩායමකගේ සැලසුම් සහගත මිනීමැරුමක් බවයි.
තම ට්විටර් පණිවිඩය තුළින් ජනාධිපති ට අමතරව, වෙනත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ ම නම් ඔහු විසින් හෙලි කරන ලදී.
ඒ අනුව, ඔහු විසින් හිටපු අභ්‍යන්තර කටයුතු ඇමතිවරුන් වන මහ්මුඩ් තව්ෆික් හා මාග්දි අබ්දෙල් ඝෆාර්, විනිසුරුවරුන් වන ෂිරින් ෆාහ්මි, ෂාබන් අල්-ෂාමි හා අහ්මඩ් සබ්රි ද, නීතිපති නබිල් සදෙක් හා බුද්ධි අංශ ප්‍රධානී අබාස් කමෙල් නම් කරන ලදී.
වාර්තා වන අන්දමට, ඊජිප්තු රජය මෙතෙක් මිය ගිය මෝර්සිගේ පුත් අබ්දුල්ලා ඉදිරිපත් කළ චෝදනා වලට ප්‍රතිචාර දක්වා නැත.
අභාවප්‍රාප්ත වූ හිටපු ජනපති මෝර්සි ඊජිප්තුවේ ජනපති ධූරයට පත්වූයේ 2012 වර්ෂයේදීය. ඔහුට එරෙහිව නැඟුණු චෝදනා ඔහු ජීවත්ව සිටියදී ඔහු ඇතුළු ඇතැම් මානව හිමිකම් සංවිධාන පවා පෙන්වා දුන්නේ දේශපාලන පලිගැනීම් මත ගොඩ නැඟුණු ඒවා බවය.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.