යුක්රේන මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් අද (07) දින පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කළේ ගුවන් යානා බිම හෙලීමට ඉලක්ක කර ඇති මිසයිල පද්ධති සහ ආරක්ෂක පද්ධති ඇතුළු විවිධ වර්ගයේ ආයුධ යුක්රේනයට ලබා දීමට නේටෝ සංවිධානය කටයුතු කරන බවයි.
එමෙන්ම, තම හවුල්කාර පාර්ශවයන් විසින් රුසියාවට විරුද්ධව දිගටම සම්බාධක පැනවීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.
යුක්රේනය හරහා මෙම ගැටුම උත්සන්න වීම වැළැක්වීමට නේටෝ සංවිධානයට වගකීමක් ඇති බවත්, යුක්රේනයට සහාය ලබා දෙන අතරම මෙම ගැටුම වැළැක්වීමට දැඩි ලෙස උත්සාහයක නිරත වන බවත් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මහ ලේකම් වරයා වැඩිදුරටත් පවසා ඇත.
මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ බෙල්ජියමේ බෘසෙල්ස් නගරයේදී ය. එම මාධ්‍ය හමුවට යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා ද සහභාගී වී සිටියේය.
මාධ්‍ය හමුව අමතමින් යුක්රේන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ යුක්රේනයට ලැබෙන ආයුධ ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවත්, මෙම ආයුධ ඉක්මනින් ලැබෙන තරමට මිනිස් ජීවිත වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිවනු ඇති බවත් ය. එමඟින් තවත් නගර, ගම්මාන විනාශ නොවනු ඇති බවත්, තම මිත්‍ර රාජ්‍යයන්ට ලබා දීමට ඇති සරල පණිවිඩය මෙය බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…