මෙය සිදුව ඇත්තේ නිරෝධායනයේ සිටි එකොළොස් දෙනකුට කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය වැළදී ඇති බව පෙන්වූ පරීක්ෂණ ප්‍රතිඵලත් සමගිනි.
යුරෝපයෙන් පැමිණ ඇති මේ සියලු ආසාදිතයන් එසේ පැමිණීමෙන් අනතුරු ව දින දහ හතරක නිරෝධායනයේ තබන ලද අතර ඔවුන් ගේ සමීප ආශ්‍රිතයන් ද ඉන් පෙර ම නිරෝධායනය කර තිබේ.
දැනට B117 ප්‍රභේදය ප්‍රජාව අතර පැතිරෙන බවට තොර්තුරු නැතැයි එක්සත් රාජධානියේ හමුවූ නව ප්‍රභේදය පිළිබඳ අදහස් පළ කරමින් සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය පසු ගිය බදාදා කියා සිටියේ ය.
සිංගප්පූරුව යුරෝපයෙන් පැමිණෙන කොවිඩ් 19 ආසාදිතයන්ට වෛරස ජානමය අනුක්‍රමික පර්‍යේෂණ (viral genomic sequencing) පවත්වමින් සිටියේ ය.
මේ ප්‍රභේදය යුරෝපයෙන් පැමිණි 31දෙනකු අතර තිබූ අතර ඔවුන් සිංගප්පූරුව වෙත පැමිණ ඇත්තේ නොවැම්බර් 17ත් දෙසැම්බර් 17 අතර ය. ඔවුන්ට කොවිඩ් 19 ඇති බව මේ මස තහවුරු විණ.
නව ප්‍රභේදය ආසාදනය වූ රෝගියා සිංගප්පූරුවට එක්සත් රාජධානියෙන් පැමිණ ඇත්තේ දෙසැම්බර් 6 වැනිදා වන අතර, ඇය පැමිණීමෙන් අනතුරුව නිරෝධායනය කිරීමෙන් පසුව දෙසැම්බර් 8 වැනිදා රෝගය වැළදී ඇති බවට සොයා ගනු ලැබිණ. ඇගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇති අතර, ඔවුන් ගේ නිරෝධායන කාල සීමාව අවසානයේ රෝගය වැළදී නොමැති බව සොයා ගැනිණ.
මෙම ආසාදිතයා හුදෙකලා කර ඇති බවත් ඇය ගෙන් වෛරසය පැතිර යාමක් සිදු නොවනු ඇති බවත් සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියි.
තවත් එකොළොස් දෙනෙකු ගේ පර්‍යේෂණ වාර්තා ලැබෙන්නට නියමිත ය.
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පැතිර යාම වැළැක්වීමට මෑත දි එක්සත් රාජධානියට ගොස් තිබෙන සංචාරකයන් පැමිණීම සිංගප්පූරුව විසින් අවහිර කර ඇත.
කෙසේ නමුත් මේ අතර ඊයේ දිනයේ නිවේදනය වූයේ මේ වන විට සාර්ථක ලෙස එක්සත් රාජධානිය පුරා එන්නත් කෙරෙමින් පවතින බයොන්ටෙක් එන්නත, මෙම නව වෛරස් මාදිලිය සඳහා ද සාර්ථක ප්‍රතිචාරයක් දක්වන බවයි.
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.