ඊයේ 16 වන දා ඇමරිකානු ජනපති ඩෝනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති වලැඩිමියර් පුටින් අතර හමුවක් ෆින්ලන්තයේ හෙල්සින්කි හී දී පැවැත්වැණි.
මුළු ලෝකයේම අවධානය මෙන්ම ඇමරිකානු , බ්‍රිතාන්‍ය මෙන්ම රුසියානුවන් රැසකගේ විවේචන මෙන්ම විරෝධතා මැද මෙම හමුව පැවැත්වීමට ට්‍රම්ප් ට හා පුටින්ට සිදු විය.
පැය දෙකක් ඔවුන් එකිනෙකා සාකච්ඡා කළහ.
හමුව අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායකයින් දෙදෙනාම තම තමන්ගේ හමුව සාධාරණී කරනය කළා මෙන්ම එකිනෙකා විසින් එකිනෙකාව සාධාරණී කරනය කර ගත්හ.
ඇමරිකානු ජනපති වරයා රුසියානු ජනපති හමුවීමට තීරණය කලේ , ට්‍රම්ප් ජනපති බවට පත්වූ ඇමරිකානු මැතිවරණයට මැදිහත් වූ බවට රුසියානුවන් 12 දෙනෙකු චෝදනා ලබමින් සිටින අතරතුරයි.
කෙසේ වෙතත් හමුව අවසානයේ දෙදෙනාම පැවසුවේ මෙතෙක් තිබූ ඇමරිකානු රුසියානු ශීතල යුද්ධය මින් නිමා වනු ඇති බවයි.
ට්‍රම්ප් මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ ඇමරිකානු මැතිවරණයට මැදිහත් වීමට රුසියාවට කිසිම හේතුවක් නොතිබූ බවයි.
රුසියාව මෙතෙක් හැසිරුණේ කෙසේද යන්න ගැන එහෙම පිටින්ම අමතක කළ ඇමරිකානු ජනපති ඔහුට පෙර ඇමරිකානු පාලකයන් විසින් රුසියාව සමග සබඳතා නොපැවත්වීම පිළිබඳව චෝදනා කර සිටියේය.
රුසියානු ජනපති වරයා පැවසූවේ ඇමරිකානු පරීක්ෂණ කණ්ඩායම් වලට ඕනෑම වෙලාවක පරීක්ෂණ සඳහා රුසියාවට පැමිණිය හැකි බවයි.
ඇමරිකානු මැතිවරණය මත රුසියානු මැදිහත් වීම සම්බන්ධව පුටින් පැවසූවේද ට්‍රම්ප්ට සමාන අදහසකි. එවැනි මැදිහත්වීමක් ගැන සිතීම පවා මුළුමුනින්ම විහිළුවක් බව ඔහු ප්‍රකාශ කලේය.
ඇමරිකාවේ අභ්‍යන්තර දේශ පාලන කටුයුතු වලට රුසියානු ඇමරිකා සම්බන්ධතා ප්‍රාණ ඇපකරුවෙක් නොවිය යුතු බවද ඔහුගේ අදහස විය.
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…