කාලීන

වෙනිසියුලාවේ මදුරෝගේ මැජික් සූත්තරේ- අලුත් බැංකු නෝට්ටුව

රටේ දැනට පවත්නා උද්ධමනය පහත හෙළීමේ අරමුණෙන් නව බැංකු නෝට්ටුවක් නිකුත් කරන්නට වෙනිසියුලා රජය පසුගිය දා කටයුතු කළේය. නව නෝට්ටුව හඳුන්වා දී තිබෙන්නේ “බොලිවර් සොබෙරානෝ” (Bolivar Soberano) යන නිමිනි. නිකුත් කරන ලද නෝට්ටුවවක වටිනාකම පැරණි බොලිවර් 100,000ක් පමණ වන බැව් පැවැසේ. නව බැංකු නෝට්ටුවේ භාවිතය ඵලදායී තත්ත්වයකට පමුණුවා ගැනීමේ අරමුණ ඇතිව එය නිකුත් කෙරුණු පසුගිය සඳුදා දිනය එරට බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණ.

නව බැංකු නෝට්ටුව | CNN

පැරණි බොලිවර් 2 800 000කට මිල නියම කර තිබුණු ඇතැම් නිෂ්පාදන නව බැංකු නෝට්ටුවට අනුව මිල ලකුණු කර තිබුණේ 28ක් වශයෙනි. මේ අන්දමට මිල වෙනස් කරමින් නව බැංකු නෝට්ටුවේ භාවිතය අනුව කටයුතු කිරීමට හැඩගැසිය යුතු නිසා වෙනිසියුලාවේ ඇතැම් ව්‍යාපාරික ස්ථානත් වසා දමා තිබුණු බවත් සඳහන් වේ.

බැංකු නෝට්ටුව හඳුන්වාදීම සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ පවසා තිබුණේ තම රජය විප්ලවීය සූත්‍රයක් සොයාගෙන ඇති බවකි. භාණ්ඩ නිෂ්පාදනය සහ වැටුප් අගයන් මූලික කරගත් සමාජයේ පිළිසැකසුම එය කේන්ද්‍රණය කරගෙන සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් එහි දක්වා තිබිණ.

එරට රජයට අනතුරු ඇඟවමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා තිබෙන්නේ මේ වසර තුළදී වෙනිසියුලාවේ උද්ධමනය සියයට මිලියනය පසු කරනු ඇතැයි කියාය.

වෙනිසියුලා රජය ගත් නව පියවර විවේචනය කරමින් එරට විරුද්ධ පක්ෂ නායකයකු වන හෙන්රිකිව් කැප්‍රිලෙස් පවසා තිබුණේ රජය “අවසාන ව්‍යසනයටත්” අතගසා ඇති බවකි. රජය සියළු දේ සමඟ සූදු කෙළිමින් ද කිසිදු වග විභාගයක් නැතිව අත්හදා බැලීම් කරමින් ද සිටින බවට හෙතෙම චෝදනා කරයි. කැප්‍රිලෙස්, ජනාධිපති මදුරෝටගේ ක්‍රියා පිළිවෙත විවේචනයට ලක් කරමින් පවසන්නේ ඔහු තම රටේ මිනිසුන් සාගතයකට ඇද දමා ඇති බවකි.

පසුගිය පෙබරවාරියේදී කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති අන්දමට වෙනිසියුලාවේ ජනගහනනයෙන් 90%කට අසන්න ප්‍රමාණයක් දරීද්‍රතාවයෙන් පෙළෙති. ජනගහනයෙන් 60%කට ආසන්න ප්‍රමාණයකට ආහාර ගැනීමට ප්‍රමාණවත් මුදල්වත් නැති බැව් එම සමිෂණයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබිණ.

රටේ ජනයා මුහුණ දී තිබෙන ආර්ථික ගැන අවධානය යොමුකරමින් මදුරෝගේ රජය ක්‍රියාත්මක කරන්නට යන විප්ලවීය සූත්‍රයේ හෙවත් “මැජික් ෆෝර්මියුලා එකේ” මීළඟ අංකය සැප්තැම්බර් පළමුවෙනිදා සිට එරට ජනයාට භුක්ති විඳින්නට ඉඩ ලැබේ. ඒ අනුව එරට වැඩකරන ජනයාගේ අවම වේතනය හැට ගුණයකින් ඉහළ නංවන්නට පියවර ගෙන ඇත. ඒ සඳහා රජය දින 90ක් තුළදී සහය ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු දුන්න ද රටේ ජනතාව කියන්නේ මැජික් ෆොර්මියුලා එකේ මේ අංගය ක්‍රියාත්මක කරන්නට අවශ්‍යය මුදල් නොමැති වනු ඇති බවකි.

ඉක්වදෝර දේශසීමාව වෙත ඇතුල් වීමට රැස්කන වෙනිසියුලානුවෝ | CNN

වෙනිසියුලාව තුළ දැනට පවත්නා ආර්ථික අර්බුධ හේතුවෙන් එරට ජනයා රට හැරයමින් සිටින බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය පවසයි. මේ වසර තුළ පමණක් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් කොළොම්බියාව හරහා ඉක්වදෝරයට සංක්‍රමණය වී ඇත. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

 

පෙර ලිපි

ආර්ථික අර්බුදය උග්‍රවීම නිසා වෙනිසියුලානුවෝ 7% ක් රට හැර යති. 

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

17 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

22 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago