පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ත්‍රස්තවාදය පිළිබඳ වාර්තාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ, එකී වාර්තාව තුළ උතුරු කොරියාව ‘ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන’ රාජ්‍යයක් යැයි සඳහන් ව තිබීම නිසාය.
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය කේසීඑන්ඒ පුවත් සේවය අද (05) දින වාර්තා කර තිබූ පරිදි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ එකී වාර්තාව තුළ උතුරු කොරියාව යනු ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන රාජ්‍යයක් යැයි සඳහන් ව තිබීම එරට පවතින සාහසික න්‍යාය පත්‍රය හා එමඟින් න්‍යෂ්ඨිකකරණය වැළැක්වීම සඳහා එළඹි සාකච්ඡා අවහිර කිරීමට ඇමරිකාවට පවතින අවශ්‍යතාව මනාව පිළිඹිමු කරන බවට උතුරු කොරියාව පවසා තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ඨිකකරණය වැළැක්වීම පිළිබඳ දෙරට අතර පවතින සාකච්ඡා වල ප්‍රගතියක් දක්නු ලැබීමට අකමැති බව උතුරු කොරියාවේ අර්තකථනයයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය ජුනි මාසයේ දී න්‍යෂ්ටිකරණය වැළැක්වීම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එකඟ වීමෙන් අනතුරුව පළමු වරට උතුරු කොරියානු සහ එක්සත් ජනපද නිලධාරීන් සාකච්ඡා පැවැත්වූ මුත් එය අසාර්ථක විණි. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකාවේ උතුරු කොරියානු තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ එකී සාකච්ඡා තුළ ඇමරිකාව සිය නම්‍යශීලීභාවය පෙන්වීමට අපොහොසත් වූ බවයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ වාර්තාව තුළ උතුරු කොරියාව පහත් අන්දමින් අර්තකථනය කර තිබීම මේ බව වඩාත් තහවුරු කර සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන ලද බව කේසීඑන්ඒ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටියි.
පසුගිය නොවැම්බර් 1 දා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද “2018 වර්ෂයේ ත්‍රස්තවාදය පිළිබඳ දේශීය වාර්තාවට” අනුව ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රහකයෙකු ලෙස උතුරු කොරියාව නම් කර තිබිණි. එම වාර්තාව තුළ සඳහන් ව තිබුණේ මෙවැන්නකි:
“DPRK (Democratic People’s Republic of Korea) විදේශ භූමිවල මනුශ්‍ය ඝාතන වලට සම්බන්ධවී ඇති බැවින් DPRK රජය ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ට නැවත නැවතත් සහයෝගය ලබා දී ඇති බව තහවුරු වේ.”
දැනට දෙවසරකට පෙර මැලේසියාවේදී සිදුවූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සොයුරකු යැයි කියන කිම් ජොන් නම් ගේ ඝාතනය පිටුපස සිටින සැකකරුවන් සිව් දෙනා උතුරු කොරියානු ජාතිකයින් බවට මැලේසියානු පොලිසිය විසින් හඳුනාගෙන තිබිණි. එකී ඝාතනය පිටුපස උතුරු කොරියානු දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට විවිධ මාධ්‍ය වාර්තා පළවී තිබිණි. කෙසේවෙතත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් තවමත් සමත් ව නැත.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…