ගොසිප්

ඔලිවියාගේ සැබෑ වූ සිහිනය!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොළයේ ගෙඩියක් හේතුවෙන් සිය ජීවිතයේ වැඩි කාලයක් රසායනික චිකිත්සා ප්‍රතිකාර සඳහා ගත කළ හත් හැවිරිදි ඔලිවියා ටේලර් දැරිවිය බ්‍රිතාන්‍යයේ කැමිලා රැජින සමඟ වින්ඩ්සර් කාසල් මාලිගයේ දී සවස තේ සංග්‍රහයකට එක්ව ඇති අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ කුඩා දැරියට රැජින සමඟ තේ පානය සඳහා වින්ඩ්සර් මාලිගයට ආරාධනා කර ඇත.

මොළයේ ගෙඩියක් ඇති මෙ දැරිය එමඟින් අන්ධභාවයට පත් කර තිබෙන බවද වාර්තා වේ.

ඇයට මෙම ආරාධනාව සිදු කර තිබුණේ, කලින් පටිගත කරන ලද කිංග්ස් නත්තල් කැරොල් වැඩසටහනකට බකිංහැම් මාලිගයේ ගායනා කණ්ඩායමක් සමඟ ඔලිවියා ගී ගායනා කළ බව කැමිලා රැජින දැනගත් පසු බව සඳහන් වේ.

කුඩා දැරියට බිස්කට් එකක් සමඟ මේසයක අසුනක් තිබුණු අතර ඔලිවියා, රැජින විසින් වත් කරන ලද ඇගේ තේ කෝප්පයේ පළමු උගුර බීමෙන් පසු “මම තේ වලට ආදරෙයි” යැයි කීවාය. එයට රැජින පිළිතුරු දෙමින් “ඔහ්, ඔබ තේ වලට ආදරෙයි. ඔන්න ඔබට දැන් ඉඳන් තේ බොන්න පුළුවන් .” යනුවෙනි.

රැජින වෙනුවෙන් කුඩා ඔලිවියා මෙහිදී නත්තල් ගීතයක් ද ගායනා කළාය. මෙම හමුවේ දී ඔලිවියා පැවසුවේ “රැජින හමුවීමට තමා ආශා කළ” බවයි.

ඔලිවියා සමඟ සිව් හැවිරිදි ඇගේ බාල සොහොයුරිය මෙන්ම ඇයගේ පියා සහ මව ද මේ සදහා පැමිණ සිටි අතර රැජිනගෙන් තෑගි රාශියක් ද හිමි වී ඇති බවද වාර්තා වේ.

ඔලිවියාගේ මව වන ලීසා, රැජින හමුවට පැමිණීමට පෙර ඔලිවියාට මාලිගාවේ ඇතැම් දේ පිළිබඳ විස්තර කර තිබුණු බවත්, මේ දරුවන්ට මාලිගාවේ කොටස් ගවේෂණය කිරීමට අද්විතීය අවස්ථාවක් ද රැජින ලබා දුන්නේය. එහි දී නත්තල් ගසක්, පහන් කූඩුවක වීදුරු කොටස්, රාජාභිෂේක භාණ්ඩවල අනුරූ ස්පර්ශ කිරීමට ද කුඩා ඔලිවියාට අවස්ථාව ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share

Recent Posts

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

14 hours ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

17 hours ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

1 day ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

2 days ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

2 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

3 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

4 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

4 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

4 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

4 days ago