පලස්තීනු අධිකාරිය විසින් බටහිර ඉවුරෙහි සිදුවන LGBTIQ ක්‍රියාකාරීන්ගේ අධිවාචන ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
පලස්තීනු LGBTIQ ප්‍රජාව කෙරේ සහයෝගය දක්වන අල්-කෝස් නම් ලිංගිකත්ව හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී විවිධත්වය උදෙසා කටයුතු කරන සංවිධානය මෙම මස අවසානයේ නැබ්ලූස් හි පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනක් පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ එරට බලධාරීන් මෙම පියවර ගෙන ඇත.
අල්-කෝස් සංවිධානය බටහිර ඉවුර හා අරාබි-ඊශ්‍රායල කලාප වල සක්‍රිය මානව හිමිකම් ව්‍යාපාරයක් රැගෙන යන සංවිධානයකි.
එම සංවිධානයේ කාර්යාල පවතින්නේ නැගෙනහිර ජෙරුසලමේ හා හයිෆා ප්‍රදේශයේය.
පලස්තීනු අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලුවේ ස්‍රේයිකත් පවසා සිටියේ මෙම ව්‍යාපාරය මඟින් පවත්වා ගෙන යන කටයුතු පලස්තීනු සමාජයට “හානිකර” හා සංස්කෘතික වටිනාකම “පළුදු” කරන බවයි.
LGBTIQ මානව හිමිකම් ව්‍යාපාර සම්පූර්ණයෙන්ම “ආගම් හා පටහැනි” බවත්, පලස්තීනු සම්ප්‍රදායන් (විශේෂයෙන් නැබ්ලූස් ප්‍රදේශයේ) “විනාශ කිරීමට” හේතුවන බවත් ස්‍රේයිකත් පවසා තිබේ.
එමෙන්ම ස්‍රේයිකත් මෙවන් ව්‍යාපාර තවදුරටත් රැගෙන යන්නේ නම් ඔවුන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට තර්ජනාත්මක ස්වරයෙන් පවසා ඇත.
පලස්තීනයේ LGBTIQ ප්‍රජාවට එරෙහි දිනෙන් දින බුරබුරා දියත් වන වෛරය, කෙණහිලිකම්, හා හිංසනයන් මධ්‍යයේ සමාජ කර්තව්‍යයක් සිදු කිරීමට වෙරදැරූ අල්-කෝස් සංවිධානය එරට අධිකාරිය විසින් ගත් මෙම පියවර පිළිකුලින් යුතුව හෙලා දකිමින් ප්‍රකාශ කර සිටියේ, තම සමාජයේම ජීවත් වන පුද්ගල කොට්ඨාශයක් සක්වල ජීවින් මෙන් සලකා සමාජයෙන් නෙරපා දැමීමට පලස්තීනු බලධාරීන් ක්‍රියාකිරීම ඉතා ඛේදනීය බවය.
අල්-කෝස් යනු 2001 වර්ෂයේ සිට ක්‍රියාත්මක මානව ලිංගිකත්වය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරන, ලිංගිකත්වය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත මිනිසුන් හට සිදුවන වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලට එරෙහිව හඬක් නඟන, හා සැමට සුරක්ෂිත හා සුහදශීලී පරිසරයක් තුළ බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි සමාජයක් බිහිකරලීම සඳහා කටයුතු කරන සංවිධානයක් බව ඔවුහු අවධාරණය කර සිටිති.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.