ලොව යන අත

දූෂණය කර මරා දැමුණු රෝස කැකුළට යුක්තිය

හය හැවිරිදි වියේ පසු වූ සයිනබ් අන්සාරි දැරිය පසුගිය ජනවාරි 4 වැනිදා පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමා තිබිණ. අපරාධකරු දැරියගේ දේහය කුණුගොඩකට විසි කර දමා තිබුණේය. දේහය සොයා ගැනුණේ ඇගේ අතුරුදන් වීමෙන් සිව් දිනකට පසුවයි.

daily-sun-pakistan

මේ අපරාධයට වගකිව යුතුයැයි සැක පිට ඉම්රාන් අලී නමැති විසිහතර හැවිරිදි පුද්ගලයකු ජනවාරි 23දා අත්අඩංගුවට ගන්නා ලදී. ඉම්රාන් නියම අපරාධකරු බව අනතුරුව කෙරුණු ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු විණ. ඉම්රාන් අලීට පසුගිය පෙබරවාරියේ මරණ දඬුවම නියම වූයේය.

ඒ අනුව ලාහෝර් නුවර කොට් ලඛපැට් බන්ධනාගාරයේදී පසුගිය බදාදා උදෑසන ඉම්රාන් අලීව එල්ලා මරා දමනු ලැබූ බව එහි බලධාරීහු ප්‍රකාශයට පත් කළහ.

දූෂක ඝාතකයා ඉම්රාන් අලි

http://cobess.com

ඉම්රාන් අලී එල්ලා මරා දමන අන්දම දැක බලාගැනීමට සයිනබ් අන්සාරි දැරියගේ පියා සහ ඥාතීන් පැමිණ සිටි බව සඳහන් වේ. ඝාතනයට ලක්වුණු දැරියගේ පියා – අමීන් අන්සාරි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ අපරාධකරුට ලබා දුන් දඬුවමෙන් තමන් සෑහීමකට පත්වන බවකි. අපරාධකරු එල්ලා මරා දමන අන්දම රූපවාහිනිය හරහා මහජනයාට දැක බලා ගන්නට ඉඩ සලසා නොතිබීම සම්බන්ධයෙන් තමන් තුළ පසුතැවීමක් ඇති බව අමීන් අන්සාරි වැඩිදුරටත් පවසා තිබිණ. ඉම්රාන් අලීගේ දඬුවම මහජනයා ඉදිරියේ ක්‍රියත්මක කරන මෙන් ඉල්ලා අමීන් අන්සාරි ලාහෝර් මහාධිකරණයට මෙයට පෙර අභියාචනයක් ද ඉදිරි පත් කර තිබුණේය. එම එල්ලීම නිෂ්ප්‍රභා කෙරිණ.

ඉම්රාන් අලී තවත් දැරියන් හය දෙනෙකු මරා දමා ඇති බව නඩු විභාගය අතරතුරදී අනාවරණය විණ. නිදැල්ලේ හිඳිමින් මේ අන්දමට අපරාධකරුවන්ට හිතුමතයේ කටයුතු කරන්නට ඉඩ ලැබී තිබෙන්නේ පොලිසියේ දුර්වල ක්‍රියාකලාපය නිසයි. සයිනබ් අන්සාරි දැරිය අතුරුදහන් වුණු අවස්ථාවේදී ඒ බැව් පොලිසියට දැනුම් දුන්න ද පොලිසිය ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක් වූ බව ඇගේ ඥාතීහු පවසති. කිසිවකු දැරියව රැගෙන යන බව සටහන් වුණු වීඩියෝ දර්ශන පෙළක් ඥාතීන් සොයා ගත් අතර එය සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රසිද්ධ කෙරිණ. දැරියගේ දේහය කුණුගොඩකට විසි කර දමා තිබියදී සොයා ගැනුණේ මේ අතරතුරදී ය.

පාකිස්තානයේ කාසුර් නගරයේදී ගැහැණු දරුවන් කිහිපදෙනෙකුම ඝාතනය කෙරුණු බව සඳහන් වේ. මේ අපරාධ රැල්ලට එරෙහිව පාකිස්තානයේ ස්ථාන කිහිපයකදීම උද්ඝෝෂණ පැවැත් විණ. උද්ඝෝෂකයන් සඳහන් කළේ මෙවැනි අපරාධවලට ඉඩ සැලසෙන්නේ පොලිසියේ අදක්ෂභාවය සහ මන්දෝත්සාහී බව නිසායැයි කියාය.

Share

Recent Posts

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

3 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

5 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

23 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

1 day ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

1 day ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 days ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 days ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

3 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

3 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

3 days ago