එසැණ පුවත්

මගෙ සිංදු ඔහේගෙ දේශපාලන රැළිවල වාදනය කරන්න එපා! – ඇමරිකාවේ ප්‍රකට ගායකයෙකුගෙන් ට්‍රම්ප් ට තහනමක්

මෙයට ආසන්නතම හේතුව බවට පත් වී තිබුණේ, පිට්ස්බර්ග් යුදෙව් දම්සලේ සංහාරය සිදුවී පැය කිහිපයකට පසුව ෆැරල් විලියම්ස්ගේ අති ජනප්‍රිය ‘‘Happy“ ගීතය ඉන්ඩියානා ජනපදයේ පැවති ට්‍රම්ප්ගේ දේශපාලන රැළියකදී වාදනය කිරීමයි.

ෆැරල් විලියම්ස් ඇමරිකාවේ සුප්‍රකටම R&B ගායකයෙකි. කළු ජාතිකයෙක් වන ඔ හු, ට්‍රම්ප්ගේ අන්ත දක්ෂිණාංශික සහ සුදු ජාතිවාදී අදහස් දැඩි සේ ප්‍රතික්ෂේප කරයි. ඔහු මෙම තහනම ඇතුළත් නිවේදනය ට්‍රම්ප් වෙත යවා තිබෙන්නේ සිය නීතීඥවරයා මාර්ගයෙන් විධිමත් ලෙස ය.

‘‘ව්‍යාකූල ‘ජාතිවාදියෙකු‘ විසින් මනුෂ්‍යයන් 11 දෙනෙකු සමූල ඝාතනය කළ දිනයේ ඔබ ඔහුගේ Happy ගීතය ඉන්ඩියානා හි දේශපාලන රැස්වීමක පිරිසක් හමුවේ වාදනය කළේය… සෙනසුරාදා අපේ රටට සිදුවූ ඛේදවාචකය හමුවේ අපට සතුටු වීමට (Happy) කිසිවක් නැති අතර, මේ රැස්වීම සඳහා ඔහුගේ ගීතයක් යොදාගැනීමට ඔබට කිසිදු අවසරයක් ද ලබාදී තිබුණේ නැත.“ යැයි එහි සඳහන් වේ.

පිට්ස්බර්ග් වෙඩි තැබීම | Bergen Record

ට්‍රම්ප්, යුදෙව් දම් සලේ සිදුවූ මෙම වෙඩි තැබීම පිළිබඳ ආරංචි වූ විගස සැහැල්ලුවෙන් ‘විහිළු කතා‘ කියා තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ඉන්ඩියානා රැළියේදී ට්‍රම්ප් මෙම සිදුවීම හෙළා දකිමින් ද යම් ප්‍රකාශ කළ නමුත් ෆැරල් විලියම්ස්, එම සිදුවීමෙන් පසුව තමන්ගේ ගීතය ට්‍රම්ප් වාදීන් පිනවීම සඳහා යොදාගෙන තිබීම සම්බන්ධයෙන් දැඩි සේ උරණ වී ඇති බව පෙනේ.

මේ වන විට ස්ටීවන් ටයිලර්, අඩේල්, නීල් යන්ග්, ද රෝලිං ස්ටෝන් සහ ක්වීන් යන ගායකයන් සහ සංගීත කණ්ඩායම් ද තමන්ගේ ගීත ‘ට්‍රම්ප්ගේ වැඩ‘ සඳහා යොදා නොගන්නා ලෙස දැනුම් දී තිබේ. 2015 වසරේ ජනාධිපතිවරණ රැළි පැවති සමයේ REM ගායක මයිකල් ස්ටීප් පැවසුවේ මෙසේ ය. ‘‘අපේ සංගීතය හෝ මගේ කටහඬ ඔබේ මුද්ධ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා යොදා නොගන්න!“

ට්‍රම්ප් විසින් දුක්බර දිනයක ජනතාව සතුටු කිරීම සඳහා අනවසරයෙන් වාදනය කළ විලියම්ස්ගේ ‘හැපි‘ ගීතය…

[embedyt] https://www.youtube.com/watch?v=ZbZSe6N_BXs[/embedyt]

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

32 mins ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

4 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

4 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

18 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

21 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

21 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

22 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

23 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

23 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

23 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago