එසැණ පුවත්

COVID-19 නිසා චීනයේ HIV සමඟ ජීවත් වන ප්‍රජාව ඖෂධ ලබා ගැනීමේ අරගලයක!

චීනයේ වූහාන් නගරයේ මෙන්ම හුබෙයි පළාත තුළ සිටින දහස් සංඛ්‍යාත HIV සමඟ ජීවත් වන ප්‍රජාව (PLHIV) තම වෛරස ප්‍රතිරෝධී ඖෂධ (Anti-retroviral Treatments) ලබා ගැනීමේ අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

ඒ වත්මන් කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඬපැවැත්වීමේ හා නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය තුළ ඔවුනට නිවෙස් තුළ රැඳී සිටීමට සිදුව ඇති නිසාය.

චීනයේ කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලිය තුළ බොහෝ පුද්ගලයන් හට නිවසින් පිටතට යාමට හෝ රෝහල් වෙත පිවීසීමේ අවස්ථාව ගිලිහී ඇති අතර, දෛනිකව ලබා ගත යුතු HIV ඖෂධ හිඟ වීමෙන් ඒවා නැවත ලබා ගැනීමේ අරගලයක නිරත වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහල් වෙත පිවිසීමට හා ඖෂධ ලබා ගැනීමට විශේෂ අවසරයක් ලබා ගත යුතු හෙයින් මෙම තත්වය ප්‍රජාවක් වශයෙන් HIV සමඟ ජීවත් වන පුද්ගලයන් හට දැඩි සේ බලපා තිබේ.

චීනයේ ජීවත් වන HIV සමඟ ජීවත් වන බොහෝ පුද්ගලයින් තම HIV තත්වය පිළිබඳව විවෘතව කතා නොකිරීම මීට බලපා ඇති ප්‍රධාන හේතුවයි.

මන්ද චීනය තුළ තවමත් HIV ආශ්‍රිත මිත්‍යා මත, වෙනස් කොට සැලකීම් හා කොන්කොට සැලකීම් ක්‍රියාත්මක වන හෙයිනි.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ පුද්ගලයින් පවා පෙනී සිටියේ වෙනත් නම් වලිනි.

.

PLHIV ප්‍රජාවට මෙය බලපාන්නේ කෙසේද?

කොරෝනා වෛරස නිරෝධායනය තුළ තම HIV තත්වය පිළිබඳ විවෘත වීමට අකමැති බොහෝ පුද්ගලයින් ඖෂධ ලබා ගැනීමෙන් තොරව නිවෙස් වලට වී සිටීම ඔවුන්ගේ සෞඛ්‍යයට බෙහෙවින් අනතුරුදායකය.

මන්ද, ඖෂධ මාත්‍රාව නිසි පරිදි නොගැනීම තුළ සිරුර ඖෂධ කෙරේ ප්‍රතිරෝධයක් ගොඩ නැඟීමට ඉඩ තිබේ.

එය HIV සමඟ ජීවත් වන ප්‍රජාවගේ ප්‍රතිශක්තියට බලපාන සේම, වෙනත් රෝග කෙරේ නිරාවරණය වීමේ අවදානමක් ද ඇති කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තියක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු ව ඇති මේ මොහොතේ HIV සමඟ ජීවත් වන ප්‍රජාව තම සෞඛ්‍යය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.

ඖෂධ හිඟ වීම මත තම සිරුරේ වෛරස ප්‍රමාණය සම්පින්ඩනය (viral load suppression) කිරීම අක්‍රමවත් වන අතර එමඟින් වෛරසය වර්ධනය වීමට මෙන්ම විකෘති ඇතිවෙමින් ඖෂධ හමුවේ පාලනය නොවීමට ද ඉඩ තිබේ.

මේ පිළිබඳ විදෙස් මාධ්‍ය වෙත තොරතුරු හෙලිදරව් කළ පුද්ගලයින් චීන බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේ මෙම තත්වය සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

ඒ අනුව HIV සමඟ ජීවත් වන ප්‍රජාව ගේ අනන්‍යතාවද ආරක්ෂා වන අන්දමින් නිසිපරිදි ඖෂධ ලබා දීමට කටයුතු කරන මෙන් ඔවුහු සමස්ත ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිති.

චීනයේ මේ වන විට HIV සමඟ ජීවත් වන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1.25 පමණ වන බව පැවසේ.

ඉන් 20,000 පමණ ජීවත් වන්නේ හුබෙයි පළාතේ ය.

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 hour ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

4 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago