එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සවුදි අරාබියේ කිරුල හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු හමුවී තිබේ.
එහිදී පොම්පියෝ ප්‍රකාශ කර ඇත්තේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම හමුවේ ඇමරිකාව සවුදි අරාබිය සමඟ සිටිනා බවයි.
පොම්පියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සවුදි අරාබියේ ස්වයං ආරක්ෂක අයිතිය (right to defend itself) වෙනුවෙන් ඇමරිකාව පෙනී සිටින බවටත්, ඉරානයේ ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත නොකරන බවටත් ය.
පසුගිය දින සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ගෝලීය තෙල් සැපයුම් දාමයේ ප්‍රභල චලනයක් ඇති කිරීමට සමත් වූ අතර, මේ සම්බන්ධයෙන් සවුදි රාජ්‍යය ජාත්‍යන්තර විශේෂඥ සහය පැතීම අගයන බවට පොම්පියෝ ප්‍රකාශ කර සිටියේය.
පොම්පියෝ දිගින් දිගටම චෝදනා කර සිටියේ ඉරානය මෙම ප්‍රහාරයට සෘජුවම වග කිව යුතු බවය. එහෙත් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්තේ ඉරාන අනුග්‍රහය සහිත යෙමනයේ හවුතිවරුන් බවට වාර්තා වේ.
පොම්පියෝ හා මොහමඩ් බින් සල්මාන් කුමරු අතර පැවති හමුවේ දී සල්මන් කුමරු අවධාරණය කර සිටියේ සවුදියට එල්ල කළ මෙම ප්‍රහාරය එරට කලාපීය ආරක්ෂාවට සිදුකළ ප්‍රභල තර්ජනයක් බවත් ගෝලීය ශක්ති සැපයුම් දාමය හා ආර්ථිකයට ප්‍රභල බලපෑමක් එල්ල කළ බවය.
කෙසේවෙතත්, සවුදි රාජ්‍යයට එල්ල වූ මෙම ප්‍රහාරය පිළිබඳ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට දෙදිනකට පෙර ප්‍රකාශ කර සිටියේ එය ගෝලීය තෙල් සැපයුම් දාමයට එතරම් බලපෑමක් එල්ල නොකළ බවය.
ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව සැමවිටම සන්නද්ධව ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටිනා බවයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.