ප්‍රවීණ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයකු වන මනි රත්නම්ගේ නව සිනමා සිත්තම “පොන්නියින් සෙල්වන් (Ponniyin Selvan)” නමින් භාරතය ගිනියම් කරමින් මේ දිනවල ප්‍රේක්ෂකයා ඇඳබැඳ තබා ගැනීමට සමත්ව ඇත. දමිළ වීර කාව්‍යයක් පදනම් කරගෙන නිම වූ මෙම අග්‍රගන්‍ය නිර්මාණය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලා තිබේ.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයකු මත පදනම් වූ මෙම සිනමා සිත්තම දමිළ බසින් මෙතෙක් ලියැවුණු විශිෂ්ටතම නවකතාව ලෙස බොහෝ දෙනාගේ මතයයි.
9 වැනි සියවසේ සිට 13 වැනි සියවස දක්වා දමිළ දේශය පාලනය කළ චෝල රාජවංශයේ රාජරාජ චෝළ හෙවත් රජුන්ගේ රජු පිළිබඳව ඉස්මතු කරමින් නිම වූ මෙම නිර්මාණය, රාජරාජ චෝල රාජවංශය මනාව ඉස්මතු කරයි.
මොහු හෙවත් රාජරාජ චෝල, චෝල රාජවංශයෙහි පළමුවැන්නා නොවූ නමුත් ඔහු ඔවුන්ගේ අධිරාජ්‍යයේ සාර්ථකම පාලකයෙකි.
සාපේක්ෂව කුඩා රාජධානියක සිට ඉන්දියාවේ ප්‍රමුඛ අධිරාජ්‍යයක් බවට චෝල රාජවංශය ගෙන යාමට ඔවුන්ගේ දේශපාලන බලපෑම ශ්‍රී ලංකාව, මාලදිවයින, සුමාත්‍රා, තායිලන්තය සහ මැලේසියාවේ සමහර ප්‍රදේශ පුරා පැතිර ගිය අතර ඔවුහු චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද පැවැත්වූහ.
“පොන්නියින් සෙල්වන් (Ponniyin Selvan)” නම් ඩොලර් මිලියන 70ක් පමණ වැය කර නිර්මාණය වූ මෙම තරු පිරුණු චිත්‍රපටය, පොන්නියින් සෙල්වන්ගේ සිංහාසනාරූඪ වීම, එහිදී ඇතිවන කුමන්ත්‍රණ, ඝාතන සිදුවීම් වටා භ්‍රමණය වේ.
මෙය ප්‍රවීණ නළු නිළියන් රාශියක සුසංයෝගයකි. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ජයම් රවී ය. මෙහි දී සිංහාසනය කරා ගමන් ගන්නා මාර්ගයේදී උපායශීලීව නායකත්වය දෙන්නේ බලසම්පන්න සහ වංශවත් කාන්තාවක් වන නන්දිනී (සුපිරි බොලිවුඩ් නිළි: අයිශ්වර්යා රායි බච්චන්) විසිනි. ඇගේ හිටපු පෙම්වතා සහ ඔටුන්න හිමි කුමරු ලෙස සම්මානලාභී නළු ‘වික්‍රම්’ චරිතයට පණ පොවයි. මීට අමතරව නන් අයුරින් කාර්ති, ට්‍රිශා ක්‍රිශ්නන්, අයිශ්වර්‍යා ලක්ශ්මි, ප්‍රකාශ් රාජ්, ප්‍රභූ ආදී බොහෝ පිරිසක් මෙම නිර්මාණය හැඩ ගැන්වීමට දායක වී සිටී.
මෙම නිර්මාණයෙහි ඇති නර්තනාංග, සටන් ජවනිකා, අශ්වාරෝහකයන්ගේ හැසිරීම්, අලි සමඟ පොර බැඳීම් ආදිය චිත්‍රපටයට නැවුම් රාජකීය ජීවයක් ගෙන එනු ඇත.
මනි රත්නම් විසින් කොටස් පහකින් යුත් නවකතාවක් වන මෙය කොටස් දෙකකට අනුවර්තනය කිරීම ගැන විචාරකයින්ගේ පැසසුමට ලක්විය. දෙවන කොටස ලබන වසරේ නිකුත් කිරීමට නියමිත බවත් දන්වා සිටී.
“පොන්නියින් සෙල්වන්” අතීත වීර කාව්‍ය ග්‍රන්ථ කුඩා දරුවන්ගේ දැනගැනීමට පමණක් නොව එයට අලුත් රහක් ලබා දෙමින් සිනමා සිත්තමකට හැරවීම තුළින් ලොකු කුඩා සියලු දෙනාගේ ආකර්ශනය වීර කාව්‍ය නිර්මාණයන්ට ලබා ගැනීමට මුල් වූ විශිෂ්ට නිර්මාණයකි.
Nipuni Liyanage
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…