පුවත්

පාපය සමරිසිභාවය නොව සමරිසියන්ට එරෙහි නීති පැනවීමයි: සමරිසි විරෝධී නීති කෙරේ පාප්තුමා සහ ඇන්ග්ලිකන් නායකයන්ගේ අප්‍රසාදය!

සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්කරන නීති හෙළා දකිමින් අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමා සහ ඇන්ග්ලිකන් දේවස්ථාන විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් සිදුකර ඇති බව වාර්තා වේ.

පාප්තුමා සහ ඇන්ග්ලිකන් දේවස්ථාන විසින් ඊයේ (05) දින එකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවීමේදී උන්වහන්සේ අවධාරණය කර තිබෙන්නේ සමරිසි ප්‍රජාවට එරෙහි නීති පැනවීම වැරදි බවත්, පාපය වන්නේ මෙවන් නීති බවත් එය අයුක්තිය සංකේතවත් කරන බවත් ය.

මෙම මාධ්‍ය හමුව පවත්වා තිබෙන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමා ඊයේ දින දකුණු සුඩානය වෙත සිදුකළ සංචාරයකින් අනතුරුවය.

එමෙන්ම, සමරිසි නැඹුරුතා ඇති පුද්ගලයන් දෙවියන් වහන්සේ ගේ දරුවන් බවත්, ඔවුන්ගේ පල්ලිය විසින් ඔවුන් පිළිගත යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රකාශය කැන්ටර්බරි හි අගරදගුරුතුමන්, ගෝලීය ඇන්ග්ලිකන් දේවස්ථානයේ ප්‍රධානීතුමන් සහ ස්කොට්ලන්ත දේවස්ථානයේ ප්‍රධානීතුමන් විසින් අනුමත කර ඇති අතර, යුද්ධයෙන් පීඩාවට පත් දකුණු සුඩානය වෙත ෆ්‍රැන්සිස් පාප්තුමන් සිදුකළ සංචාරයේ දී එම ආගමික නායකවරුන්ද ඊට සහභාගී වී ඇත.

ආගමික සම්ප්‍රදායන් තුනක ආගමික නායකයන් විසින් මෙවන් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන්.

මේ අතර, යේසුස් වහන්සේ තමා හමුවට එන ඕනෑම පුද්ගලයකුට ප්‍රේමය ප්‍රකාශ කිරීම හැර වෙනත් දෙයක් සිදුකර ඇති බවට ශුභාරංචි සතරේ දක්වා ඇති බවට තමා අසා නැති බවත්, කිතුනුවන් වශයෙන් ඕනෑම මිනිසකුට ඕනෑම තත්ත්වයක් යටතේ අප සැමට ලබා දිය හැකි එකම ප්‍රකාශය එය බවත්, ස්කොට්ලන්ත පල්ලියේ නායකතුමන් පැවසූහ.

එමෙන්ම, සමරිසි යුවළයන්ට සිවිල් ඒකක පිහිටුවා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බව ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා ඇති අතර, කතෝලික සභාවට සමරිසි විවාහය අනුමත කිරීමට හැකියාවක් නොමැති මුත්, සමරිසි යුවළයන් පිහිටුවා ගන්නා සිවිල් ඒකකවලට සමාන ආරක්ෂාව ලබාදෙන නීතිවලට සහාය ලබා දීමේ හැකියාව පවතින බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

එමෙන්ම, සමලිංගිකත්වය තහනම් කරන නීති පැවතීම නොසළකා හැරිය හැකි කරුණක් නොවන බව පෙන්වා දුන් පාප්තුමා, මෙලොව රටවල් 50 ක් පමණ විවිධ ලිංගික අනන්‍යතා සාපරාධීකරණය කරන අතරතුර, රටවල් 10 පමණ ඊට මරණ දණ්ඩනය පවා ලබා දෙන බවත්, වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 66 ක් සම්මුතිගත සමරිසි සබඳතා සාපරාධීකරණය කරන බවත් අනාවරණය කළහ.

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

6 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

6 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

7 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

8 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

8 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

8 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

11 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

13 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

1 day ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

1 day ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

1 day ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago