එසැණ පුවත්

තිරිසනුන් 8 දෙනෙක් ගැබ්ගත් එළු දෙනක දූෂණය කරලා!

ජූලි 25 වැනිදා මෙම එළුදෙන ගාලෙන් අතුරුදන් වී ඇති බවට අස්ලු නමැති ඇගේ ස්වාමියා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

මෙම අපරාධය සිදුකරන අවස්ථාවේදී පෙර කී තිරිසනුන් 8 දෙනා බීමත් ව සහ මත්ද්‍රව්‍ය ගෙන සිටි බව ද පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

සැකකරුවන් 8 දෙනා අතරින් තුන් දෙනෙක් මේ වන විට ද හඳුනාගෙන ඇති නමුත් සියලු දෙනා ප්‍රදේශයෙන් පළාගොස් සිටිති.

මෙම සිද්ධිය වාර්තා වන්නේ හරියානා ප්‍රාන්තයේ මීවත් දිස්ත්‍රිකක්යෙනි.

මියගොස් සිටි ගැබ්බර එළුදෙන Photo: ANI

සැකකරුවන්ට විරුද්ධව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ (IPC) 34, 377 සහ 429 වගන්ති යටතේ ද 1960 සත්ව හිංසන පනතේ 11(1)(a) සහ (l) යටතේ ද දැනටමත් චෝදනා පත්‍ර ද ගොනු කර තිබේ.

එළුදෙනගේ හිමිකරු පොලිස් පැමිණිල්ල අතැතිව Photo: ANI

ඉන්දියාවේ සත්ව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙන්නේ මෑත කාලයේදී සතුන් කෘෘරත්වයට පත් කර උන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැරීම අධික ලෙස වැඩි වී තිබේ.

මේ අතර ගැහැණු සතුන් දූෂණය කිරීම කෙසේ වෙතත්, ස්ත්‍රී දූෂණ අතින් ඉන්දියාව සිටින්නේ ලෝකයේ අංක 1 ය.

විශේෂයෙන්ම හරියානා ප්‍රාන්තයෙන් පසුගිය දිනවල සමූහ ස්ත්‍රී දූෂණ වාර්තා වීම අතිශයින් වැඩි වී තිබේ. මෙවැනි සිදුවීම් මේ වනවිට ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරමින් සිටින්නේ ‘තවත් හරියානා සංත්‍රාසයක්‘ (Another Haryana Horror) යනුවෙනි. මේ සිදුවීම්වලදී දැකගත හැකි පොදු නිරීක්ෂණයක් බවට පත්ව තිබෙන්නේ ස්ත්‍රී දූෂණයෙන් පසුව ඇයව එක්කෝ මරා දැමීමයි. නැතිනම් අංගවිකලාභාවයට පත් කිරීමයි. ජූලි මස 20 වැනිදා හරියානා ප්‍රාන්තයේ පංචකූලා ප්‍රදේශයෙන් වාර්තා වූ එවැනි එක් සිදුවීමකදී රැකියාවක් සොයා යමින් සිටි විවාහක කාන්තාවක පිරිමින් 40 දෙනෙක් එකතු වී දූෂණය කරමින් තානායකම කාමරයක් තුළ පුරා දින 4 ක් සිරකරගෙන සිටි පුවතක් වාර්තා විය. ඇගේ දූෂකයන් කණ්ඩායම් කිහිපයක් ලෙස වරින් වර පැමිණෙමින් ඇයව පැය 24 පුරාම දූෂණය කර තිබුණේ අති අමානුෂික අන්දමිනි.

ඉන්දියාව ලෝකයේ ගැහැණියක වී ඉපදීමට තිබෙන නරකම ස්ථානය වශයෙන් ශ්‍රේණිගතකිරීම් ගණනාවක දැක්වේ. දැන් පෙනී යන්නේ ඉන්දියාව නොහොත් ‘බුදුන් උපන් දේශය‘ ගැහැණියක වී පමණක් නොව ‘ගැහැණු සතෙකු‘ වී ඉපදීමටවත් සුදුසු රටක් නොවන තැනට පත්ව ඇති බවයි.

සැබවින්ම ගැබ්බර එළුදෙනක කාමාතුරන් 8 දෙනෙක් විසින් දූෂණය කර මරා දැමීම විසින් කියා සිටින සමාජ ඛේදවාචකය කුමක්ද?

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

13 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

17 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

17 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

18 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

18 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

19 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

19 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

21 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

23 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

3 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

3 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago