ජෝර්ජ් කුමරුගේ වගතුග දැනගන්න වගේම ඔහුගේ අලුත්ම ඡායාරූපයක් දැක ගන්න මිලියන සංඛ්‍යාත පිරිසක් ලෝ පුරා බලා සිටිති.
ඒ අයගේ සිත් අමන්දානන්දයට පත් කරමින් කේට් කුමරියත්, විලියම් කුමරුත් ඡායාරූපයක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණාහ. මේ ඡායාරූපය මුදා හැර මිනිත්තු ගණනක් යන්නට පළමුව ලොව නන් දෙසින් ඊට ශුභවාදී ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තේ ය.
මෙම ඡායාරූපය ගෙන තිබුණේ ක්ලැරන්ස් මාලිගය පසුපස ඇති ගඩොලු බිත්තියක් ජෝර්ජ් කුමරුට පසුබිම හැටියට සිටින පරිදී ය. කුමරු ඡායාරූපයට පෙනී සිට තිබුණේ ඔහුගේ මලනුවන් වන ලුවී කුමරු භෞතිස්ම කළ අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුමෙනි.
මේ නිසා එම ඡායාරූපය ගන්නට ඇත්තේ ද ලුවී කුමරු භෞතිස්ම කළ දිනයේම වන්නට පුළුවන.
ඒබැව් කෙසේ වුවත් ජෝර්ජ් කුමරුගේ ඡායාරූපය ගැන අදහස් පළ කරන බොහෝදෙනෙකු කියන්නේ ප්‍රකට කලාකරුවන් කිහිප දෙනෙකුත් ජීවිතයේ විවිධ අවස්ථාවලදී මේ අන්දමේම ඡායාරූප ගෙන ඇති බවකි. එනම් ගඩොලින් කළ බිත්ති පසුබිමට සිටින පරිදී ය. නැසීගිය පොප් ගායක මයිකල් ජැක්සන් ළමා කළ එබඳු ඡායාරූපයක් ගෙන තිබිණ. ඇමෙරිකාවේ රමෝනීස් සහ බ්‍රිතාන්‍යයයේ පින්ක් ෆ්ලොයිඩ් ගායක කණ්ඩායම් ද “තරු පන්තියේ” යැයි කියන මේ අන්දමේ ඡායාරූප ගෙන ගෙන ඇත. එපමණක් නොව තරු පන්තියට සීමාවුණු ඒ කලාව දැන් බ්‍රිතාන්‍යය රජ ගෙදර රාජකීයයන් අතටත් පත්ව තිබේ. එකී හපන්කම කර තිබෙන්නේ අනෙකකු නොව විලියම් කුමරුගේත් කේට් කුමරියගේ පෞද්ගලික ඡායාරූප ශිල්පී මැට් පෝර්ටියස් ය.
ජෝර්ජ් කුමරුගේ ඡායාරූපය දකින බොහෝ දෙනෙක් කුමරුගේ ඇඳුම් කට්ටලය ගැන කතා කරන්නටත් අමතක නොකරති. කෙට් කුමරිය, ජෝර්ජ් කුමරු බිළිඳු අවධියේ සිටම සැරසුවේ එකම සන්නමක් යටතේ නිමැවෙන ඇඳුම් කට්ටලවලිනි. මේ නිසා එකී සන්නාම යටතේ නිෂ්පාදනය කෙරෙන ඇඳුම්වලට පුදුමාකාර අලෙවියක් ඇති වී තිබේ. කුමරුගේ පස්වැනි උපන්දිනය නිමිත්තෙන් නිකුත් කළ ඡායාරූපය නිසා ඒ අලෙවිය තවත් ඉහළ යනු ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ජෝර්ජ් කුමරුට උපරිම ආරක්ෂාවක් යටතේ වැඩෙන්නට අවශ්‍යය පසුබිම විලියම් කුමරුත්, කේට් කුමරියත්සකසා ඇතිවාට සැකයක් නැත. එපමණක් නොව කුමරුගේ පෞද්ගලිකත්වය රැක දීමටත් මේ දෙමව්පියෝ දෙදෙනා බොහෝ වෙහෙස වෙති.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…