ඉරානයේ දිනෙන් දින උත්සන්න වන ආණ්ඩු විරෝධී විරෝධතා හමුවේ එරට නායක අති උතුම් අයතුල්ලා අලි ඛමේනි විසින් විධානය ලබා දුන්නහොත් ජාතික මට්ටමෙන් එකී විරෝධතා මර්දනයකර දැමීමට කටයුතු කරන බව එරට හමුදාව පවසයි.
ඉරාන නායකතුමා විසින් නිසි විධානය ලබා දුන්නහොත්, ඉස්ලාම් ජනරජය තුළ කැරලිකරුවන්ට ඉඩක් ලබා නොදෙන බවත්, දැඩි තීරණයකට එළඹ ක්‍රියාකරන බවත් එරට යුධ හමුදා පාබල අණදෙන නිලධාරී කියුමාර්ස් හේදාරි ඊයේ (08) දින පැවසූ බවට ඉරාන රජයට හිතවාදී මාධ්‍ය ආයතනයක් වන මෙහ්ර් වාර්තා කර සිටියි.
එම පුවත් සේවය වාර්තා කරන අන්දමට, මේ සඳහා අවශ්‍ය වන්නේ ඉරානයේ අති උතුම් නායකතුමාගේ විධානය පමණක් බවත්, එකී විධානය හමුවේ දීප ව්‍යාප්තව කැරළි මර්දනය කර දැමීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබේ.
ඉරානයේ සදාචාර පොලීසිය (morality police) විසින් බුර්කාව නිසි පරිදි පැළඳ නොසිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 22 හැවිරිදි කුර්දි-ඉරාන ජාතික කාන්තාවක් වන මාහ්සා අමීනි ගේ අභිරහස් මරණය සමඟ මෙම ජන අරගල උත්සන්න වූ අතර, මෙම ජන විරෝධතා මෑත ඉරානයේ හටගත් විශාලතම විරෝධතා ව්‍යාපාරය බවට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අයතුල්ලා අලි ඛමේනි ඉරාන නායකවරයා පවසා සිටියේ ඉරානයේ නවමු ව්‍යාපෘති සහ සංවර්ධන ශ්‍රේෂ්ඨත්වය අඩපණ කිරීමට සතුරා විසින් නිර්මාණය කරන ලද බොළඳ කැරැල්ලක් බවයි.
මේ වන විට ඉරාන ජන අරගල මර්දනය කිරීම හමුවේ පුද්ගලයන් 270 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 1,400 කට අධික පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවත් වාර්තා වේ.
ඡායාරූප: Sky News
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…