රුසියාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ වීමට උත්සාහ දරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 2022 අප්‍රේල් මාසයේදී රුසියාව මානව හිමිකම් කවුන්සිලයෙන් අත්හිටුවන ලද අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින් 93 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, 24 දෙනෙකු විපක්ෂව සහ 58 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
රුසියාව මෙවර නැවත තුන් අවුරුදු ධුර කාලයක් සඳහා නැවත කවුන්සිලයට සම්බන්ධ වීමට උත්සහ දරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෙදා හරින ලද රුසියානු ස්ථාවර පත්‍රිකාව පවසන්නේ මානව හිමිකම් ගැටළු සඳහා ප්‍රමාණවත් විසඳුම් ලබා දීමට උත්සහ කරන බවයි. ඒ අනුව ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට නියමිත මීළඟ මැතිවරනයේදී, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල් සඳහා වෙන් කර ඇති කවුන්සිලයේ ආසන දෙක සඳහා රුසියාව ඇල්බේනියාව සහ බල්ගේරියාව සමඟ තරඟ කරනු ඇත.
මෙම ඡන්දය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින් 193 දෙනාම සම්බන්ධ වන අතර එහි සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් කියා සිටින්නේ රුසියාව ආක්‍රමණශීලී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් කුඩා රටවලට ඔවුන්ගේ ඡන්දය වෙනුවෙන් ධාන්‍ය සහ ආයුධ පිරිනමන බවයි.
මානව හිමිකම් කවුන්සිලයට නැවත එක්වීමට රුසියාවේ උත්සාහයට තමන් “දැඩි ලෙස විරුද්ධ” බව එක්සත් රාජධානිය ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති එරික් මෝස් පැවසුවේ රුසියාණු හමුදාව විසින් වධහිංසා පැමිණවීම්, ස්ත්‍රී දූෂණ සහ සිවිල් වැසියන්ට පහරදීම ඇතුළු යුද අපරාධ පිළිබඳ අඛණ්ඩ සාක්ෂි පවතින බවයි.
එක්සත් ජාතීන්ගේ වොච්, මානව හිමිකම් පදනම සහ මානව හිමිකම් සඳහා වන රාවුල් වොලන්බර්ග් මධ්‍යස්ථානය යන ප්‍රචාරක කණ්ඩායම් තුනක් විසින් මේ මාසයේ නිකුත් කළ වාර්තාවකින් රුසියාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය සඳහා නුසුදුසු බව නිගමනය කර ඇත.
සශිකලා මධුෂාණි
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.