රුසියාවේ ලූකොයිල් නම් දැවැන්ත තෙල් සමාගමේ සභාපති රවිල් මගනොව් මොස්කව් නුවර රෝහලක ජනේලයකින් වැටී මියගොස් ඇතැයි වාර්තා වේ.
සමාගම විසින් ඔහුගේ මරණය තහවුරු කර ඇති අතර දරුණු රෝගාබාධයකින් පසු අභාවප්‍රාප්ත වූ බව ඔවුන් පවසා ඇත. රවිල් මගනොව් මිය යන විට 67වන වියේ පසු වූ අතර ලුකොයිල් සමාගම ලොව විශාලතම බලශක්ති සමාගමක් බවට පරිණාමය වූයේ මගනොව්ගේ කළමනාකාරිත්වයේ දක්ෂතා මත බව නොරහසකි.
මරණය සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ රවිල් මගනොව් මොස්කව්හි මධ්‍යම සායනික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර තුවාල හේතුවෙන් මිය ගිය බවයි. ඔහු මිය ගිය ආකාරය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන බලධාරීන් කටයුත් කරමින් සිටියි. Tass ප්‍රවෘත්ති ඒජන්සිය මූලාශ්‍ර උපුටා දක්වමින් කියා සිටියේ ඔහු හයවන මහලේ ජනේලයකින් වැටී ඇති බවත් පසුව ඔහු සියදිවි නසාගත් බවයි.
මෑත මාසවලදී රුසියානු බලශක්ති අධිකාරීවරුන් කිහිප දෙනෙකු අසාමාන්‍ය තත්වයන් යටතේ මිය ගොස් ඇත.
කෝටිපති Novatek හි හිටපු කළමනාකරු Sergei Protosenya ගේ සිරුර ඔහුගේ බිරිඳ සහ දියණිය සමඟ අප්‍රේල් මාසයේදී ස්පාඤ්ඤ නිවාඩු නිකේතනයකින් සොයා ගන්නා ලදී. එමෙන්ම Gazprombank හි හිටපු උප සභාපතිවරයෙකු වන Vladislav Avayev, ඔහුගේ බිරිඳ සහ දියණිය සමඟ මොස්කව්හි පිහිටි ඔවුන්ගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී හමු විය. මැයි මාසයේදී, රුසියාවේ විශාලතම පුද්ගලික සමාගමක් වන ලුකොයිල්හි අධිපති ඇලෙක්සැන්ඩර් සබ්බොටින් මිය ගිය යන ලදි. මෙම අධිකාරීවරුන්ගේ මරණ අත්ශයින්ම වියවුල් සහගතය.
සශිකලා මධුෂාණී_
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…